Skip to main content

අනුන්ගේ හොරු අල්ලන්න කලින් තමන්ගේ හොරු අල්ලලා කුජීත වෙන එකට වෙන්නැති යහපාලනය කියන්නේ...

පිංහාමි
“ගෙයක් හින්ද ගෙදර යන්න වෙන පළමුවැනි ඇමති රවි මහත්තයාද ඒයි?  කියා හාමිනේ අසන විට,
“ඒකනේ හාමිනේ වැඩේ කියන්නේ... යහපාලකයෝ බලයට ආවේ  මහින්ද මහත්තයාගේ ආණ්ඩුවේ හොරු අල්ලනවා කියලා... අන්තිමට ජනාධිපති කොමිසම් දාලා තමන්ගේ හොරු හරිම ජයග්‍රාහී විදිහට කොටු කරලා. මහින්දවාදී දේශප්‍රේමී පාක්ෂිකයෝ ටික මාර විදිහට චූන් කරලා. මම බලයට ආව ගමන් මගේ පැත්තෙම හොරු අල්ලනවා කියලා මෛත්‍රී මහත්තයා කිව්ව නම් හැට දෙලක්ෂයක් ඡන්දය දෙයිද?... අංජබජල් යහපාලනයක් කියන්නේ නිකං නෙමෙයිනේ... අඩුගාණෙ ජනාධිපති කොමිසම් දාලා පිටු අටදාස් ගණන්වල වාර්තා හදලා දුරකථන ඇමතුම්, එස්.එම්.එස්. චෙක් කරලා මහින්ද මහත්තයාගේ ආණ්ඩුවේ හිටපු හොරු දෙතුන් දෙනෙක් ඔය විදිහට කොටු කරලා ලොකු මතවාදයක් හදලා රවි මහත්තයාව කොටු කළා නම් අවුලක් නෑ... මුන්ට පිස්සු හාමිනේ...  කියා පිංහාමි කීවේය.
“මහින්ද මහත්තයා කවදාවත් තමන්ගේ පැත්තේ හොරෙක්ව  ඔහොම කොටු කරලා කුජීත කළාද? ඒ අතින් මහින්ද මහත්තයා මාරයි අප්පා...  කියා හාමිනේ කීවාය.
“නෑදැයන්ට ගෙවල් අරන් දීපු, තමන්ටත් මහ ගෙයක් හදා ගත්ත, ගෙවල් හින්දම කුජීත වෙලා ගිය විමල් මහත්තයත් රවි මහත්තයාව විවේචනය කරනවා, එක ගඩොලක් අයථා විදියට පාවිච්චි නොකළ මහා ශුද්ධවන්තයෙක් විදිහට.... එතකොට අර ඇලඩින්ගේ පුදුම පහනේ භූතයා හදපු මල්වානේ ගේ... මල්වානේ ගෙවල් ගැන හරියට පරීක්ෂණ කළා නම් ඔය ගෙවල් හදපු කට්ටිය දේශපාලනයෙන් අතුගාලා දාලා ගෙදර අරින්න තබ්බා. ඒ දේශපාලන ධෛර්යය, ඒ දේශපාලන උවමනාව මෛත්‍රී මහත්තයාට නෑ. රනිල් මහත්තයාටත් නෑ. අඩුගාණෙ අර කැකිල්ලේ රජ්ජුරුවෝ නඩු විසඳපු විදියට ඔය මල්වානේ ගේ හදපු විදිය හෙව්වා නම් අයිතිකාරයා කොටුවෙලා ඉඩම ගත්ත තැන ඉඳන්. මේසන් බාස්ගේ ඉඳන්, ප්ලෑන් එක ඇඳපු තැන ඉඳන් පස්සට ගියා නම් අයිතිකාරය අල්ල ගන්නවා. කොමිසන් දාන්න ඕනෙද භෞතිකව පේන්න තියෙන ගේක අයිතිකාරයා අල්ලන්න. නිකං මේ පොලිස් කොස්තාපල් මාමෙකුට ඔය වැඩේ බාරදුන්නා නම් ඔය ගෙදර අයිතිකාරයා හොයලා දෙනවා*  කියා පොඩි පුතා කීවේය.
“මම නම් කියන්නෙ මෛත්‍රී මහත්තයාට, රනිල් මහත්තයාට මහින්ද මහත්තයාගේ ආණ්ඩුවේ හොරු අල්ලන්න දේශපාලන උවමනාවක් නැතුව නෙමෙයි, මහින්ද මහත්තයාගේ ආණ්ඩුවේ එක මංචාඩියක් හොරා කාපු එකෙක් නෑ... ඒ තරම් අවංකව රටට පණ වගේ ආදරය කරපු රත්තරං දේශප්‍රේමියෝ ටිකක් තමයි මහින්ද මහත්තයා වටේ හිටියේ. එහෙම අවංක පාරිශුද්ධ මිනිස්සු ටිකක් තමයි බොරුවට හොරු හොරු කියලා මතයක් හදලා පැරද්දුවේ. මෛත්‍රී මහත්තයාටත් එක හොරෙක්වත් අල්ලගන්න බැරි වෙච්ච ලැජ්ජාවට තමයි ඔය යහපාලන හොරු කොටුකර ගන්න වැඩේට බහින්න ඇත්තේ  කියා පිංහාමි ඉනට පහළින්   තියෙන කටින් හිනා වුණේය.
‘“යහපාලනය කියන්නෙ මේකට වෙන්නැති නේද? අනුන්ගේ හොරු අල්ලන්න කලින් තමන්ගේ හොරු අල්ලලා කුජීත වෙන එකට වෙන්නැති යහපාලනය කියන්නේ...  කියා හාමිනේත් වෙන කොහෙන්දෝ හිනා වුණේය..
“රටේ සම්පත්, මහජන ධනය හොරා කන හැම හොරාම කොටුකර ගෙන දැඩි දඬුවම් දෙන්න ඕන... එකේ කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි මෛත්‍රී-රනිල් මහත්තුරු තේරුම් ගන්න ඕනේ තමන් කරන්නෙ දේශපාලනයක් කියලා. දේශපාලනයට අනුව හොරු ඇල්ලුවේ නැත්නම් ගෙදර යන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ... රවි මහත්තයා කොටු වුණාම මහින්දවාදී පාක්ෂිකයෝ ඩබල් චූන් වෙනවා, යහපාලන පාක්ෂිකයෝ කලකිරෙනවා. යහපාලනයේම තියෙන ඡන්දත් නැති වෙනවා. පසුගිය කාලේ පට්ට හොරු විදිහට නම් දරාගෙන පට්ට පජාත වෙලා හිටපු කට්ටිය දැන් මාර ශුද්ධවන්තයෝ විදිහට විශ්වාසභංග ගේනවා, කෑගහනවා. බනිනවා. පට්ට හොරු ටිකක් තමන්ගේ හොරකම් අමතක කරලා රවි රවි, ගෙවල් ගෙවල්, බැඳුම්කර බැඳුම්කර කියකියා යනවා. මෛත්‍රී මහත්තයාට මෙතැනින් ගොඩ යන්න නම් දැන් කරන්න තියෙන්නේ හොර ගල් ඇහිඳ ඇහිඳ ඉන්නෙ නැතුව රාජපක්ෂ ආණ්ඩුවේ පට්ට හොරුන්ටත් ජනාධිපති කොමිසම් දාලා ඒ හොරකම් කොටු කරලා සමාජය ඉස්සරහා කටඋත්තර නැති කරන්න. දඬුවම් නම් ඔය මොකාටවත් හම්බ වෙන්නේ නෑ. රවි මහත්තයාට දඬුවම් කළොත් ඉර නැගෙනහිරින් බැහැලා බස්නාහිර පැත්තෙන් පායනවා* කියා පොඩි පුතා කීවේය.
“රවි මහත්තයාට විරුද්ධව ගේන විශ්වාසභංගයට මහින්ද මහත්තයා ඡන්දය දෙනවද?  කියා හාමිනේ අසන විට,
“දවල් දෙන්නේ නෑ. රෑ දෙනවා  කියා පොඩි පුතත් ඉනට පහළින් හිනා වුණේය.
“මහින්ද මහත්තයාට දෙනවා නම් දවල් දෙන්නත් පුළුවන්, රෑ දෙන්නත් පුළුවන්. ඕනෙම වෙලාව දෙන්න පුළුවන් එළිකිරි බඩුවක් තමයි අපේ මහින්ද මහත්තයා. උඹ දැක්කේ නැද්ද මහින්ද මහත්තයා ඔළුවෙන් හිටගෙන ඉන්න පිංතූරයක් පත්තරේ දාලා තියෙනවා. අවුරුදු හැත්තෑවක් වෙච්ච ආතෙකුට කරන්න පුළුවන් වැඩද මෙව්වා... කොහොමට ෆිඩ් එකක් ඇද්ද?..... හැත්තෑව වෙලා ඔහොම සෙල්ලම් දානවා නම් තරුණ කාලේ කොහොම සෙල්ලම් දාන්න ඇද්ද? මෛත්‍රී මහත්තයාට, රනිල් මහත්තයාට පුළුවන්ද ඔහොම කකුල් දෙකෙන් එල්ලිලා ඉන්න  කියා පිංහාමි ආඩම්බරයෙන් කීවේය.
“මහින්ද මහත්තයා ඔළුවෙන් හිටගෙන හිටපු හින්දා වෙන්නැති දෙපැත්ත මාරුවෙලා තියෙන්නෙ. රවි මහත්තයාගේ විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය දෙන්නේ නෑ කියලා දවල් කියනවා, රෑ වෙලා කියනවා පළමු වතාවට රවිටයි, ආණ්ඩුවටයි විරුද්ධ ඡන්දය දෙනවා කියලා.
“එහෙම තමයි බං... වයසත් එක්ක දෙක මාරු වෙනවා. ඕවා මොනවද  කියා පිංහාමි කීවේය.
එයාලාගේ දෙකතුන මාරු වේව්. ඒක හරියට තේරුම් ගන්න බැරි ජනතාවක් රටේ නැති එක තමයි අවාසනාව  කියා පොඩි පුතා කීවේය.
නදීෂ් දික්කුඹුර

Pinhami.blogspot.com 

Comments

Popular posts from this blog

ගොඩ නැගෙන හැම මනුෂ්‍ය සම්බන්දයක් ම ගොඩනගලා තියන මනුෂ්‍ය සම්බන්දකම් වල ආකෘති ඇතුළට වැටෙනවා . ආකෘති ඇතුලේ මනුෂ්‍ය සම්බන්දකම් ඇතිවෙනවද ගොඩනැගෙන මනුෂ්‍ය සම්බන්දකම් ආකෘති ඇතුළට දානවද කියන එක .කිකිළිද බිත්තරේද වගේ ප්‍රශ්ණයක් ....එක ගැනියෙක් එක පිරිමියෙක් ගේ සම්බන්දයකට ප්‍රේමය කියනවා .ඔය ප්‍රේමය උත්කෘෂ්ටයි පරමයි පිවිතුරුයි කියන්න ඕනේ තරම් සංකල්ප වචන සාහිත්‍ය තියනවා .සිදුහත් යසෝදරා සම්බන්දයත් අන්න ඒ වගේ කථාවක් සාහිත්‍යක් .මිනිස්සු ඒවට ආසයි .සිදුහත් ගිහි ගෙයින් ගියාට පස්සේ  යසෝදරා වෙනත් පුරුෂයෙක් සමග සම්බන්දය තිබුණා කියලා හිතන්නවත් අපි කැමති නෑ.මොකද අර වගේ පරම පිවිතුරු සම්බන්දකම් ඇත්තට නැති නිසා ඇත්තට තියනවා කියලා බොරුවට හිතන්න අපි කැමතියි ........ජිවිතේ කියන්නෙම ඇත්තට නැති දේවල් ඇත්තට තියනවා කියලා බොරුවට හිතන්න කැමති වීම .ඇත්තට තියනවා කියලා බොරුවට හිතාගෙන ජීවත් වීම .එක වෙලාවකට මට මේ ඇක්ට් එක දරා ගන්න බැරි තරම් අමාරුයි ..මිනිස්සු කොහොමද අප්පා මේ තරම් බොරුවක් ඇත්තයි කියලා හිතාගෙන බොරුවට ජීවත් වෙන්නේ
මහින්ද මහත්තය කියනවා කිත් නොයාර්ගේ පහර දීමේ සිදුවීමට තමාගෙන් ප්‍රශ්න කීරීම මඩ ගහන්න කරපු වැඩක් කියලා ...එකල සිදුවූ මේ අපරාද වලට වගකිව යුත්තේ .කවුද .මේවා ඉබේ සිදුඋන දේවල්ද ..මේ සියලු අපරාද පිටුපස නිශ්ශිත පුද්ගලයන් මෙන්ම නිශ්චිත හේතුද තිබේ .ඒවා නිවැරදිව හදුනා හෙළිදරවු කිරීමට යහපාලනය අසමත් වන තාක් කල් මේ අපරාද මඩය, බොරුය ..පැය තුන හතර ප්‍රකාශ සටහන් කර ගැනීමට තරම් දෙයක් මෙතන තිබේද .යහපාලනය බලයට ආදා සිට කල මේ ප්‍රකාශ සටහන් කර ගැනීමේ ප්‍රෝඩාව ප්‍රශ්න කරන්නේ කවුද .ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අපරාද කරුවන්ට ලබා දුන් දඩුවම කුමක්ද .යහපාලනයට තව අවුරුදු එකහ මාරකට වඩා නැත .යහපාලනය පරාජය වූ පසු මේ නඩු ඉදිරියට ගෙනියන්නේ මහින්ද මහත්තයාමද ..මහා බැංකු හොරකම් තමන්ගේ හොරකම් නිසා ඒවා යට ගසනවා කියා හිතීම තාර්කිකය.ඒ තමන්ගේ හොරකම්ය. තමන්ගේ හොරකම් තමන්ම අල්ලා තමන්ම දඩුවම් විදින මහා යුක්ති සහගත බාවයක් බලා පොරොත්තු වීම විහිළුවකි. එහෙත් රාජපක්ෂ යුගයේ හොරකම් වංචා අපරාද ප්‍රකාශ සටහන් කර ගැනීමේ ප්‍රෝඩාවෙන් යටපත් කිරීමේ අවශ්‍ය තාවය අප තෙරුම් ගත යුත්තේ කෙසේද .. සිරිසේන මහත්තයා ජනාදිපති උයේ ඔහුට තිබු සුවිශේෂී ආකර්ශනයක්...

හීනයක් ඇතුලේ දී මහින්ද මහත්තයට දුටුගැමුණු රජතුමා හමු උනේය .

හීනයක් ඇතුලේ දී මහින්ද මහත්තයට දුටුගැමුණු රජතුමා හමු උනේය . මහින්ද මහරජතුමනි යුද්දයක් ජයග්ග්‍රහණය කලපසු දිනපු යුද්දය අතහැරිය යුතුයි නමුත් ඔබ තුමාත් ගෝලබාලයනුත් තාම යුද්දය අල්ලාගෙන මොකද ඒ යුද්දය කෙලෙසකනම් අතහරින්නද දුටු ගැමුණු මහා රජ. ජනයා මට මෙතරම් ප්‍රිය උයේ යුදජය නිසාය. ඒ නිසා ජනයා මාත් යුදජයත් අතහැරීමට සුදානම් නැත තොපලාගේ ප්‍රදාන සතුරා වූ ප්‍රභාකරනුත් උගේ යුදබටයනුත් මරාදමා කිරිබත් කා ජයපැන් බි එම කාර්ය අවසන් කලා නොවෙද අවසන් කලෙමි එහෙත් වසරක් පාසා ඒ ජය අප විසින් සැමරිය යුතුය මරා දැමු ප්‍රභාකරන් නැවත නැවත මැරිය යුතුය .  තොපගේ ජනයා ප්‍රභාකරන්ගේ හා ඔහුගේ අනුගාමිකයන්ගේ කුණු උ මළ ශරීර තවමත් මලපෙරේතයන් සේ බුදිමින් සිටින්නේ මන්ද. උන් මළකුණු වලට ආශා කරණ ගෙවලයෝද පෙරේතයෝද . දේශප්‍රේමින්ට අපහාස නොකරන්න දුටුගැමුණු රජ. දේශප්‍රේමිගේ ආතල් නොකඩන්න. තොපගේ දේශපාලනය නම් පුදුම සහගතය යුදජයෙන් පසුව තොප කල යුතුව තිබුනේ පරාජිතයා දිනා ගැනීමේ සටනයි. නමුත් තොප කලේ දිනාගත් ජයග්ග්‍රාහකයා තව දුරටත් දිනාගෙන දේශපාලන බලය තහවුරු කර ගැනීමට උත්සාහ දැරීමයි . ඔබතුමා එළාර රජතුමාට කලපරිද්දෙන් මා ප්‍රභාකර...