Skip to main content

දැන් මෛත්‍රී මහත්තයාට ගොඩ එන්න පුළුවන් ඔය පක්‍ෂ දෙකම අතහැරියොත් විතරයි


ගෙයිහාමි
“රාජිත මහත්තයා කියන්නෙ රවි මහත්තයාගේ සිද්ධිය ලූනු බිකක් කියලා. ඊට වඩා ඩොලර් බිලියන ගණන් හොරා කාපු අය ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නවලු* කියා හාමිනේ කියන විට,
“රාජිත මහත්තයා ඔය කතා මධ්‍යයටයි, පොදු ජනතාවටයි කියන්නෙ ආණ්ඩුව කරන්නෙ වෙන කවුරුහරි කියලා හිතාගෙනද දන්නේ නෑ. එහෙනම් ඩොලර් බිලියන ගණන් හොරා කාපු ඒවා තියාගෙන රවි මහත්තයාගේ ලූනු බික ගැන ජනාධිපති කොමිෂන් දාලා හෙව්වේ මොකද දන්නේ නෑ* කියා ගෙයිහාමි ඇසුවේය.
“එයාලට ඉතිං කෝටි ගණන් කියන්නෙ ලූනු බික්, හූනු බික්. ඔහේලාට, අපට තමයි රුපියල් දෙතුන්දාහත් මහාමේරු පර්වතය වගේ පේන්නෙ. අර මහවිලච්චිය පැත්තේ මිනිස්සු නියඟය නිසා කන්න දෙයක් නැතිව හිඳිච්චි වැව්වල නෙළුම් අල හාරගෙන කනවා. කන්න නැතුව කලන්තේ හැදෙයි කියලා ළමයි ඉස්කෝලො යවන්නේ නෑ. එහෙව් රටක තමයි කෝටි ගණන හොරා කෑවට ඒවාට ලූනු බික් කතා කියන ඇමතිලා ඉන්නෙ* කියා හාමිනේ දුකෙන් කීවාය.
“ඉතිං ඔය නෙළුම් අලේ තම්බගෙන කන මිනිහම තමයි ඡන්දෙ දීලා මේ ආණ්ඩු පත්කර ගන්නෙ. ඒකා මේකට හොරා කියනවා. මේකා ඒකට හොරා කියනවා. අන්තිමට බැලුවාම සේරම හොරු තමයි. ඒ හින්දා ඔය පක්ෂ දෙකට ඡන්දෙ දීපු එක මිනිහෙකුටවත් චූන් වෙන්න බෑ, අපේ පැත්තේ හොරු නෑ කියලා. දැන් ඉතිං කට්ටිය මේ හොරුන්ගෙන් ආපහු ඒ හොරුන්ට ආණ්ඩු බලය දෙන්න හිතාගෙන ඉන්නවා* කියා ගෙයිහාමි කීවේය.
“මෛත්‍රී මහත්තයා ඇයි දන්නේ නෑ ලූනු බිකටම ජනාධිපති කොමිසමක් දාලා හොයන්න පටන් ගත්තෙ* කියා හාමිනේ ඇසුවාය.
“ඒවා ඉතිං අපි රාජිත මහත්තයලගෙන් අහන්න ඕන ප්‍රශ්න. රාජිත මහත්තයලා ලූනු බික් කතා නොකියා මෛත්‍රී මහත්තයා ගාවට ගිහිල්ලා සර්, ලූනු බික දැන් හොයා ගත්තනේ, දැන් ජනාධිපති කොමිසන් දුසිම් තුන හතරක් දාලා රාජපක්ෂ ආණ්ඩුවේ කම්බ හොරු ටික කොටුකර ගමු කියලා කියන්න ඕන. ඩුබායි ගිණුම්වල තියෙන මුදල් ප්‍රමාණය ජනතාව දැන ගන්න ඕන කියලා රාජිත මහත්තයා කියනවා. අපි දැනගෙන අල කන්නයෑ. අපට දැනගෙන වැඩක් නෑ. අපට ඕන මේ පට්ට හොරුන්ට දඬුවම් දෙනවා බලන්න. මේ හොරා කාපු මුදල් ආපහු අයකර ගෙන ඒ සල්ලි පොදු ජනයාට සේවයක් වෙන වැඩවලට යොදවනවා දකින්න* කියා ගෙයිහාමි කීවේය.
“දැන් නම් ඉතිං මහින්ද මහත්තයාගේ ආණ්ඩුවේ හොරු ඇල්ලුවත් නැතත් මිනිස්සුන්ට යහපාලනය එපා වෙලා තියෙන්නෙ* කියා හාමිනේ කියන විට, “මිනිස්සුන්ට  යහපාලනේ එපා වෙලා තියෙන්නෙ. මෛත්‍රී මහත්තයාට යූ.ඇන්.පී. එක එපා වෙලා තියෙන්නෙ. මෛත්‍රී මහත්තයාගේ කතා ඇහුවාම යූ.එන්.පී.කාරයන්ව එපාවෙලා තියෙන්නෙ කියලා පේනවා* කියා ගෙයිහාමි කීවේය.
“ඒ හින්දා වෙන්නැති ඔය බැඳුම්කර හොරු කොටුකර ගන්න ජනාධිපති කොමිසමක් දාන්න ඇත්තේ* කියා හාමිනේ කීවාය.
“මෛත්‍රී මහත්තයාට යූ.එන්.පී. එක එපාවෙලා වගේම යූ.එන්.පී එකට මෛත්‍රී මහත්තයාව එපාවෙලා ඇති. ඇයි ඉතිං රවි මහත්තයාව කොටුකර ගන්න තියෙන වුවමනාව බැසිල් මහත්තයලව කොටුකර ගන්න නෑනේ. ජනාධිපතිවරයා කළේ රත්තරං අශ්වයන්ගේ කතා කිව්වා, එයාර්පෝර්ට් වහලා හොරු අල්ලනවා කිව්වා, මෛත්‍රී මහත්තයා දින්නෙම ඔය හොරු අල්ලන කතාව හින්දා. අන්තිමට දින්නට පස්සේ ඇල්ලුවේ නැත්තෙත් හොරුම තමයි. ඔය නඩු දැමිලි නම් හොරුන්ට බේරිලා ඉන්න අවස්ථාවක් මිසක් දඬුවම් ලැබෙන දෙයක් නෙවෙයි. දේශපාලන හොරුන්ට නඩුවක් කියන්නෙ වීරයෙක් වෙන්න හම්බ වෙන බෝනස් අවස්ථාවක්. මාස හයහත පසුවෙවී නඩුවාර එනකොට හොරු රටේ බලය අල්ලලා. ඒ හින්දා ඉක්මනට නඩු අහලා හොරු කොටුකර ගෙන දඬුවම් දෙන ක්‍රම‘වේදයක් හදන්න ඕන. ඒකට ඉතිං රටේ යහපත ගැන අවංකව හිතන, දැඩි දේශපාලන අධිෂ්ඨානයක් තියාගෙන නිවැරදි මාර්ගයේ යන්න පුළුවන් දේශපාලන නායකයෙක් ඕන. එහාට මෙහාට වැනි වැනි නිදහස් පක්ෂය ඕන, යූ.ඇන්.පී එකත් ඕන, ජනාධිපතිකමත් රැකගන්න ඕන  වගේ, ඊළඟ පාර ඡන්දෙටත් ආපසු එන්න ඕන වගේ අදහස් තියාගෙන වැඩකරලා බෑ. දැන් මෛත්‍රී මහත්තයාට ගොඩ එන්න පුළුවන් ඔය පක්‍ෂ දෙකම අතහැරියොත් විතරයි* කියා ගෙයිහාමි කීවේය.
“දෙකම අතහැරියොත් මෛත්‍රී මහත්තයාට කවුරුත් නෑනේ* කියා හාමිනේ කීවාය.
 මෛත්‍රී මහත්තයා විශේෂ ප්‍රකාශයක් කරනවා කියලා මාධ්‍ය සේරම ගෙන්වලා, මේ පක්ෂ දෙකේම ඉන්න හොරු කියලා මේ හොරුත් එක්ක රට ඉදිරියට ගෙනියන්න බෑ කියලා විශේෂ ප්‍රකාශයක් කරන්න ඕන. ඊට පස්සේ පක්ෂ දෙක තුනේම ඉන්න හොඳ මිනිස්සු ටික එකතු කරගෙන, අලුත් ආණ්ඩුවක් හදාගන්න ඕන. ඒ අනුව රටේ පාලනය හදාගන්න ඕන. රටේ ඉන්න බුද්ධිමත් උගතුන් කැඳවලා වෙන වෙනම මණ්ඩල හදලා, අධ්‍යාපන, සෞඛ්‍ය ගමනාගමන වගේ ක්‍ෂේත්‍ර ගොඩදාන විදිය ගැන සැලසුම් හදන්න ඕන. ඒ අනුව රටේ පාලනය හදාගන්න  ඕන. අන්න ඒ වගේ අලුත් ආරම්භයක් ගත්තොත් නම් මෛත්‍රී මහත්තයා ඓතිහාසික රාජ්‍ය නායකයෙක් විදිහට පරම්පරා ගණනාවක් ගරුබුහුමනට ලංවෙන නායකයෙක් වෙනවා. එහෙම නැතුව මේ විදිහට ගියොත් නම් ඉතිහාසයෙ පහළවුණු දුර්වලම, රට විනාශය කරා ගෙනගිය නායකයෙක් විදිහට මෛත්‍රී මහත්තයා හඳුන්වන එක නවත්වන්න බැරිවෙනවා.  දැන් මෛත්‍රී මහත්තයා ඔය සේරම කඩාගෙන එළියට එන්න ඕන. ඒකට මේ රටේ අවංක මිනිසුන්ගේ  සහයෝගය හම්බවෙනවා* කියා ගෙයිහාමි කීවේය.
“ඔය වැඩේ හරි යන්නේ නෑ. ඔය පක්ෂ දෙකේ කොහෙද හොඳ අවංක මිනිස්සු. මෛත්‍රී මහත්තයාට මොනවා හරි කරලා ගන්න වෙන්නෙ මේ හොරු ටික එක්කම තමයි* කියා ගෙයිහාමි කීවේය.
“ඔව්, ඒකත් ඇත්ත, ඒත් ඉතිං මෛත්‍රී මහත්තයා දැන් එළියට එන්න ඕන. මේ වැඩේ හරියන තොවිලයක් නෙවෙයි කියලා වරෙන් ඔරෝ කියන්නේ නැතුව කෙලින්ම කියන්න ඕන* කියා ගෙයිහාමි කීවාය.
“මෛත්‍රී මහත්තයා ගොඩක් ඒවා වහෙන් ඔරෝ කියන්නේ ගිරයට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ ඉන්න හින්දා වෙන්න ඇති. රනිල් මහත්තයාගේ යූ.එන්.පී. එක එක්ක යන්නත් බෑ, මහින්ද මහත්තයාගේ ඒකාබද්ධෙ එක්ක යන්නත් බෑ. මෛත්‍රී මහත්තයා අසරණ වෙලා ඇත්තේ අප්පා* කියා හාමිනේ කීවාය.
“ගිරයට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ ඉන්නේ නැතුව මඩේ හිටවපු ඉන්න වගේ එහාටයි, මෙහාටයි වැනි වැනිත් ඉන්නේ නැතුව හරි යන්න හරි වරදින්න හරි කෙලින් තීරණය අරගෙන වැඩකරලා ගෙදර ගියත් සැපෙන් සනීපෙන් පොළොන්නරුවෙ වැවක හීතල හුළං පාරක සුවය විඳිමින් ජීවිතේ අවසාන කාලය ගතකරන්න පුළුවන්නෙ. යුද්ධෙ දිනපු නායකයා වෙච්ච මහින්ද මහත්තයාට ඔය සැපය, සනීපය විඳින්න තාම බෑනේ. ආපහු ජනාධිපති වෙලා ආපහු පැරදුණාට පස්සේවත් ඔය අතහැරීමේ සැපය මහින්ද මහත්තයාට විඳින්න පුළුවන් වෙයිද මන්දා. ඒ පාර පැරදිලත් ආපහු ගෙදර ගිහිල්ලා ජනෙල් පියනේ එල්ලිලා දේශපාලනේ පටන් ගනියිද දන්නේ නෑ* කියා ගෙයිහාමි කීවේය.
“ඔය සැපය හරියටම වින්දේ ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා විතරයි නේද?* කියා හාමිනේ අසන විට “ඔව් අනිත් හැමෝම තමන් කරපු කියපු දේවල් ගැන හිතහිතා තැවිතැවී ඉන්න ඇති* කියා ගෙයි හාමි කීවේය.

නදීෂ් දික්කුඹුර

Comments

Popular posts from this blog

මහින්ද මහත්තය කියනවා කිත් නොයාර්ගේ පහර දීමේ සිදුවීමට තමාගෙන් ප්‍රශ්න කීරීම මඩ ගහන්න කරපු වැඩක් කියලා ...එකල සිදුවූ මේ අපරාද වලට වගකිව යුත්තේ .කවුද .මේවා ඉබේ සිදුඋන දේවල්ද ..මේ සියලු අපරාද පිටුපස නිශ්ශිත පුද්ගලයන් මෙන්ම නිශ්චිත හේතුද තිබේ .ඒවා නිවැරදිව හදුනා හෙළිදරවු කිරීමට යහපාලනය අසමත් වන තාක් කල් මේ අපරාද මඩය, බොරුය ..පැය තුන හතර ප්‍රකාශ සටහන් කර ගැනීමට තරම් දෙයක් මෙතන තිබේද .යහපාලනය බලයට ආදා සිට කල මේ ප්‍රකාශ සටහන් කර ගැනීමේ ප්‍රෝඩාව ප්‍රශ්න කරන්නේ කවුද .ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අපරාද කරුවන්ට ලබා දුන් දඩුවම කුමක්ද .යහපාලනයට තව අවුරුදු එකහ මාරකට වඩා නැත .යහපාලනය පරාජය වූ පසු මේ නඩු ඉදිරියට ගෙනියන්නේ මහින්ද මහත්තයාමද ..මහා බැංකු හොරකම් තමන්ගේ හොරකම් නිසා ඒවා යට ගසනවා කියා හිතීම තාර්කිකය.ඒ තමන්ගේ හොරකම්ය. තමන්ගේ හොරකම් තමන්ම අල්ලා තමන්ම දඩුවම් විදින මහා යුක්ති සහගත බාවයක් බලා පොරොත්තු වීම විහිළුවකි. එහෙත් රාජපක්ෂ යුගයේ හොරකම් වංචා අපරාද ප්‍රකාශ සටහන් කර ගැනීමේ ප්‍රෝඩාවෙන් යටපත් කිරීමේ අවශ්‍ය තාවය අප තෙරුම් ගත යුත්තේ කෙසේද .. සිරිසේන මහත්තයා ජනාදිපති උයේ ඔහුට තිබු සුවිශේෂී ආකර්ශනයක්

භාෂාවකට මොනවාද කරන්න බැරි .

භාෂාවකට මොනවාද කරන්න බැරි ..තමන් විස්වාස කරණ මතවාදය සාදක හොයල තර්කය ඔස්සේ දිනවලා දෙන්න භාෂාවකට හැකියාව තියනවා .පුර්ව නිගමනය ඔළුවට අරගෙන එක ඔප්පු කරන්න සාදක හෙඋවාම ඕනෑ තරම් සාදක හොයා ගන්න පුළුවන් .....යුද ජය සැමරීම .රණවිරුවා උත්කර්ෂයට නැංවීම. .දෙමළාට වයිර කරමින් සිංහලයෙනි නැගිටියවූ කීම .රාජිතට හෙණ වැදියන් කීම.ආදී මතවාද පුර්ව නිගමන විදිහට ඔළුවට අරගෙන මේවා සදාරනිකරණය කිරීම වෙනුවෙන් සාදක හෙඋවොත් ඕනේ තරම් සාදක ලේසියෙන් හොයා ගන්න පුළුවන් .අර මාධ්‍යවේදියෝ කියන කට්ටිය රාජිතව හිර කරලා  තමන්ට ඕනේ උත්තරය ගත්තෙත් මේ විදිහට තමා . සාමය සංහිදියාව වෙනුවට ඔඋන්ට ඕනේ නැවත රජාපක්ෂ කදවුර බලයට ගෙන එම .එකට තියන හොදම දේ තමා යුද්දය රණවිරුවා උත්කර්ෂයට නැංවීම .ගිය අවුරුද්දටත් වඩා මේ අවුරුද්දේ යුද ජය සැමරීම, රණවිරුවා උත්කර්ෂයට නැන්වෙන්නේ ගෝඨාභය මැතිදුන් බලයට ගෙන ඒමේ වියාපෘතියේ උවමනාව වෙනුවන් .ඊට එරෙහි පිරිසත් මේ මතවාද යුද්දයේම සටන් කරන්නේ ඒ නිසා ..ඒ වගේම යුද විරෝදය .යුද ජය සැමරිය යුතු දෙයක් නොවේ .උතුරේත් දකුණේත් මැරුණේ එකම රටේ මිනිස්සු .දරු දුක ට සිංහල දෙමළ බේදයක් නෑ වගේ මතවාදයක් පුර්ව නිගමන විදිහට ඔළුවට අරගෙන
ගොඩ නැගෙන හැම මනුෂ්‍ය සම්බන්දයක් ම ගොඩනගලා තියන මනුෂ්‍ය සම්බන්දකම් වල ආකෘති ඇතුළට වැටෙනවා . ආකෘති ඇතුලේ මනුෂ්‍ය සම්බන්දකම් ඇතිවෙනවද ගොඩනැගෙන මනුෂ්‍ය සම්බන්දකම් ආකෘති ඇතුළට දානවද කියන එක .කිකිළිද බිත්තරේද වගේ ප්‍රශ්ණයක් ....එක ගැනියෙක් එක පිරිමියෙක් ගේ සම්බන්දයකට ප්‍රේමය කියනවා .ඔය ප්‍රේමය උත්කෘෂ්ටයි පරමයි පිවිතුරුයි කියන්න ඕනේ තරම් සංකල්ප වචන සාහිත්‍ය තියනවා .සිදුහත් යසෝදරා සම්බන්දයත් අන්න ඒ වගේ කථාවක් සාහිත්‍යක් .මිනිස්සු ඒවට ආසයි .සිදුහත් ගිහි ගෙයින් ගියාට පස්සේ  යසෝදරා වෙනත් පුරුෂයෙක් සමග සම්බන්දය තිබුණා කියලා හිතන්නවත් අපි කැමති නෑ.මොකද අර වගේ පරම පිවිතුරු සම්බන්දකම් ඇත්තට නැති නිසා ඇත්තට තියනවා කියලා බොරුවට හිතන්න අපි කැමතියි ........ජිවිතේ කියන්නෙම ඇත්තට නැති දේවල් ඇත්තට තියනවා කියලා බොරුවට හිතන්න කැමති වීම .ඇත්තට තියනවා කියලා බොරුවට හිතාගෙන ජීවත් වීම .එක වෙලාවකට මට මේ ඇක්ට් එක දරා ගන්න බැරි තරම් අමාරුයි ..මිනිස්සු කොහොමද අප්පා මේ තරම් බොරුවක් ඇත්තයි කියලා හිතාගෙන බොරුවට ජීවත් වෙන්නේ