Skip to main content

මමත් ආසයි සයිටම් විරෝදී වෙන්න එත් මට ඒහෙම බැරි වෙලා තියෙන්නේ මේ ප්‍රශ්න හින්ද

සයිටම් විරෝදී බොහෝ පිරිසක් මගේ මිතුරු ලැයිස්තුවේ ඉන්නවා .මගේ මෝඩ කම නිසා හරි මම මේ මතුකරන ප්‍රශ්න වලට උත්තර දෙනවද?මමත් ආසයි සයිටම් විරෝදී වෙන්න එත් මට ඒහෙම බැරි වෙලා තියෙන්නේ මේ ප්‍රශ්න හින්ද 
ගෙයිහාමි
“ඔය මාගම්තොට වරාය චීන කොම්පැණියකට බදු දෙනකොට ඒ ගහපු ගිවිසුමේ ලාභ අලාභ මොනවද, ඩීල් තියනවද, කොමිස් තියෙනවද කියලා කියන්න අපි දන්නේ නෑ... මේ වැඩේට විරුද්ධ අය බදු දීමටම විරුද්ධද, එහෙම නැත්තම් බදු ගිවිසුමේ ලාභ අලාභ ඩීල්වලට විතරද විරුද්ධ කියන එක පැහැදිලි නෑ.... බදු දුන්නට කමක් නෑ සාධාරණව පාඩු නොවන විදියට කියලද කියන්නේ කියන එකත් පැහැදිලි නෑ..... ජේ.වී.පී. එක නම් බදු දීමටම විරුද්ධනේ.... එයාලා කියන්නෙ වරාය ආණ්ඩුවම ගොඩ දාන්න ඕනේ කියලා නේ... නෙවිල් මහත්යාගේ ඉස්පිරිතාලේ රජයට පවරා ගත්තාම ඒකට විරුද්ධ වෙන්නේ ඒ පවරා ගැනීම යට ඩීල් එකක් තියෙනවා කියල නේ.... කියා ගෙයිහාමි කියන විට,
“එතකොට වරාය බදු දෙනවටත් විරුද්ධයි, නෙවිල් මහත්තයාගේ රෝහල රජයට පවර ගන්නවටත් විරුද්ධයි. මොනවා හරි හොයහොයා විරුද්ධ වෙන තියරියක්ද මන්දා මේක කියා ලොකු දුව කීවාය.
“ජේ.වී.පී. එක තමන්ගේ පරමාදර්ශය අනුව යහපාලකයෝ රට පාලනය කරයි කියලා හිතන තරම් විහිළුවක් තවත් නෑ... යහපාලනයේ ඉන්නෙත් පට්ට පජාත හොරු සෙට් එකක් නේ..... හොරු නොවන මිනිස්සු ටිකක් එකතු වෙලා පාලනයක් පිහිටවා ගන්න හොරෙක් නොවන මිනිහෙක් මූලික වෙන්න එපැයි. එහෙම එවුන් ඔය ප්‍රධාන පක්ෂ දෙකෙයි, ඒකෙන් කැඩිච්ච ඒකාබද්ධ විපක්‍ෂයෙයි ඉන්නවද.... මේ පජාත, කුජීත හොරු මරණාධාර සමිතියක් හැදුවත් ඒකෙනුත් ගාණක් කපාගන්න බලන්නෙ.... මෙයාලාගෙන් සර්ව සාධාරණ බදු ගිවිසුම්, ඩීල් නැති ජනසතු කිරීම් බලාපොරොත්තු වෙන්න බෑ කියා ගෙයිහාමි කීවේය.
“සයිටම් විරෝධී කඳවුරේ ඉන්න අය කියනවා මුළු දේශපාලනයම, දේශපාලඥයොම නෙවිල් ප්‍රනාන්දු වටේ කැරකෙනවා, නෙවිල් ප්‍රනාන්දුට ඒ වගේ බලයක් ලැබුණෙ කොහොමද කියලා.... හැබැයි ඒකේ අනිත් පැත්ත තමයි වෙලා තියෙන්නෙ. සියලු වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර, ජේ.වී.පීය, පෙරටුගාමියො සේරම නෙවිල් ප්‍රනාන්දු වටේ කැරකෙනවා. නෙවිල් ලොක්කගේ සයිටම් බිස්නස් එකට ගේම දුන්නම නිදහස් අධ්‍යාපනයේ ටොප් එකට රැකෙනවාය, රට සමාජවාදී වෙනවාය වගේ දැවැන්ත මතවාදයක් නේ හදලා තියෙන්නෙ.... මේවා විහිළු නෙමෙයිද? හරියට නිදහස් අධ්‍යාපනයයි, රටේ සමස්ත අධ්‍යාපන ක්‍රමේමයි විනාශ කරලා තියෙන්නෙ නෙවිල් කියන මනුස්සයා වගේ සයිටම් එක වටේ සේරම කැරකි කැරකි ඉන්නවා. ඔය සයිටම් විරෝධී රැස්වීමකදී වෛද්‍ය පීඨ කථිකාචාර්ය නෝනා කෙනෙක් කියනවා අනිත් සියලුම උපාධි සල්ලිවලට විකුණුවා හැබැයි අපි වෛද්‍ය උපාධිය මුදලට විකුණන්න දෙන්නෙ නෑ කියලා... ඇයි වෛද්‍ය උපාධිය මහා බ්‍රහ්මයාගේ කටින් ආපු එකක්ද? අනිත් සේරම උපාධි විකුණනකම් බලාගෙන හිටපු එවුන් වෛද්‍ය උපාධිය සල්ලිවලට විකුණන කොට නිදහස් අධ්‍යාපනයට කෙලවෙන්නෙ, නිදහස් අධ්‍යාපනය ඉවරයි කියාගෙන නොනිදන අරගලයයි, දවස් ගණන් පාගමනුයි යනවා අනිත් උපාධි සල්ලිවලට විකිණුවාම නිදහස් අධ්‍යාපනේට අබමල් රොණක හානියක් වෙන්නේ නෑ වගේ.... දැන් බැලුවාම මේ නිදහස් අධ්‍යාපනයේ මෙච්චර කල් ආරක්ෂා වෙලා තියෙන්නේ වෛද්‍ය උපාධිය හින්දා.... එතකොට මේ කථිකාචාර්යතුමියම කියනවා... රජයේ වෛද්‍ය පීඨවල අයතා විදිහට සල්ලි හම්බ කරපු දෙමාපියන්ගේ දරුවෝ නැහැල්ලු. කුඩු බිස්නස්කාරයන්ගේ දරුවෝ නැහැල්ලු.... ගුරුවරුන්ගේ, රජයේ සේවකයන්ගේ, ගොවියන්ගේ දරුවෝ විතරලු ඉන්නේ... ඒ කියන්නේ ශුද්ධ වූ ආදායමක් තියෙන ගොවිය ක්ගේ, රජයේ සේවකයන්ගේ දරුවෝ විතරයි වෛද්‍යවරු වෙන්න ඕන.... අනිත් ළමයින්ට බෑ... දෙමාපියො සල්ලි හොයන විදිහත් ළමයෙක් වෛද්‍යවරයෙක් වෙන්න බලපානවා ද . ශුද්ධ වූ ප්‍රාග්ධනයක් තියෙන මිනිහෙකුගේ ළමයින්ට විතරද රජයේ වෛද්‍ය පීඨවලට යන්න පුළුවන්... තමන්ගේ දොස්තර පංතිය රකින පට්ට ගෝත්‍රික කුහක කතා මේවා.... මේ වගේ ගෝත්‍රික කතා කිව්වම අප්පුඩි ගහන වමේ දේශපාලන පක්ෂ විප්ලවවාදී ශිෂ්‍ය‘යොත් ඉන්නවා. දේශපාලන නායකයොත් ඉන්නවා. මේ කථිකාචාර්යතුමිය කියනවා සයිටම් එකට ඉඩ දුන්නොත් තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පටන් ගනියිලු.... රජයේ වෛද්‍ය පීඨවලට තියෙන පහසුකම් නැති වෙයිලු. දැනටත් දුවන්නේ අමාරුවෙන්ලු.. මම නම් කියන්නේ තවත් වෛද්‍ය පීඨ විස්සක් විතර දාන්න ඕනේ.. පුළුවන් නම් ආණ්ඩුවත් එක්ක එකතු වෙලා වෛද්‍ය උපාධිය ලබාදෙන්න ඕනේ... එහෙම නැත්තම් දශමයෙන් දෙකෙන් රජයේ වෛද්‍ය පීඨවලට යන්න බැරි ළමයින්ට මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල ශිෂ්‍යත්ව ටිකක් අරගෙන දෙන්න ඕනේ... වැඩිම ලකුණු අරගෙන රජයේ වෛද්‍ය පීඨවලට යන්න පුළුවන් පිරිස වෙනුවෙන් ඇයි මේ තරම් කුහක විදිහට ගෝත්‍රික විදිහට පෙනී සිටින්නේ... දශමයේ දෙකෙන් වෛද්‍යවරයෙක් වෙන්න බැරුව නාස්ති වෙලා යන ජීවිතවලට පෞද්ගලික ව්‍යවසායකයො එක්ක එකතු වෙලා හරි වැඩපිළිවෙළක් හදන එක හොඳ නැද්ද?.. ආණ්ඩුවට වෛද්‍ය පීඨ හදලා, කැම්පස් යන්න පාස් වෙන හැමදෙනාම විශ්වවිද්‍යාලවලට ගන්න ඕනේ කියලා අරගල කරකර ඉන්නවට වඩා ඒක හොඳ නැද්ද... කැම්පස් යන්න සුදුසුකමින් පාස් වෙන හැමෝටම රජයේ විශ්වවිද්‍යාලවලට යන්න බැරි රජයේ කැම්පස්වල ඉඩ මදි හින්දනේ... ඉඩ මදිවෙලා කැම්පස් යන්න බැරි ළමයි ගොන්නුද. ඉඩ තියන ප්‍රමාණයට ගන්න අය විතරද විශිෂ්ටයො ස්ප‍්‍රීට් එක කියලා, විශේෂ වටිනාකමක් දෙන්න ඕනේ. රජයේ විශ්වවිද්‍යාලවල ඉඩ මදි එකත් අධ්‍යාපන මට්ටම මැනීමේ නිර්ණායකයක්ද? මිනුම් දණ්ඩක්ද?.....
කැම්පස් යන්න පාස් වෙන සියලු දෙනාට රජයේ විශ්වවිද්‍යාල හදලා දෙන්න ඕනේ වගේ අදහසක ඉන්නවා නම් ජේ.වී.පී. එකේ අනුර කුමාර සහෝදරයාව ජනාධිපති කරවන්න, පෙරටුගාමී පක්ෂෙ කුමාර ගුණරත්නම්ව ජනාධිපති කරවන්න ... ඔය සයිටම් එකයි, නෙවිල් ප්‍රනාන්දුයි වටේ කැරකෙන්නෙ නැතුව එහෙම සටන් පාඨයක් අරගෙන එන්න... මහින්දවත්, රනිල්වත්, මෛත්‍රීවත් කැම්පස් යන්න පාස් වෙන හැමෝටම රජයේ විශ්ව විද්‍යාල හදයි වගේ හීනවල ඉඳීම, එයාලට බලපෑම් කිරීම තේරුමක් නෑ....* කියා පොඩිපුතා කීවේය.
“නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ශිෂ්‍ය ව්‍යාපාර කරපු අරගලවලින් කුහකම, ගෝත්‍රිකම අරගලය තමයි මේ සයිටම් විරෝධී අරගලය.. පිටරට ගිහිල්ලා වෛද්‍ය උපාධිය අරගෙන ආවට කමක් නෑ කියන කට්ටිය මෙහේ පෞද්ගලික වෛද්‍ය පීඨ හදනවාට විරුද්ධයි.. ලෝකේ හොඳම විශ්වවිද්‍යාල එක්ක සම්බන්ධ වෙලා, පෞද්ගලික වෛද්‍ය පීඨ හැදුවත් මෙයාලා විරුද්ධයි. මේ කුහක අරගලය ලාල් කාන්තලාට, දුමින්ද නාගමුවලට පේන්නේ නෑ...* කියා පොඩි පුතා කීවේය.
“පෞද්ගලික වෛද්‍ය පීඨ එපා වගේ පෞද්ගලික රෝහලුත් එපා, චැනලුත් එපා වගේ සටන් පාඨයක් ලාල් කාන්තලා, නාගමුවලා, බිමල්ලා ගෙනාවා නම් අරගලය බැලන්ස් වෙනවා. නොමිලේ ඉගෙන ගෙන දොස්තරලා වෙන අය නොමිලේ ප්‍රතිකාර කරන රජයේ රෝහල් විතරමයි තියෙන්න ඕනේ... ප්‍රයිවට් රෝහල්වලට කුඩුකාරයෝ, දූෂිත ව්‍යාපාරිකයො යනවා.. රජයේ රෝහල්වලට ගුරුවරු, ගොවියො, කම්කරුවෝ, රජයේ සේවකයෝ විතරයි එන්නේ කියලා කියන්නේ නෑනේ.. වෛද්‍ය අධ්‍යාපනයේදී විතරද ඔය මහාලොකු සමානාත්මතාව, පංති හැඟීම තියෙන්න ඕනේ... අර අල පරිප්පු ගෙන්වනව වගේ දොස්තරලා ආනයනය කරන්න බෑ කියපු කථිකාචාර්යතුමියට පෞද්ගලික රෝහල් පේන්නේ නැද්ද, ඉස්පිරිතාලවල කම්කරුවො, ගොවීන්, ගුරුවරු විතරද දන්නෙ නෑ ඉන්නෙ* කියා ලොකු දුව කීවාය. 
නදීෂ් දික්කුඹුර

Comments

Popular posts from this blog

මහින්ද මහත්තය කියනවා කිත් නොයාර්ගේ පහර දීමේ සිදුවීමට තමාගෙන් ප්‍රශ්න කීරීම මඩ ගහන්න කරපු වැඩක් කියලා ...එකල සිදුවූ මේ අපරාද වලට වගකිව යුත්තේ .කවුද .මේවා ඉබේ සිදුඋන දේවල්ද ..මේ සියලු අපරාද පිටුපස නිශ්ශිත පුද්ගලයන් මෙන්ම නිශ්චිත හේතුද තිබේ .ඒවා නිවැරදිව හදුනා හෙළිදරවු කිරීමට යහපාලනය අසමත් වන තාක් කල් මේ අපරාද මඩය, බොරුය ..පැය තුන හතර ප්‍රකාශ සටහන් කර ගැනීමට තරම් දෙයක් මෙතන තිබේද .යහපාලනය බලයට ආදා සිට කල මේ ප්‍රකාශ සටහන් කර ගැනීමේ ප්‍රෝඩාව ප්‍රශ්න කරන්නේ කවුද .ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අපරාද කරුවන්ට ලබා දුන් දඩුවම කුමක්ද .යහපාලනයට තව අවුරුදු එකහ මාරකට වඩා නැත .යහපාලනය පරාජය වූ පසු මේ නඩු ඉදිරියට ගෙනියන්නේ මහින්ද මහත්තයාමද ..මහා බැංකු හොරකම් තමන්ගේ හොරකම් නිසා ඒවා යට ගසනවා කියා හිතීම තාර්කිකය.ඒ තමන්ගේ හොරකම්ය. තමන්ගේ හොරකම් තමන්ම අල්ලා තමන්ම දඩුවම් විදින මහා යුක්ති සහගත බාවයක් බලා පොරොත්තු වීම විහිළුවකි. එහෙත් රාජපක්ෂ යුගයේ හොරකම් වංචා අපරාද ප්‍රකාශ සටහන් කර ගැනීමේ ප්‍රෝඩාවෙන් යටපත් කිරීමේ අවශ්‍ය තාවය අප තෙරුම් ගත යුත්තේ කෙසේද .. සිරිසේන මහත්තයා ජනාදිපති උයේ ඔහුට තිබු සුවිශේෂී ආකර්ශනයක්
ගොඩ නැගෙන හැම මනුෂ්‍ය සම්බන්දයක් ම ගොඩනගලා තියන මනුෂ්‍ය සම්බන්දකම් වල ආකෘති ඇතුළට වැටෙනවා . ආකෘති ඇතුලේ මනුෂ්‍ය සම්බන්දකම් ඇතිවෙනවද ගොඩනැගෙන මනුෂ්‍ය සම්බන්දකම් ආකෘති ඇතුළට දානවද කියන එක .කිකිළිද බිත්තරේද වගේ ප්‍රශ්ණයක් ....එක ගැනියෙක් එක පිරිමියෙක් ගේ සම්බන්දයකට ප්‍රේමය කියනවා .ඔය ප්‍රේමය උත්කෘෂ්ටයි පරමයි පිවිතුරුයි කියන්න ඕනේ තරම් සංකල්ප වචන සාහිත්‍ය තියනවා .සිදුහත් යසෝදරා සම්බන්දයත් අන්න ඒ වගේ කථාවක් සාහිත්‍යක් .මිනිස්සු ඒවට ආසයි .සිදුහත් ගිහි ගෙයින් ගියාට පස්සේ  යසෝදරා වෙනත් පුරුෂයෙක් සමග සම්බන්දය තිබුණා කියලා හිතන්නවත් අපි කැමති නෑ.මොකද අර වගේ පරම පිවිතුරු සම්බන්දකම් ඇත්තට නැති නිසා ඇත්තට තියනවා කියලා බොරුවට හිතන්න අපි කැමතියි ........ජිවිතේ කියන්නෙම ඇත්තට නැති දේවල් ඇත්තට තියනවා කියලා බොරුවට හිතන්න කැමති වීම .ඇත්තට තියනවා කියලා බොරුවට හිතාගෙන ජීවත් වීම .එක වෙලාවකට මට මේ ඇක්ට් එක දරා ගන්න බැරි තරම් අමාරුයි ..මිනිස්සු කොහොමද අප්පා මේ තරම් බොරුවක් ඇත්තයි කියලා හිතාගෙන බොරුවට ජීවත් වෙන්නේ

භාෂාවකට මොනවාද කරන්න බැරි .

භාෂාවකට මොනවාද කරන්න බැරි ..තමන් විස්වාස කරණ මතවාදය සාදක හොයල තර්කය ඔස්සේ දිනවලා දෙන්න භාෂාවකට හැකියාව තියනවා .පුර්ව නිගමනය ඔළුවට අරගෙන එක ඔප්පු කරන්න සාදක හෙඋවාම ඕනෑ තරම් සාදක හොයා ගන්න පුළුවන් .....යුද ජය සැමරීම .රණවිරුවා උත්කර්ෂයට නැංවීම. .දෙමළාට වයිර කරමින් සිංහලයෙනි නැගිටියවූ කීම .රාජිතට හෙණ වැදියන් කීම.ආදී මතවාද පුර්ව නිගමන විදිහට ඔළුවට අරගෙන මේවා සදාරනිකරණය කිරීම වෙනුවෙන් සාදක හෙඋවොත් ඕනේ තරම් සාදක ලේසියෙන් හොයා ගන්න පුළුවන් .අර මාධ්‍යවේදියෝ කියන කට්ටිය රාජිතව හිර කරලා  තමන්ට ඕනේ උත්තරය ගත්තෙත් මේ විදිහට තමා . සාමය සංහිදියාව වෙනුවට ඔඋන්ට ඕනේ නැවත රජාපක්ෂ කදවුර බලයට ගෙන එම .එකට තියන හොදම දේ තමා යුද්දය රණවිරුවා උත්කර්ෂයට නැංවීම .ගිය අවුරුද්දටත් වඩා මේ අවුරුද්දේ යුද ජය සැමරීම, රණවිරුවා උත්කර්ෂයට නැන්වෙන්නේ ගෝඨාභය මැතිදුන් බලයට ගෙන ඒමේ වියාපෘතියේ උවමනාව වෙනුවන් .ඊට එරෙහි පිරිසත් මේ මතවාද යුද්දයේම සටන් කරන්නේ ඒ නිසා ..ඒ වගේම යුද විරෝදය .යුද ජය සැමරිය යුතු දෙයක් නොවේ .උතුරේත් දකුණේත් මැරුණේ එකම රටේ මිනිස්සු .දරු දුක ට සිංහල දෙමළ බේදයක් නෑ වගේ මතවාදයක් පුර්ව නිගමන විදිහට ඔළුවට අරගෙන