අද ඉන්න කොල්ලෝ කෙල්ලෝ අනෙකා දිහා බලන්නේ නෑ. හිස පහතට නවාගෙන ටච් ෆෝන්... ටැබ්... ලැප්ටොප්... හිස පාත් කරලා. මනුෂ්‍ය‘යෙක් සමග ඇස් ගැටෙන්නේ නෑ. අවට සිදුවෙන දේ පේන්නේ නෑ. හිනාවෙන්නේ නෑ. ෆෝන්එක දිහා බලබලා, ටැබ් දිහා බලබලා තනිවම හිනා වෙනවා. තනිවම කතා කරනවා. තනියම සිංදු අහනවා. බඩ දරැ අම්මලා, වයසක ආච්චිලා බස් එකේ හිටගෙන යනවා. කොන්දොස්තර කෑගහලා බඩ දරැ අම්මලාට නම් සීට් එකක් අරන් දෙනවා. ආච්චිලා හිටගෙන යනවා. දහඅටේ ගැටයා වාඩි වෙලා ෆේස් බුක් යනවා.
මනුෂ්‍යයාට මේ විදියට හැසිරෙන්න බලපාන්නේ තිර මාධ්‍ය. මේ සංවේද සංස්කෘතිය (Sensate Culture) මගින් භෞතික ලෝකයේ දැනෙන සංවේදන ඇරෙන්න වෙනත් කිසිම දෙයක් දැනේනේ නැති, අධ්‍යාත්මික දේවල් නැති, හිසි ආත්මයක් සහිත ජන කොටසක් නිර්මාණය වෙනව කියලා කියනවා. මේ විද්‍යුත් තිර මාධ්‍ය අනාගතයේ හැඟීම් විරහිත, මානුෂික සබඳතා රහිත සමාජයක් නිර්මාණය කරනවා. මෙතනදී තරැණ තරැණියන්ට වැරුද්ද පැටවීම තේරැමක් නැති දෙයක්.. සිදුවන දේ සම්බන්ධව අවබෝධයෙන් සිටීම තමයි වැදගත්.

Comments
Post a Comment