Skip to main content

Posts

Showing posts from September, 2017

බුදු දහමට අත නොතබනු... සිල්රෙදි වීරයෝ නිදහස් කරනු

  “ලලිත් මහත්තයා උඹට දීපු සිල්රෙද්ද ගනින් මෙහාට...   කියා පිංහාමි කෑගසන විට, “ඔහේට පිස්සුද? මට ඔය මොන මහත්තයෙක්වත් සිල්රෙදි අරන් දීලා නෑ යකෝ... මෙච්චර කල් එකට ජීවත් වෙලා කොහෙද යන මිනිස්සු මට ජෝඩු කරන්නේ... මේ අහගන්නවා අපි හොඳ වැදගත් පවුල්වල වැදගත් විදිහට හැදිච්ච ගෑනු... සිල්රෙද්දට මාව රවට්ටන්න බෑ හරිද?* කියා හාමිනේ පිංහාමිට බණින විට,   “මේ මොනවද මේ කියන්නේ... මම ඇහුවේ ලලිත් මහත්තයයි, අනූෂ මහත්තයයි උඹට දීපු සිල්රෙද්ද කෝ කියලා...   “ඒ පාර මේ මිනිහා අනූෂ කියලා තව මිනිහෙක් ජෝඩු කළා... ඔහේට නම් හොඳක් වෙන්නේ නෑ... ඔය කටට හෙණ ගහනවා. පතිවත රැකගෙන ඉන්න මට ලලිත්ලා... අනූෂලා ජෝඩු කරනවට* කියා හාමිනේ ඇඬුවාය. “දැන් එතකොට ලලිත් මහත්තයයි, අනූෂ මහත්තයයි දීපු සිල්රෙද්ද උඹ ළඟ නෑ...?   “අනේ මම ඕනේ තැනක දිවුරන්නම් ඔය කියන මහත්තුරු මට සිල්රෙද්දක් තායා සත දහයේ සීනි බෝලයක්වත් අරගෙන දීලා නෑ... හැබැයි අපේ මහින්ද මහත්තයා ඡන්දෙ කාලේ දීපු සිල්රෙද්දක් නම් තියෙනවා... පිට මිනිහෙක්ගෙන් කියලා හම්බ වෙච්ච එකම රෙද්ද ඕක තමයි මහත්තයා* කියා හාමිනේ බැගෑපත් වෙමින් කියන විට, “ආන්න ඒ රෙද්ද ගැන තමයි බං මං ඇහුවේ... කෝ

ආ... මේ ප්‍රභාකරන් භූතයා නේද? මොනවද කල්පනා කරන්නේ.

ප්‍රභාකරන් භූතයෙක් ලෙස ඉපිද කිරිබත්ගොඩ නගරයේ ලයිට් කණුවක් යටට වී කල්පනා කරමින් සිටියේය. මිනිස් ඇසට භූතයන් නොපෙනුනද ගොන් ඇසට භූතයන් පෙනෙන නිසා පිංගොනා ප්‍රභාකරන් භූතයාව දුටුවේය. “ආ... මේ ප්‍රභාකරන් භූතයා නේද? මොනවද කල්පනා කරන්නේ... මැරුණයි කියල තාම හිතාගන්න බැරිද? කවුද හිතුවෙ ඔහොම මැරෙයි කියල නේද?* කියා පිංගොනා අසන විට, “කොච්චර හිතාගන්න අමාරු උනත් මම මැරිච්ච විදිහ මට හිතාගන්න පුළුවන්... මට මේ හිතාගන්න බැරි මෙච්චර මේ අවුල් තියාගෙන මුන් කොහොමද මේ යුද්ධෙ දින්නෙ කියලා... යුද්ධෙ කරපු එවුන් එකාට එකා කපා ගන්නවා, පළි ගන්නවා.. යකෝ මේ තරම් ගේම්කාරයො ටිකක් එකතුවෙලානේ මාවත් මරල අපේ සංවිධානය විනාශ කළේ..  කියා ප්‍රභාකරන් භූතයා හීල්ලුවේය. “ප්‍රභාකරන් භූත උන්නැහේට හොඳට සිංහල කතා කරන්න පුළුවන්නේ... කොහොමද ඉගෙන ගත්තේ?  කියා පිංගොනා ඇසුවේය. “මැරිච්ච දවසේ ඉඳන් මම ඉන්නෙ උතුරෙ නෙමෙයි දකුණේ... භූත මට වැඩිපුරම චූන් දෙන්නෙ දකුණෙ ඉන්න එවුන්... අදත් මට මාර චූන් එකක් කිරිබත්ගොඩින් හම්බ වුණා..* කියා ප්‍රභාකරන් භූතයා හිනා වුණේය. “මොකක්ද කිරිබත්ගොඩින් ගත්ත චූන් එක?  කියා පිංගොනා ඇසුවේය.   “ඇයි බං මාවයි අ

සුදු රෙදි හොරා

රාජ්‍ය සතු මුදල්, දේපළ හොරා කෑ ඕනෑම පුද්ගලයෙකුට දඩුවම් දෙනවිට ඒ හොරකම පිළිබද සාපේක්ෂව සිතමින්, හොරකමේ ලොකු පොඩි ප්‍රමාණ ගැන හිතමින්, හොරකමේ පාට පක්ෂ ගැන හිතමින්, හොරකම ජාතියට ආගමට දේශප්‍රේමයට මුවා කරමින් තර්ක කරන්නේ තමන් කැමති හොරා නිර්දෝෂී කරගෙන අකමැති හොරා හිර ගෙදරට යැවීම සදහායි.මේ කාලයේ ජනතාවට කැමති හොරු හා අකමැති හොරු යනුවෙන්හොරු දෙවර්ගයක් සිටී. කැමති හොරකම් හා අකමැති හොරකම් යනුවෙන් හොරකම් දෙවර්ගයක්ද තිබේ .හොර කමට විරුද්ද වීම පිළිබද පොදු සදාචාරවාදී සමාජීය අදහස දේශපාලකයන් සම්බන්දයෙන් පොදු ජනයාට නැත .සිල් රෙදි හොරුන්ට දඩුවම් දෙන විට මහ බැංකු හොරු මතක් කරන්නේ සිල් රෙදි හොරු නිර්දෝෂී කරන්නටය .අපිටනම් දෙගොල්ලොම හොරුය .හැම හොරටම දඩුවම් ලැබෙනවාට අපි නම් කැමතිය

රෙද්දක් ඇඳගෙන මෛත්‍රී මහත්තයාට පුළුවන්ද මහින්ද මහත්තයා එක්ක එකට හිටගන්න

පිංගොනා පිංහාමි නිදාගෙන සිටින කාමරය අසලට පැමිණ අංදෙකෙන් ජනෙල් පියනට ඇනගෙන ඇනගෙන ගියේය. “මොන ගොනාද යකෝ මේ උදේ පාන්දර ජනේලෙට ගහන හරකා  කියා පිංහාමි කුණුහරුප වැලක්ද කියමින් ජනේලය ඇරියේය. “මම ගොනා තමයි මහත්තයා  කියා පිංගොනා චුරුචුරු ගා මුත්‍රා කළේය. “මොකෝ බං මේ උදේ පාන්දර...? “මහත්තයා නිදහස් පක්‍ෂයේ සංවත්සරයට යන්නේ නැද්ද? “මහින්ද මහත්තයා එනවද?  කියා පිංහාමි ඇසුවේය. “මම ඉතිං ගොනෙක් නේ මහත්තයා... මහින්ද මහත්තයා එනවාද නැද්ද කියලා මට කියයිද?* කියා පිංගොනා ගොම්බෙට්ටක් දැම්මේය. “හරි... දැන් උඹ යනවාද?* කියා පිංහාමි ඇසුවේය. “ගොන්නු ඉතිං හැම එකකටම යනවනේ...* කියා පොඩි පුතා මිදුලේ සිට කීවේය. “නෑ... නෑ... අපි ජේ.වී.පී. කාරයන්ගේ ඒවට යන්නේ නෑ... මොකද රතුපාට දැක්කම අපි ඔටෝ කුලප්පු වෙනවා* කියා පිංගොනා කීවේය. “නිල්පාට, කොළපාට දැක්කම කුලප්පු වෙන්නේ නැද්ද?* කියා පොඩි පුතා අසන විට, “ඒ පාට දෙක නම් අප්සට් එකක් නෑ...* කියා පිංගොනා කීවේය. “මට නම් පිංගොනෝ මෛත්‍රී මහත්තයාගේ රැස්වීම්වලට රෙද්දක් ඇඳගෙන යන්න බෑ... අපි මහින්ද මහත්තයාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී හිටපු මිනිස්සුනේ බං...* කියා පිංහාමි

“ ඇමෙරිකාවට හරි රැසියාවට හරි , ප්‍රංශෙට හරි ක්‍රිකට් ටීම් එකක් හදාගෙන එන්න කියපන් අපේ කොල්ලෝ දුවන්න ගහන්නේ

 “අපේ ක්‍රිකට් වෙනුවෙන් මාත් මොනවහරි කළා කියල දැන් මට සන්තෝස වෙන්න පුළුවන් බං  කියා පිංහාමි කියන විට “උඹ මොනවද ක්‍රිකට්වලට කළේ   කියා ගෙයිහාමි ඇසුවේය. “වතුර බෝතල් තුනකින් පිට්ටනියට දමල ගැහුවා.... කෝලි කුට්ටුවාට හූවක් කියල ඇදයක් ඇල්ලුවා... අපිත් මොනවා හරි අපේ ක්‍රිකට් වෙනුවෙන් කරන්න එපැයි බං..  කියා පිංහාමි කීවේය. “දැන් උඹල වතුර බෝතල් පිට්ටනියට දමල ගහලා හූ කිව්වාම ලංකාව මැච් දිනනවද?* කියා ගෙයිහාමි ඇසුවේය. “ලංකාව නෙමෙයි අපේ රට දිනනවද. අපේ කොල්ලෝ දිනනවද. අපේ සිංහ පෝතකයෝ දිනනවද කියලා අහපන්...* කියා පිංහාමි කීවේය. “මට උඹලට වගේ දේශප්‍රේමී ගොන් චූන් නෑනේ...ඔය සිංහ පෝතක කතා , අපේ කොල්ලොන්ගේ කතා ඕනේ වෙන්නේ ක්‍රිකට් ගහන ක්‍රීඩකයන්ට නෙමෙයි උඹලට.... ක්‍රිකට් ක්‍රීඩකයෝ රස්සාවට ක්‍රිකට් ගහලා, වෙළෙඳ දැන්වීම්වලට පෙනී ඉඳලා, අයි. පී. එල් වෙන්දේසියේ හොඳ ගාණකට විකිණිලා දෙයියනේ කියලා සුපිරි ජීවිතයක් ගත කරගෙන ඉන්නවා. උඹලා අතේ තියෙන තුට්ටු දෙකත් වියදම් කරගෙන මැච් බලන්න ගිහිල්ලා , වතුර බෝතල්වලින් ගහලා ගෙදර ඇවිල්ලා ගොන් චූන් එකෙන් බුදිය ගන්නවා....  කියා ගෙයිහාමි කීවේය. “අපේ රට පරදිනකොට අපිට දුකයි

හොරු ඇල්ලීමේ සම්පූර්ණ වගකීම තියෙන්නේ අධිකරණ ඇමතිට විතරද

“තලතා නෝනාට අධිකරණ ඇමතිකම දුන්නේ හොරු අල්ලන්නද? නොඅල්ලා ඉන්නද?  කියා හාමිනේ අසන විට, “හොරු, මිනීමරුවො නොඅල්ලා, ඉන්න ඇමතිවරු පත්කරනවාද?* කියා පොඩි පුතා ඇසුවේය. “මොකද නැත්තේ විජයදාස මහත්තයාව පත්කරලා තිබ්බේ හොරු, මිනීමරුවො නොඅල්ලා ඉන්නනේ...* කියා හාමිනේ කීවාය.   “හොරු අල්ලන්නේ නැතුව අවුරුදු දෙකක්, දෙකහමාරක් ඉන්න පුළුවන්. ඊට පස්සෙනේ රැඩිකල් මන්ත්‍රීලා ෆෝම්වෙලා දඟලලා ඇමතිකමෙන් අයින් කරන්නේ... තලතා නෝනාටත් දෙකක් විතර මොන මොනවා හරි කියකියා ඉන්න පුළුවන්* කියා පිංහාමි කීවේය. “එතකොට යහපාලන ආණ්ඩුවේ පාලන කාලේ ඉවරනේ...* කියා හාමිනේ කියන විට, ‘“ඊට පස්සෙත් වරෙල්ලකෝ හොරු අල්ලන්න ඡන්දෙ දෙන්න කියා ගෙන* කියා පිංහාමි  තුඃ විතරක්  කියා කෙළ ගැහුවේය. “ඔහේ කොහොමත් යහපාලනේට ඡන්දෙ දුන්නේ නෑනේ..  කියා හාමිනේ කියන විට, “මගේ බල්ලවත් යහපාලනේට ඡන්දෙ දෙන්නේ නෑ...* කියා පිංහාමි කියන විට, “බල්ලන්ට කොහොමත් ඡන්දෙ දෙන්න බෑනේ...* කියා හාමිනේ කීවාය. “හොරු අල්ලන්නම ඕනේ නම් ඔය අධිකරණ ඇමතිකම රංජන් මහත්තයාට හරි, ෆොන්සේකා මහත්තයාට හරි, අජිත් පී. පෙරේරා මහත්තයාට හරි දෙන්න එපැයි... ඇයි මේ තලතා නෝනට දුන්නේ* ක

ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටයි වඩා බලයක් විජේදාස මහත්තයාට තියෙනවා

“මහත්තයා... මහත්තයා...  “ආ... මේ පිංගොනානේ... මොකද මේ උදේ පාන්දරම...?* “නෑ මහත්තයා... මට මේ ගොන් ප්‍රශ්න ටිකක් තියෙනවා, ඒක විසඳගන්න ආවේ...  “අහපන්කෝ බලන්න එහෙනම් ගොන් ප්‍රශ්න ටික* ‘“මේ රට පාලනය කිරීමේ වැඩිම බලයක් තියෙන්නේ කාටද මහත්තයා...* “රටේ ජනාධිපතිටනෙ ගොනෝ... ඒ කියන්නේ මෛත්‍රී මහත්තයාට නේ...* “ඊට පස්සෙ වැඩිම බලයක් තියෙන්නේ කාටද මහත්තයා?* “අගමැති රනිල් මහත්තයාටනෙ ගොනෝ* “මහත්තයා දන්න බම්බුව. ඔය දෙන්නටම වඩා වැඩි බලයක් තියෙන කෙනෙක් ඉන්නවා* “ඒ කවුද ගොනෝ?* “විජේදාස රාජපක්‍ෂ මහත්තයා... ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටයි වඩා බලයක් විජේදාස මහත්තයාට තියෙනවා.* ‘උඹට පිස්සුද ගොනෝ?  “මට පිස්සු නෑ... රාජපක්‍ෂ මහත්තයාගේ ආණ්ඩුවේ හොරු, වංචාකාරයො, මිනීමරුවො මෙච්චර දවසක් අල්ලන්නේ නැතුව ඉඳලා තියෙන්නෙ විජේදාස මහත්තයානේ... ඔය හොරු, මිනීමරුවො අල්ලන්න මෛත්‍රී මහත්තයාට, රනිල් මහත්තයාට බලයක් තිබුණා නම් එයාලා ඒක කරනවනේ... එයාලට බලයක් නෑ මහත්තයා. යහපාලන ආණ්ඩුවේ මහ බලයක් තියෙන්නේ බුද්ධ ශාසන හා අධිකරණ ඇමතිට... ජනාධිපතිටවත්, අගමැතිටවත් එච්චර බලයක් නෑ... විජේදාස මහත්තයාව අයින් කරන්න හදන්නේ එක