අද තිවීල් එකේ එනකොට රියදුරු මහත්තයා කතාවට වැටුණා .මට හමු වූ තිවීල් රියදුරු මහත්වරුන්ගෙන් සියයට අනුනමයක්ම උග්‍ර මහින්දවාදීන් .මේ මනුස්සයා නැග්ගවෙලේ ඉදන් රනිල්වයි සිරිසේන ලොක්කටයි පතුරු යන්න බනිනවා .මේ වගේ කට්ටිය හම්බු උනාම මාත් උන්ගෙන් උපරිම ආතල් එක ගන්නවා .මාත් උත් එක්ක සෙට් වෙලා උග්‍ර මහින්දවාදියෙක් වගේ යහපාලනේ පතුරු අරිනවා මේ මනුස්සයා කියනවා මහින්ද මහත්තයා මොනවා කලත් රට සංවර්දනය කලා මුන් මොනවාද කරන්නේ ඒ මනුස්සයා හිටියනම් අද මේරට සුර පුරයක් .හැබැයි ගෝටාබය මහත්තයා එනවා ෂුවර් එය ඇවිල්ලා රට ටිප් ටොප් එකට ගොඩ දානවා .මුන් නපුනසකයෝනේ .කොන්ද පණනැති කලකන්නිනේ .මම දන්නවා මේ මිනිස්සුම ගෝටාබය මහත්තයා රටේ නායකයා වෙච්ච දවසට කියනවා .මොනවා උනත් යහපාලනේ තියන කාලේ මෙහෙම බයක් තිබුනේ නෑනේ .අපි කට ඇරලා රනිල් මහත්තයට මයිත්‍රේ මහත්තයට බැන්නනේ .දැන් කොහෙද එහෙම නිදහසක් .අඩු ගානේ ඒ කාලේ අපි බය නැතුව පාරට බැහැලා පිකට් කලා වර්ජන කලා දැන් කොහෙද ඒවා .කියන දේ පිලි අරගෙන කටයි ...කයි වහගෙන ඉන්න වෙලා තියෙන්නේ .උන් සැප විදිනවා අපි දුක් විදිනවා .මම උවද දැන් බය නැතිව සිරිසේන මහත්තයාව රනිල් මහත්තයාව පතුරු යන්නට විවේචනය කරමි .ඒ ගැන කිසිදු බියක් මට නැත .නමුත් එකල මහින්ද මහත්තයා ගැන විවේචනයක් විහිළුවක් කරණ විට දෙපාරක් හිතුවේය .කියවන්නොද බලන්නොද ...උබට බය නැද්ද කියා ඇසුවෝය .පරිස්සම් වෙයන් කියා කිවෝය.හැබැයි දැන් මයිත්‍රී මහත්තයාව පතුරු යන්නට විවේචනය කරණ විට උපහාස කරණ විට බලාගෙන පරිස්සමින් කියා එකෙකුවත් කියන්නේ නැත.මිනිසුන්ට ඒ බය උවමනාය .උපන්දා සිට අප ජීවත් වන්නේ බයෙන්ය .එක්කෝ තාත්තට බයය. ඉස්කෝලේ විදුහල්පති තුමාට ගුරුවරුන්ට බයය .වැඩ කරණ තැන ලොක්කන්ට බයය .බස් එකට නැග්ගවිට කොන්දොස්තරට බයය .අපිට කුඩා කල බත් කවන්නේද ගෝනී බිල්ලාට බය කරය. ආදරේ කරන්නේත් බයෙන්ය .කසාද බැද ජීවත් වන්නේත් බයෙන්ය කොයිවෙලේ තමන් සතුදේ අනේකා පැහැර ගනීවිදැයි බියෙන් ජීවත් වෙයි.ආගමට බයය.ජාතිය විනාශවෙයි කියා බයය.ඒනිසා වැඩිවැඩියෙන් පැටවු ගැසිය යුතුය රස්සාව කරනවිට තමන්ගේ රැකියාවට අනෙකා කොයි වෙලාවේ කෙලිද කියා බයය .ඒ නිසා කේලම් ගොටු ඇල්ලීම් පාවාදීම් සුලබය සෙක්ස් වලට බයය .එක්කෝ ගෑනිට බයය. නැත්නම් මිනිහට බයය අනියම් සම්බන්ද කම් පැනි හැලීම් මාට්ටු වෙයි කියා බයය .කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් යාළු වෙන්න අහන්නේද බයෙන්ය . .දෙවියන්ට බයය .අපා ගතවෙයි කියා බයය විභාග වලට බයය .කැම්පස් යන්නේද රැග් කරයි කියා බයෙන්ය කන්නේ බොන්නේත් ලෙඩවෙයි කියා බයෙන්ය .ග්‍රහ තරු අපල වලට බයය .ඉන්ටර්නෙට් යන්නේද ඩේට කැපයි කියා බයෙන්ය. පාරේ යන්නේද හප්පයි කියා බයෙන්ය .දඩ ගහයි කියා බයෙන්ය එවන් සමාජයක් සෑම විටම බය වීමට දෙයක් සොයයි .බය වීමට සුපිරි වස්තුවක් ලැබී තිබේ අපි ගෝටාබය මහත්තයා ට රට බාරදී අපේ බය සම්පුර්ණ කරගමු. ගෝටාබය මහත්තයා ට හැමෝම කැමති වෙන මොන බම්බුවක් හින්දවත් නෙමෙයි අපිව එතුමාට හොදටබය කරන්න පුළුවන් හින්ද
Comments
Post a Comment