Skip to main content

ජාතියේ අප්පච්චි මහින්ද මහත්තයා නම් ජාතියේ මව වෙන්නෙ කවුද?





පිංහාමි ලණුවෙන් අල්ලා පිංගොනාව ඇද්දේය.
“වරෙන් යන්න...
“මට බෑ මහත්තයා ඕවට යන්න... මහත්තයා යන්නකෝ...  කියා කකුල් හතරම වෙර යොදා පස්සට ඇද්දේය.
“නොගිහින් හොඳ නෑනේ බං... හොඳ ගොනා වගේ වරෙන් යන්න... මං උඹට පුන්නක්කු බාල්දියක් හදල දෙනවා...  
“පුන්නක්කු බැරල් එකක් දුන්නත් රෙද්දක් ඇඳගෙන ඕවට යන්න පුළුවන්ද? මට බෑ...  කියා පිංගොනා පාරේ වාඩි උනේය.
“ඉතිං ගොනේ... උඹ රෙදි අඳිනවද? ඔහොම හෙළුවෙන්ම යමන්* කියා පිංහාමි ලණුවෙන් ඇද්දේය.
“අනේ මට ලැජ්ජයි මහත්තයා ඕවට යන්න.. අපි ලැජ්ජ බයට හැදිච්ච ගොන්නු* කියා පිංගොනා ඇඬුවේය.
“ආ... පිංහාමි මොකද මේ උඹ පිංගොනාව මස් කඩේට දක්කන්න හදනවද?* කියා ගෙයිහාමි පැමිණ අසන විට,
“අනේ මහත්තයා මම මස් කඩේට යන්න එන්නම්... ඔය ගමන නම් යන්න එන්න බෑ... මොන විලිලැජ්ජා නැති වැඩක්ද?* කියා පිංගොනා මුත්‍රා කළේය.
“කොහෙද උඹ මේ පිංගොනාව දක්කගෙන යන්න හදන්නේ* කියා ගෙයිහාමි අසන විට,
“ඇයි උඹ දන්නෙ නැද්ද? අද අපේ ජාතියේ මව අත්අඩංගුවට ගන්න හදන්නේ...* කියා පිංහාමි කියන විට,
“කවුද බං ජාතියේ මව?* කියා ගෙයිහාමි ඇසුවේය.
“ඇයි ගොනෝ ජාතියේ අප්පච්චි මහින්ද මහත්තයා නම් ජාතියේ මව වෙන්නෙ කවුද?*  කියා පිංහාමි ඇසුවේය.
“චන්ද්‍රිකා මැඩම්ද?  කියා ගෙයිහාමි ඇසුවේය.
“නෑ බොල... ජාතියේ මව ශිරන්ති මැඩම්. මහින්ද මහත්තයා ජාතියේ අප්පුච්චා උනාම ශිරන්ති නෝනා ඔටෝම ජාතියේ මව වෙනවනේ...* කියා පිංහාමි කියන විට,
‘“ආ... ඒක තමයි ඔටෝ ජාතියේ අම්මා වීම තමයි* කියා ගෙයිහාමි කීවේය.
“අද ජාතියේ අම්මට විතරක් නෙමෙයි ජාතියේ රොකට් පුතාවත් ප්‍රකාශ ගන්න කැඳවලා... මං අහන්නෙ අපිට ජාතියේ රොකට් පුතාලා දුසිමක් ඉන්නවද? ජාතියටම ඉන්නෙ එකම එක රොකට් පුතයි... ඒ පුතාට මෙහෙම කරන එක හරිද? හරි නම් අපි ජාතියේ රොකට් පුතාව හොඳට බලාගෙන පරිස්සම් කරගන්න ඕන නේද? ඔය පළිගැනීම් පැත්තකට දාලා මේ යහපාලකයොන්ට බැරිද තව රොකට් එකක් රොකට් පුතාට කියලා අහසට විදින්න... ඕන නම් මෛත්‍රී රනිල් කියල නම ගහලම යවාගන්න පුළුවන්නේ... රොකට් පුතාට මේ විදිහට නම් යහපාලකයෝ සලකන්නෙ හෙට අනිද්දා වෙද්දි රොකට් පුතා ලංකාව දාල නාසා එකට යයි... ඔන්න එතකොට තමයි යහපාලකයන්ට රොකට් පුතාගෙ අගය තේරෙන්නෙ...*
“ඇයි රොකට් පුතාට නාසා එකෙන් කතා කරලද?* කියා පිංගොනා ඇසුවේය.
“රුසියාව යුරි ගගාරින්ලා, ඇමරිකාව නීල් ආම්ස්ට්‍රෝන්ලා ගැන ආඩම්බරයෙන් කතා කරනකොට අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන් නමකට තිබ්බෙ රොකට් පුතාගෙ නමනේ... ජනවාරි අට වැනිදා මහින්ද මහත්තයා පැරදුනේ නැත්නම් ඔය රොකට් පුතා මැදමුලන වලව්වේ ඉඳන් හඳට යන්න රොකට් එකක් හදනවා. අපේ සඳ ගමන නැවතුනෙත් මේ යහපාලන හැත්ත හින්දා...* කියා පිංහාමි කීවේය.
“හොඳ වෙලාවට මහින්ද මහත්තයා පැරදුනේ... නැත්නම් රොකට් පුතා තව මොන මොන රොකට් යවයිද දන්නෙ නෑ... තාත්තේ මට රොකට් එකක් යවන්න ඕනේ කිව්වාම හා යවපන් පුතේ කියන ජාතියේ තාත්තා කෙනෙක්නේ අපේ මහින්ද මහත්තයා* කියා ගෙයිහාමි කීවේය.
“රොකට් විතරද, තාත්තේ මට කොළඹ පාරවල් වහලා, හමුදාව දාලා, වැලි කොට්ට ගහලා රේස් පදින්න ඕනේ කිව්වාම කොළඹ නෙමෙයි ඕන තැනක පාරවල් වහගෙන රේස් පැදපන් කියන ජාතියේ තාත්තා කෙනෙක්නේ මහින්ද මහත්තයා* කියා පිංගොනා ගොම්බෙට්ටක් දැම්මේය.
“මෙහෙමයි... පිංහාමි ඔය ප්‍රකාශ සටහන් කර ගැනීමේ චූන් එක යහපාලනය බලයට ආපු දවසේ ඉඳන් දෙන චූන් එකක්නේ... යහපාලනය හිතුණ ගමන් ඔහොම චූන් දෙනවා... ඕවා සීරියස් ගන්න හොඳ නෑ...* කියා ගෙයිහාමි කීවේය.
“යහපාලන චූන් අපි සීරියස් ගන්නෙ නෑ... ඒ උනාට රාජපක්ෂ පවුල් සමග අපි ඉන්නවා කියල යහපාලකයන්ට පෙන්නන්න ඕන... ඒකයි මම මූට කතා කළේ... අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගාවට ගිහිල්ලා පොඩි සද්දයක් දාමු කියලා.. කෝ මූ එන්නම බෑ කියනවනේ* කියා පිංහාමි කීවේය.
“අනේ මහත්තයා රවී මහත්තයාගේ ගෙදර ගාවට යමු කියලා ගිය කට්ටිය මට කතා කළා... මම ගියේ නෑ.. ලැජ්ජයිනේ මහත්තයා මොකද මේ වීරකමක් කරලා, රට ජාතියට සේවයක් කරලා එහෙම නැත්නම් සම්මානයක් අරගෙන එනවා නෙමෙයිනේ... පට්ට හොරකමකට මාට්ටු වෙලා ඇමතිකමෙන් අස්වෙලා එන්නේ... එහෙම අයට ජයවේවා කියන්න ගොන්නු වෙච්ච අපිට නම් බෑ මහත්තයා* කියා පිංගොනා කීවේය.
“රවී මහත්තයගෙ එකට නොගියට උඹ මේකට එන්න ඕනේ...* කියා පිංහාමි කියන විට,
“ඇයි මේ කට්ටිය සම්මාන අරගෙනද ප්‍රකාශ දෙන්න යන්නේ* කියා පිංගොනා ඇසුවේය.
“එහෙම නෙමෙයි ගොනෝ... අපි රාජපක්ෂවරු සමග ඉන්නවා කියල පෙන්නන්න ඕනේ* කියා පිංහාමි කීවේය.
“උඹලා විතරක් නෙමෙයි යහපාලන ආණ්ඩුවත් රාජපක්ෂවරු සමග තමයි ඉන්නේ... මෛත්‍රී මහත්තයත් රාජපක්ෂවරු සමග තමයි ඉන්නේ... එහෙම ඉන්නවා කියන එකට හොඳම සාක්ෂිය තමයි ඔය ප්‍රකාශ සටහන් කර ගැනීමේ ප්‍රෝඩාව... පැය ගණන් ප්‍රකාශ සටහන් කර ගන්නවා විතරයි... ඔයතරම් ප්‍රකාශ සටහන් කර ගන්නේ මැල්ලුම් මලවන්නද දන්නෙ නෑ... කරුණාකරලා යහපාලකයෝ කියන්න රාජපක්ෂවරු සත පහක් හොරකම් කරලා නෑ... මිනී මරලා නෑ... රටට කිසිම වැරැද්දක් කරලා නෑ කියලා... එතකොට අපිට පුළුවන් ඊළඟ පාර මහින්ද මහත්තයලටම ඡන්දෙ දෙන්න... හැමදාම හොරු හොරු කියනවා, ප්‍රකාශ ගන්නවා, නිකං ඉන්නවා. මේ වැඩේ කරන්න යහපාලකයෝ ඕනද?* කියා ගෙයිහාමි ඇසුවේය.
‘“ඒකනේ බං... කරන මඟුලක් කරල දාන්න ඕන... නින්දෙන් ඇහැරිලා වගේ ප්‍රකාශ සටහන් කරගෙන කරගෙන යනවා... ඊට පස්සෙ නිකං ඉන්නවා... උඹ කිව්ව වගේ කියපල්ලකෝ මේ කට්ටිය සත පහක් හොරකම් කරලා නෑ... කූඹියෙක්වත් මරලා නෑ කියලා... එහෙම කියන්නෙත් නෑ... ඩුබායි ගිණුම් ගැන කියනවා, තාජුඩීන් ගැන කියනවා, රොකට් ගැන කියනවා, ප්‍රකාශ සටහන් කර ගන්නවා... ඔහේ ඉන්නවා, මොනවද මේ විකාර වැඩ* කියා පිංහාමි ඇසුවේය.
“මම යනවා මහත්තයා... මහත්තයලගෙ දේශපාලන විකාරකාරයෝ කරන වැඩ දැක්කම ගොන් අපිට ලැජ්ජා හිතෙනවා* කියා පිංගොනා යන්න ගියේය.
“මන්ත්‍රීතුමා කිව්වා බස් එක එවන්නම් ගොන්නු ටිකක් ලෑස්ති කරගෙන ඉන්න කියලා...* කියා පිංහාමි වටපිට ගොන්නු ඇත්දැයි කියා බැලුවේය.
pinhami.blogspot.com

නදීෂ් දික්කුඹුර 

Comments

Popular posts from this blog

ගොඩ නැගෙන හැම මනුෂ්‍ය සම්බන්දයක් ම ගොඩනගලා තියන මනුෂ්‍ය සම්බන්දකම් වල ආකෘති ඇතුළට වැටෙනවා . ආකෘති ඇතුලේ මනුෂ්‍ය සම්බන්දකම් ඇතිවෙනවද ගොඩනැගෙන මනුෂ්‍ය සම්බන්දකම් ආකෘති ඇතුළට දානවද කියන එක .කිකිළිද බිත්තරේද වගේ ප්‍රශ්ණයක් ....එක ගැනියෙක් එක පිරිමියෙක් ගේ සම්බන්දයකට ප්‍රේමය කියනවා .ඔය ප්‍රේමය උත්කෘෂ්ටයි පරමයි පිවිතුරුයි කියන්න ඕනේ තරම් සංකල්ප වචන සාහිත්‍ය තියනවා .සිදුහත් යසෝදරා සම්බන්දයත් අන්න ඒ වගේ කථාවක් සාහිත්‍යක් .මිනිස්සු ඒවට ආසයි .සිදුහත් ගිහි ගෙයින් ගියාට පස්සේ  යසෝදරා වෙනත් පුරුෂයෙක් සමග සම්බන්දය තිබුණා කියලා හිතන්නවත් අපි කැමති නෑ.මොකද අර වගේ පරම පිවිතුරු සම්බන්දකම් ඇත්තට නැති නිසා ඇත්තට තියනවා කියලා බොරුවට හිතන්න අපි කැමතියි ........ජිවිතේ කියන්නෙම ඇත්තට නැති දේවල් ඇත්තට තියනවා කියලා බොරුවට හිතන්න කැමති වීම .ඇත්තට තියනවා කියලා බොරුවට හිතාගෙන ජීවත් වීම .එක වෙලාවකට මට මේ ඇක්ට් එක දරා ගන්න බැරි තරම් අමාරුයි ..මිනිස්සු කොහොමද අප්පා මේ තරම් බොරුවක් ඇත්තයි කියලා හිතාගෙන බොරුවට ජීවත් වෙන්නේ
මහින්ද මහත්තය කියනවා කිත් නොයාර්ගේ පහර දීමේ සිදුවීමට තමාගෙන් ප්‍රශ්න කීරීම මඩ ගහන්න කරපු වැඩක් කියලා ...එකල සිදුවූ මේ අපරාද වලට වගකිව යුත්තේ .කවුද .මේවා ඉබේ සිදුඋන දේවල්ද ..මේ සියලු අපරාද පිටුපස නිශ්ශිත පුද්ගලයන් මෙන්ම නිශ්චිත හේතුද තිබේ .ඒවා නිවැරදිව හදුනා හෙළිදරවු කිරීමට යහපාලනය අසමත් වන තාක් කල් මේ අපරාද මඩය, බොරුය ..පැය තුන හතර ප්‍රකාශ සටහන් කර ගැනීමට තරම් දෙයක් මෙතන තිබේද .යහපාලනය බලයට ආදා සිට කල මේ ප්‍රකාශ සටහන් කර ගැනීමේ ප්‍රෝඩාව ප්‍රශ්න කරන්නේ කවුද .ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අපරාද කරුවන්ට ලබා දුන් දඩුවම කුමක්ද .යහපාලනයට තව අවුරුදු එකහ මාරකට වඩා නැත .යහපාලනය පරාජය වූ පසු මේ නඩු ඉදිරියට ගෙනියන්නේ මහින්ද මහත්තයාමද ..මහා බැංකු හොරකම් තමන්ගේ හොරකම් නිසා ඒවා යට ගසනවා කියා හිතීම තාර්කිකය.ඒ තමන්ගේ හොරකම්ය. තමන්ගේ හොරකම් තමන්ම අල්ලා තමන්ම දඩුවම් විදින මහා යුක්ති සහගත බාවයක් බලා පොරොත්තු වීම විහිළුවකි. එහෙත් රාජපක්ෂ යුගයේ හොරකම් වංචා අපරාද ප්‍රකාශ සටහන් කර ගැනීමේ ප්‍රෝඩාවෙන් යටපත් කිරීමේ අවශ්‍ය තාවය අප තෙරුම් ගත යුත්තේ කෙසේද .. සිරිසේන මහත්තයා ජනාදිපති උයේ ඔහුට තිබු සුවිශේෂී ආකර්ශනයක්...

හීනයක් ඇතුලේ දී මහින්ද මහත්තයට දුටුගැමුණු රජතුමා හමු උනේය .

හීනයක් ඇතුලේ දී මහින්ද මහත්තයට දුටුගැමුණු රජතුමා හමු උනේය . මහින්ද මහරජතුමනි යුද්දයක් ජයග්ග්‍රහණය කලපසු දිනපු යුද්දය අතහැරිය යුතුයි නමුත් ඔබ තුමාත් ගෝලබාලයනුත් තාම යුද්දය අල්ලාගෙන මොකද ඒ යුද්දය කෙලෙසකනම් අතහරින්නද දුටු ගැමුණු මහා රජ. ජනයා මට මෙතරම් ප්‍රිය උයේ යුදජය නිසාය. ඒ නිසා ජනයා මාත් යුදජයත් අතහැරීමට සුදානම් නැත තොපලාගේ ප්‍රදාන සතුරා වූ ප්‍රභාකරනුත් උගේ යුදබටයනුත් මරාදමා කිරිබත් කා ජයපැන් බි එම කාර්ය අවසන් කලා නොවෙද අවසන් කලෙමි එහෙත් වසරක් පාසා ඒ ජය අප විසින් සැමරිය යුතුය මරා දැමු ප්‍රභාකරන් නැවත නැවත මැරිය යුතුය .  තොපගේ ජනයා ප්‍රභාකරන්ගේ හා ඔහුගේ අනුගාමිකයන්ගේ කුණු උ මළ ශරීර තවමත් මලපෙරේතයන් සේ බුදිමින් සිටින්නේ මන්ද. උන් මළකුණු වලට ආශා කරණ ගෙවලයෝද පෙරේතයෝද . දේශප්‍රේමින්ට අපහාස නොකරන්න දුටුගැමුණු රජ. දේශප්‍රේමිගේ ආතල් නොකඩන්න. තොපගේ දේශපාලනය නම් පුදුම සහගතය යුදජයෙන් පසුව තොප කල යුතුව තිබුනේ පරාජිතයා දිනා ගැනීමේ සටනයි. නමුත් තොප කලේ දිනාගත් ජයග්ග්‍රාහකයා තව දුරටත් දිනාගෙන දේශපාලන බලය තහවුරු කර ගැනීමට උත්සාහ දැරීමයි . ඔබතුමා එළාර රජතුමාට කලපරිද්දෙන් මා ප්‍රභාකර...