Skip to main content

වමේ දේශපාලනය විය යුත්තේ මේ පොදු ජනයා ගේ කුණු වීම ඉක්මන් කරන එක

මීතොටුමුල්ලේ කුණු කන්ද නාය ගිහිල්ලා මිනිස්සු මැරුණා .දැන් හැමෝම මේ ප්‍රශ්නය ට හේතුව තමන් කැමති තැන හේත්තු කරලා උත්තර දෙනවා .මහින්ද මහත්තයා හිටියා නම් මෙහෙම වෙන්නේ නෑ ගෝටාබය මහත්තයට කාලය මදි උනා මේ ප්‍රශ්නය විසදන්න. මෛත්‍රි රනිල් ගේ යහ පාලන ආණ්ඩුව තමා මේකට වග කියන්න ඕනේ .මහින්ද මහත්තයා හිටියනම් කුණු කන්ඳ නාය ගිය තැනට එවලේම යනවා .ඔන්න මහින්දවාදීන්ගේ උත්තර .එයාල හේතුව යහපාලනයට හේත්තු කරලා ජොලියක් ගන්නවා .කොළබ ලස්සන කරකර හිටියා මිසක් කුණු කන්දේ ප්‍රශ්නේ විසදුවේ නෑ ,මහින්දගේ ආන්ඩුව මේකට කියන්න ඕනේ කියලා යහපාලනේට පක්ෂ අය හේතුව රාජපක්ෂ ආන්ඩුව හේත්තු කරනවා .වාමාංශික කට්ටිය jvp ය අපි බලයේ හිටියනම් මෙහෙම දේ වෙන්න නෑ කියන හේතුව හදනවා .ඉතිහාසය පුරා අපි සැනසුනේ අපි කැමති තැන් වල හේතුව හේත්තු කරලා.අදහස් නිර්මාණය කරගෙන .කුණු කදු දාහකට යට උනත් අපේ මිනිස්සු මහින්දව අතාරින්නෙ නෑ රනිල්ව අතාරින්නෙ නෑ. මෛත්‍රිව අතාරින්නෙ නෑ.මේ සිස්ටම් එක අතාරින්නෙ නෑ . තේරෙනවා නම් තේරුම් ගන්න පුළුවන් සීමාව පහුකරලා ගිහිල්ලා. නොතේරෙන කම නේමෙයි ,සයිටම් වගේ කැම්පස් රට වටේ හැදෙන්න ඕනේ නිදහස් සෞක්‍ය අද්දියාපනය නැති වෙන්න ඕනේ .බඩු මිළ වැඩි වෙලා බඩේ බත් නැතුව ඉන්න ඕනේ .මේ වගේ පාලකයෝ වෙනුවෙන් පෙනී ඉන්න කිසිම එකෙක් වෙනුවෙන් අරගල කරලා වැඩක් නෑ .මේකෙම කුණුවෙලා කුණු කලා මැරුනත් උන්ට ගානක් නෑ .මෙහෙම මිනිස්සු වෙනුවෙන් දේශපාලනය කරලා මොනවා දිනලා දෙන්නද .මේ කාලේ වමේ දේශපාලනය  විය යුත්තේ මේ පොදු ජනයා ගේ කුණු වීම ඉක්මන් කරන එක .ඒක උදාහරණයකින් කිඋවොත් සයිටම් එකට විරුද්ද වීම වෙනුවට පක්ෂ වීම .මේ සිස්ටම් එක ඇතුලේ අරගල කරලා දිනා දීම් කියන්නේ මේ සිස්ටම් එක පවත්වා ගැනීමට උදවූ කිරීමක් ..කරුණාකරලා මේ මිනිස්සුන්ට කුණු වෙලා මැරෙන්න ඉඩ දෙන්න වමේ කට්ටිය ඒකට බාදා කරන්න එපා .අරගලයෙන්, දැනුම දීමෙන්,විප්ලවයෙන් කරන්න පුළුවන් දෙයක් නෑ. කරුණාකරලා මේ මිනිස්සුන්ගේ කුණුවීම ඉක්මන් කරන්න. අද ඉදන් මගේ දේශපාලනය කුණුවීම ඉක්මන් කරණ එක.

Comments

Popular posts from this blog

ගෝටාබය මහත්තයා ට හැමෝම කැමති එතුමාට හොදටබය කරන්න පුළුවන් හින්ද

අද තිවීල් එකේ එනකොට රියදුරු මහත්තයා කතාවට වැටුණා .මට හමු වූ තිවීල් රියදුරු මහත්වරුන්ගෙන් සියයට අනුනමයක්ම උග්‍ර මහින්දවාදීන් .මේ මනුස්සයා නැග්ගවෙලේ ඉදන් රනිල්වයි සිරිසේන ලොක්කටයි පතුරු යන්න බනිනවා .මේ වගේ කට්ටිය හම්බු උනාම මාත් උන්ගෙන් උපරිම ආතල් එක ගන්නවා .මාත් උත් එක්ක සෙට් වෙලා උග්‍ර මහින්දවාදියෙක් වගේ යහපාලනේ පතුරු අරිනවා මේ මනුස්සයා කියනවා මහින්ද මහත්තයා මොනවා කලත් රට සංවර්දනය කලා මුන් මොනවාද කරන්නේ ඒ මනුස්සයා හිටියනම් අද මේරට සුර පුරයක් .හැබැයි ගෝටාබය මහත්තයා එනවා ෂ ුවර් එය ඇවිල්ලා රට ටිප් ටොප් එකට ගොඩ දානවා .මුන් නපුනසකයෝනේ .කොන්ද පණනැති කලකන්නිනේ .මම දන්නවා මේ මිනිස්සුම ගෝටාබය මහත්තයා රටේ නායකයා වෙච්ච දවසට කියනවා .මොනවා උනත් යහපාලනේ තියන කාලේ මෙහෙම බයක් තිබුනේ නෑනේ .අපි කට ඇරලා රනිල් මහත්තයට මයිත්‍රේ මහත්තයට බැන්නනේ .දැන් කොහෙද එහෙම නිදහසක් .අඩු ගානේ ඒ කාලේ අපි බය නැතුව පාරට බැහැලා පිකට් කලා වර්ජන කලා දැන් කොහෙද ඒවා .කියන දේ පිලි අරගෙන කටයි ...කයි වහගෙන ඉන්න වෙලා තියෙන්නේ .උන් සැප විදිනවා අපි දුක් විදිනවා .මම උවද දැන් බය නැතිව සිරිසේන මහත්තයාව රනිල් මහත්තයාව පතුරු යන්නට විවේචනය ...
මහින්ද මහත්තය කියනවා කිත් නොයාර්ගේ පහර දීමේ සිදුවීමට තමාගෙන් ප්‍රශ්න කීරීම මඩ ගහන්න කරපු වැඩක් කියලා ...එකල සිදුවූ මේ අපරාද වලට වගකිව යුත්තේ .කවුද .මේවා ඉබේ සිදුඋන දේවල්ද ..මේ සියලු අපරාද පිටුපස නිශ්ශිත පුද්ගලයන් මෙන්ම නිශ්චිත හේතුද තිබේ .ඒවා නිවැරදිව හදුනා හෙළිදරවු කිරීමට යහපාලනය අසමත් වන තාක් කල් මේ අපරාද මඩය, බොරුය ..පැය තුන හතර ප්‍රකාශ සටහන් කර ගැනීමට තරම් දෙයක් මෙතන තිබේද .යහපාලනය බලයට ආදා සිට කල මේ ප්‍රකාශ සටහන් කර ගැනීමේ ප්‍රෝඩාව ප්‍රශ්න කරන්නේ කවුද .ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අපරාද කරුවන්ට ලබා දුන් දඩුවම කුමක්ද .යහපාලනයට තව අවුරුදු එකහ මාරකට වඩා නැත .යහපාලනය පරාජය වූ පසු මේ නඩු ඉදිරියට ගෙනියන්නේ මහින්ද මහත්තයාමද ..මහා බැංකු හොරකම් තමන්ගේ හොරකම් නිසා ඒවා යට ගසනවා කියා හිතීම තාර්කිකය.ඒ තමන්ගේ හොරකම්ය. තමන්ගේ හොරකම් තමන්ම අල්ලා තමන්ම දඩුවම් විදින මහා යුක්ති සහගත බාවයක් බලා පොරොත්තු වීම විහිළුවකි. එහෙත් රාජපක්ෂ යුගයේ හොරකම් වංචා අපරාද ප්‍රකාශ සටහන් කර ගැනීමේ ප්‍රෝඩාවෙන් යටපත් කිරීමේ අවශ්‍ය තාවය අප තෙරුම් ගත යුත්තේ කෙසේද .. සිරිසේන මහත්තයා ජනාදිපති උයේ ඔහුට තිබු සුවිශේෂී ආකර්ශනයක්...
ගොඩ නැගෙන හැම මනුෂ්‍ය සම්බන්දයක් ම ගොඩනගලා තියන මනුෂ්‍ය සම්බන්දකම් වල ආකෘති ඇතුළට වැටෙනවා . ආකෘති ඇතුලේ මනුෂ්‍ය සම්බන්දකම් ඇතිවෙනවද ගොඩනැගෙන මනුෂ්‍ය සම්බන්දකම් ආකෘති ඇතුළට දානවද කියන එක .කිකිළිද බිත්තරේද වගේ ප්‍රශ්ණයක් ....එක ගැනියෙක් එක පිරිමියෙක් ගේ සම්බන්දයකට ප්‍රේමය කියනවා .ඔය ප්‍රේමය උත්කෘෂ්ටයි පරමයි පිවිතුරුයි කියන්න ඕනේ තරම් සංකල්ප වචන සාහිත්‍ය තියනවා .සිදුහත් යසෝදරා සම්බන්දයත් අන්න ඒ වගේ කථාවක් සාහිත්‍යක් .මිනිස්සු ඒවට ආසයි .සිදුහත් ගිහි ගෙයින් ගියාට පස්සේ  යසෝදරා වෙනත් පුරුෂයෙක් සමග සම්බන්දය තිබුණා කියලා හිතන්නවත් අපි කැමති නෑ.මොකද අර වගේ පරම පිවිතුරු සම්බන්දකම් ඇත්තට නැති නිසා ඇත්තට තියනවා කියලා බොරුවට හිතන්න අපි කැමතියි ........ජිවිතේ කියන්නෙම ඇත්තට නැති දේවල් ඇත්තට තියනවා කියලා බොරුවට හිතන්න කැමති වීම .ඇත්තට තියනවා කියලා බොරුවට හිතාගෙන ජීවත් වීම .එක වෙලාවකට මට මේ ඇක්ට් එක දරා ගන්න බැරි තරම් අමාරුයි ..මිනිස්සු කොහොමද අප්පා මේ තරම් බොරුවක් ඇත්තයි කියලා හිතාගෙන බොරුවට ජීවත් වෙන්නේ