අනාගතයේ යුද්ද කරන්නේ කඩු දුනු ඊතල වලින් නෙමෙයි ,ටී පනස් හය, කාල තුවක්කු, මල්ටි බැරල් වලින් නෙමෙයි.න්‍යෂ්ටික බෝම්බ වලින්. ජාතිවාදී මත අරවා මේවා හද හදා උන් සුළු ජාතිය අපි මහ ජාතිය මේ අපේ රට කියකියා ඉන්න වෙලාවක් නෑ න්‍යෂ්ටික බෝම්බයක් දාපු ගමන් සේරම ඉවරයි .අපේ ජාතිවාදී මතය තාම වැඩ කරන්නේ කඩු දුනු ඊතල වලින් යුද්ද කරපු කාලේ වගේ .අංගම්පොර රාවණ අරවා මේවා සේරම එහමනේ .න්‍යෂ්ටික බෝම්බ එහා මෙහා උනොත් කතිකාවකට දූෂ්ටිවාදයකට ඉඩක් නෑ .අපේ යුද්දෙන් අපි දින්නනනේ.අපි ඉතුරු උනානේ .ඒ හින්ද කිරිබත් කන්න පුළුවන් .බයිලා ගහන්න, කිරිබත් කන්න. යුද්දෙන් මැරෙන් නැතුව ඉතිරි වෙච්ච අයට තමා ජාතිවාදය කරට අරගෙන ආපහු මරා ගන්න ඕනේ .....
අද තිවීල් එකේ එනකොට රියදුරු මහත්තයා කතාවට වැටුණා .මට හමු වූ තිවීල් රියදුරු මහත්වරුන්ගෙන් සියයට අනුනමයක්ම උග්‍ර මහින්දවාදීන් .මේ මනුස්සයා නැග්ගවෙලේ ඉදන් රනිල්වයි සිරිසේන ලොක්කටයි පතුරු යන්න බනිනවා .මේ වගේ කට්ටිය හම්බු උනාම මාත් උන්ගෙන් උපරිම ආතල් එක ගන්නවා .මාත් උත් එක්ක සෙට් වෙලා උග්‍ර මහින්දවාදියෙක් වගේ යහපාලනේ පතුරු අරිනවා මේ මනුස්සයා කියනවා මහින්ද මහත්තයා මොනවා කලත් රට සංවර්දනය කලා මුන් මොනවාද කරන්නේ ඒ මනුස්සයා හිටියනම් අද මේරට සුර පුරයක් .හැබැයි ගෝටාබය මහත්තයා එනවා ෂ ුවර් එය ඇවිල්ලා රට ටිප් ටොප් එකට ගොඩ දානවා .මුන් නපුනසකයෝනේ .කොන්ද පණනැති කලකන්නිනේ .මම දන්නවා මේ මිනිස්සුම ගෝටාබය මහත්තයා රටේ නායකයා වෙච්ච දවසට කියනවා .මොනවා උනත් යහපාලනේ තියන කාලේ මෙහෙම බයක් තිබුනේ නෑනේ .අපි කට ඇරලා රනිල් මහත්තයට මයිත්‍රේ මහත්තයට බැන්නනේ .දැන් කොහෙද එහෙම නිදහසක් .අඩු ගානේ ඒ කාලේ අපි බය නැතුව පාරට බැහැලා පිකට් කලා වර්ජන කලා දැන් කොහෙද ඒවා .කියන දේ පිලි අරගෙන කටයි ...කයි වහගෙන ඉන්න වෙලා තියෙන්නේ .උන් සැප විදිනවා අපි දුක් විදිනවා .මම උවද දැන් බය නැතිව සිරිසේන මහත්තයාව රනිල් මහත්තයාව පතුරු යන්නට විවේචනය ...
Comments
Post a Comment