Skip to main content

.අද jvp කතා අහලා මේ රටේ මිනිස්සු මහින්ද මහත්තයාට හරි ගෝටාබය මහත්තයාට හරි රටේ දේශපාලන බලය දෙනවා

.jvp ගැන බොහොම සුබවාදී ආකල්පයක තමා මම තාම ඉන්නේ ..........මෙවැනි විවේචන කරන්නෙත් ඒ නිසා ............ එදා jvp කතා අහලා මේ රටේ මිනිස්සු මයිත්‍රී මහත්තයාව ජනාදිපති කලා ....අද jvp කතා අහලා මේ රටේ මිනිස්සු  මහින්ද මහත්තයාට හරි ගෝටාබය මහත්තයා   හරි රටේ දේශපාලන බලය දෙනවා  .මේ තත්වය ගැන jvp මොන තරම් අවබෝදයකින් පසු වෙනවද කියල මම දන්නේ නෑ .......... 
.පිංහාමි
“මහින්ද මහත්තයා චීනයෙන් ණය අරගෙන වරායක් හැදුවා. යහපාලකයො ඒ වරාය චීන සමාගමකට බදු දුන්නා. ඔන්න යහපාලනේ මහා ආර්ථික විප්ලව වැඩ කියා පිංහාමි කියන විට, 
“ඔන්න අපි බැංකුවෙන් ණයක් අරගෙන ගෙයක් හදනවා. හැබැයි සම්පූර්ණයෙන් හදාගන්න බැරි වෙනවා. ඒ හින්දා ගෙයි පදිංචියට යන්නත් බෑ. නිකං ඔහේ තියලා වැඩකුත් නෑ ඒ හින්දා ගේ කාටහරි කුලියට දෙනවා. අවුරුදු දෙකක ඇඩ්වාන්ස් එකක් අරගෙන ගෙයි වැඩ සම්පූර්ණ කරලා දෙනවා. කුලියට ඉඳලා ඒ මිනිස්සු ගියාම හොඳට හදපු ගෙයක් අපට ඉතුරු වෙනවා කියා පොඩි පුතා කීවේය. 
“අනූනම අවුරුද්දක් ඉඳලා, වරායෙන් ලැබෙන ආදායම සේරම හූරගෙන කාලා, කොළඹ වරායටත් කෙලවලා, චීන .ගියාට වැඩක් තියෙනවද? අනෙක චීනා එහෙම යන්නේ නෑ. බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයට නෙමෙයි. චීන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයට අපි අහුවෙනවා. අනික බන් අපි බැංකුවෙන් ණයක් අරගෙන ගෙයක් හදලා ඒ ගෙදර බැංකුවේ උන්ට පදිංචි වෙන්න දෙනවද? අමාරුවෙන් කාමර කෑලි දෙකක් හදාගෙන ජනෙල්වලට ඉටි කොළ ගහගෙන පදිංචි වෙලා පුළුපුළුවන් විදිහට කෑල්ලෙන් කෑල්ල හදාගෙන වැඩේ ගොඩදා ගන්නවානේ.... ඔන්න සල්ලි කීයක් හරි හම්බ වුණාම, වැලි කියුබ් භාගයකුත් සිමෙන්ති කොට්ට හතරක් පහක් අරගෙන බිත්ති ටික කපරාරු කරලා දානවා. ආපසු සල්ලි කීයක් හරි හම්බ වුණාම උළුවහු දෙක තුනක් ගන්නවා. ජනෙල් පියනක් හදාගන්නවා. පොළොවට සිමෙන්ති ටිකක් දාගන්නවා. බැංකුවේ ණය ටිකක් ගෙවාගෙන අමාරුවෙන් ළමයිනුත් හදාගෙන වේලක් හැර වේලක් කාලා අමාරුවෙන් ගේම ගහන එක නේ, බන් අපේ ක්‍රමය. මං කියන්නෙ අන්න ඒ ක්‍රමයට මහින්ද වරාය අපේ අතේ තියාගන්න තිබ්බේ. වෘත්තීය සමිතිත් කියන්නෙ මහින්ද මහත්තයාගේ මාගම්තොට වරාය බදු දෙන්න එපා, අපේ අතේම තියා ගන්න කියලනේ කියා පිංහාමි කීවේය. 
“අපි ගෙවල් හදන ක්‍රමයට මාගම්තොට වරාය හදලා නැව් එනකොට තව අවුරුදු සීයක්, දෙසීයක් යයි. එතකොට වරායවලට එන නැව් ලෝකෙ තියෙයිද දන්නෙත් නෑ... එතකොට තෙල් කියලා දේකුත් නැතිවෙයි. වරාය ගොඩදාන්න ආණ්ඩුවට සල්ලිත් නෑ... අපේ වරාය, දේශීය සම්පත් කියකියා කොළඹ වරායට එන නැවක් දෙකක් හරවලා යවලා ඔටෝ චූන් එකක් අරගෙන ඉන්න පුළුවන්. මේ ආණ්ඩුව කියනවනේ හම්බන්තොට වරාය මහින්ද මහත්තයා චීනෙට පවරන්න හැදුවා, හැබැයි ඒ දීපු විදිහට දුන්නා නම් ආණ්ඩුවට සතපහක් වත් හම්බවෙන්නේ නෑ කියලා. හැබැයි මේ යහපාලන ආණ්ඩුව පවරපු විදිහෙන් ආණ්ඩුවට විශාල මුදලක් ලැබෙනවා කියලා. දැන් මේ ලෝක ආර්ථිකයේ ගමන් කරන විදිහට අපට මේ පරණ වලව්කාරයො වගේ ගරාවැටිච්ච වලව්ව රැකගෙන අපේ දේ කියකියා ඔහේ ඉන්න බෑ. වලව්වත් එක්ක ඉඩම හොඳ ගාණකට විකුණලා වෙන කොහෙන් හරි හොඳ ගෙයක් අරගෙන ඉතුරු ගාණ පොතේ දාගෙන හොඳට කාලාබීලා ජීවත් වෙන එකයි තියෙන්නෙ කියා පොඩි පුතා කියන විට, 
“එතකොට ඉතිං වෙන්දේසිකාරයො වලව්ව කඩලා දාලා ඉඩම පර්චස් දහයේ කෑලිවලට කඩලා පෙට්ටි මොඩ්ල් ගෙවල් හදාලා කෝටි ගණන්වලට විකුණයි කියා පිංහාමි කීවේය. 
“එහෙම තමයි ආයෝජන කරනවා කියන්නෙ. එහෙම නැතුව වලව්ව ගන්ත ගාණටම පර්චස් දහයේ කෑලි කඩලා ගෙවල් හදලා විකුණනවාද? වලව්ව සල්ලි දීලා ගන්න ගාණයි ඊට පස්සෙ පර්චස් දහයේ කෑලි කඩලා ගෙවල් හදලා විකුණන ගාණයි සන්සන්දනය කරලා පාඩුව මෙච්චරයි කිව්වාම ඒක හරිද? අන්න ඒ වගේ තමයි ඔය වරාය වැඩෙත්. මොකද ඔය වරාය බදු ගන්න චීන කොම්පැණිය දාන මාන දෙන පිං අතේ වැඩ කරන සමිතියක් නෙමෙයිනේ... ලාභ උපයන්නනේ වරාය බදු ගන්නෙ. නැත්නම් මේ අපට ආදරේට නෙමෙයි නේ. වරාය තනියම අපට ගොඩදා ගන්නත් බැරි නම්, බදු දීලා ගාණක් අරගෙන ඉන්නේ නැතුව, අර බලන්නකෝ මුන් වරායෙන් හම්බු කරන හැටි කිය කියා හූල්ල හූල්ල අපට හම්බ වෙච්ච ගාණයි කොම්පැණිය උපයන ගාණයි සසඳලා පාඩුව මෙච්චරයි අච්චරයි කියන එක හරිද? කියා පොඩි පුතා ඇසුවේය. 
“ඒ වුණාට බන් මේ අපේ සම්පත් න්... හෙට උපදින අපේ දුවා දරුවන්ට මොනවද ඉතුරු වෙන්නේ... උන් අපට සාප කරයි රට විකුණුවා කියලා කියා පිංහාමි කියන විට, 
‘“ඔය ඉතිං වාමාංශික උච්චාරණයෙන් කියන කතා නේ... අනාගතේ ඉපදෙන එවුන් ඔහොම හිතන්නේ නෑ. උන් දන්නවා මේක තමයි සිස්ටම් එක කියලා. ඔය තනි රටේ දේශප්‍රේමය අරවා මේවා අනාගතයේදී ඉවර වෙලා මුළු ලෝක ආර්ථිකයට එකඑක රටවල ආයෝජන බදුදීම් මිලට ගැනීම් මත ගොඩ නැගෙනවා. එතකොට ඔය දේශප්‍රේමී බයිලා, බයිලා විතරක්ම වෙනවා. 
අනික ඔය අපේ සම්පත් හෙට උපදින දරුවන්ට රැකලා දෙන්න නම් මහින්ද මහත්තයාට, රනිල් මහත්තයාට, මෛත්‍රී මහත්තයාට බලය දීලා හරියන්නේ නෑ. එහෙම නම් ජේ.වී.පී. එකට බලය දීලා අනුර කුමාර සහෝදරයාව රටේ ජනාධිපති කරවන්න. ඒ වැඩේට මාත් කැමතියි. හැබැයි ඒ වැඩේට මේ රටේ ගොඩක් එවුන් කැමති නෑනේ. යූ.එන්.පී. එකට බලය දීලා වරාය විකුණනවාය, තෙල් ටැංකි විකුණනවාය, සයිටම් වහන්නෙ නෑනේ කියලා බොරුවට බුරලා වැඩක් නෑ. අනුර කුමාර සහෝදරයා ජනාධිපති වෙලා කරන්න ඕනේ වැඩේ රනිල් මහත්තයා ලව්වා කරගන්න හදනවා වගේ වැඩක් නේ මේ කරන්න හදන්නේ. 
අනික රටේ සම්පත් විකුණලා... සයිටම් වගේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරලා, පොදු ජනයා අතර යූ.එන්.පී. එක පජාත වෙලා, ඡන්ද නැති වෙනවා නම් හොඳයි නේ... ඔය කියන තරම් පොදු ජනයාට, රටට හානියක් වෙනවා කියලා පොදු ජනයාටම දැනෙනවා නම් මේ ධනපති පක්ෂ ප්‍රතික්‍ෂේප වෙන්න එපැයි. මේ විකාර අරගල නිසා මේ අරගල වලට බය වෙලා ආණ්ඩුව රටේ සම්පත් විකුණන එක නවත්තලා සයිටම් එක වහලා දැම්මොත් ආණ්ඩුව ගොඩදාලා තියෙන්නේ ජේ.වී.පි. එක වෙනවා. පෙරටුගාමී වෙනවා. ඇයි ඉතිං රටට අහිතකර ජනයාට අහිතකර දේ වැළැක්වුවේ ජේ.වී.පී. එක, පෙරටුගාමී කියලා ඔය පොදු ජනයා එයාලට ඡන්දෙ දෙනවද.... එල්.ටී.ටී.ඊ. එක යුද්ධයෙන් පරාජය කරන්න පුළුවන් කියලා මහින්ද මහත්තයා එදා හිතුවද, ජේ.වී.පී. එක, හෙළ උරුමේ යුදවාදී මතවාදය හදලා දුන්නා. මහින්ද මහත්තයා ඒක කර තියාගෙන ගිහිල්ලා යුද්ධය දින්නා. ජේ.වී.පී. එකට හුළං... මහින්ද මහත්තයා ගෙදර යවන මතවාදය හදලත් ජේ.වී.පී.යට හුළං... හොඳට හිතලා බැලුවාම දැන් තේරෙනවා ධනපති නායකයන්වයි ධනපති ආණ්ඩුවයි ගොඩදාලා තියෙන්නේ ජේ.වී.පී. එක කියලා... මේක හරියන තොවිලයක් නෙමෙයි කියලා ජේ.වී.පී. එක තේරුම් ගන්න ඕන. මේ මොහොතේ ජේ.වී.පී මතවාදය හින්දා මහින්ද මහත්තයා හරි ගෝඨාභය මහත්තයා හරි ගොඩයන පාටක් පේන්න තියෙනවා* කියා පොඩි පුතා කීවේය. 
“ඉස්සර ජේ.වී.පී. එකට කඩේ ගිය උඹ දැන් ජේ.වී.පී. එක සැරට විවේචනය කරන්නේ මොකද බන්* කියා පිංහාමි ඇසුවේය
“අනුර කුමාර සහෝදරයා මේ රටේ ජනාධිපති වෙනවා නම් මට ගොඩක්ම කැමැතියි. හැබැයි ධනපති නායකයන්ගෙන් සමාජවාදී වැඩ කරගන්න එකට මම විරුද්ධයි. මේ සිස්ටම් එක ඒ ක්‍රමයෙන් පරාජය කරන්න බෑ. පොදු ජනයාට මේ ධනපති ක්‍රමයෙන් දැනෙන පීඩනයට වඩා පීඩනයක් 88–89 කාලේ මතක් වෙලා දැනෙනවා නම්, එතැනත් අවුලක් තියෙනවා. ජේ.වී.පී. එක තමන්ගේ ගමන් මාර්ගය වෙනස් කළේ නැත්නම් දෙදාස් විස්සේ නෙමෙයි තුන්දාස් විස්සේදීවත් රටේ දේශපාලන බලය ගන්න හම්බ වෙන්නේ නෑ කියා පොඩි පුතා කීවේය 
නදීෂ් දික්කුඹුර

Comments

Popular posts from this blog

මහින්ද මහත්තය කියනවා කිත් නොයාර්ගේ පහර දීමේ සිදුවීමට තමාගෙන් ප්‍රශ්න කීරීම මඩ ගහන්න කරපු වැඩක් කියලා ...එකල සිදුවූ මේ අපරාද වලට වගකිව යුත්තේ .කවුද .මේවා ඉබේ සිදුඋන දේවල්ද ..මේ සියලු අපරාද පිටුපස නිශ්ශිත පුද්ගලයන් මෙන්ම නිශ්චිත හේතුද තිබේ .ඒවා නිවැරදිව හදුනා හෙළිදරවු කිරීමට යහපාලනය අසමත් වන තාක් කල් මේ අපරාද මඩය, බොරුය ..පැය තුන හතර ප්‍රකාශ සටහන් කර ගැනීමට තරම් දෙයක් මෙතන තිබේද .යහපාලනය බලයට ආදා සිට කල මේ ප්‍රකාශ සටහන් කර ගැනීමේ ප්‍රෝඩාව ප්‍රශ්න කරන්නේ කවුද .ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අපරාද කරුවන්ට ලබා දුන් දඩුවම කුමක්ද .යහපාලනයට තව අවුරුදු එකහ මාරකට වඩා නැත .යහපාලනය පරාජය වූ පසු මේ නඩු ඉදිරියට ගෙනියන්නේ මහින්ද මහත්තයාමද ..මහා බැංකු හොරකම් තමන්ගේ හොරකම් නිසා ඒවා යට ගසනවා කියා හිතීම තාර්කිකය.ඒ තමන්ගේ හොරකම්ය. තමන්ගේ හොරකම් තමන්ම අල්ලා තමන්ම දඩුවම් විදින මහා යුක්ති සහගත බාවයක් බලා පොරොත්තු වීම විහිළුවකි. එහෙත් රාජපක්ෂ යුගයේ හොරකම් වංචා අපරාද ප්‍රකාශ සටහන් කර ගැනීමේ ප්‍රෝඩාවෙන් යටපත් කිරීමේ අවශ්‍ය තාවය අප තෙරුම් ගත යුත්තේ කෙසේද .. සිරිසේන මහත්තයා ජනාදිපති උයේ ඔහුට තිබු සුවිශේෂී ආකර්ශනයක්
ගොඩ නැගෙන හැම මනුෂ්‍ය සම්බන්දයක් ම ගොඩනගලා තියන මනුෂ්‍ය සම්බන්දකම් වල ආකෘති ඇතුළට වැටෙනවා . ආකෘති ඇතුලේ මනුෂ්‍ය සම්බන්දකම් ඇතිවෙනවද ගොඩනැගෙන මනුෂ්‍ය සම්බන්දකම් ආකෘති ඇතුළට දානවද කියන එක .කිකිළිද බිත්තරේද වගේ ප්‍රශ්ණයක් ....එක ගැනියෙක් එක පිරිමියෙක් ගේ සම්බන්දයකට ප්‍රේමය කියනවා .ඔය ප්‍රේමය උත්කෘෂ්ටයි පරමයි පිවිතුරුයි කියන්න ඕනේ තරම් සංකල්ප වචන සාහිත්‍ය තියනවා .සිදුහත් යසෝදරා සම්බන්දයත් අන්න ඒ වගේ කථාවක් සාහිත්‍යක් .මිනිස්සු ඒවට ආසයි .සිදුහත් ගිහි ගෙයින් ගියාට පස්සේ  යසෝදරා වෙනත් පුරුෂයෙක් සමග සම්බන්දය තිබුණා කියලා හිතන්නවත් අපි කැමති නෑ.මොකද අර වගේ පරම පිවිතුරු සම්බන්දකම් ඇත්තට නැති නිසා ඇත්තට තියනවා කියලා බොරුවට හිතන්න අපි කැමතියි ........ජිවිතේ කියන්නෙම ඇත්තට නැති දේවල් ඇත්තට තියනවා කියලා බොරුවට හිතන්න කැමති වීම .ඇත්තට තියනවා කියලා බොරුවට හිතාගෙන ජීවත් වීම .එක වෙලාවකට මට මේ ඇක්ට් එක දරා ගන්න බැරි තරම් අමාරුයි ..මිනිස්සු කොහොමද අප්පා මේ තරම් බොරුවක් ඇත්තයි කියලා හිතාගෙන බොරුවට ජීවත් වෙන්නේ

භාෂාවකට මොනවාද කරන්න බැරි .

භාෂාවකට මොනවාද කරන්න බැරි ..තමන් විස්වාස කරණ මතවාදය සාදක හොයල තර්කය ඔස්සේ දිනවලා දෙන්න භාෂාවකට හැකියාව තියනවා .පුර්ව නිගමනය ඔළුවට අරගෙන එක ඔප්පු කරන්න සාදක හෙඋවාම ඕනෑ තරම් සාදක හොයා ගන්න පුළුවන් .....යුද ජය සැමරීම .රණවිරුවා උත්කර්ෂයට නැංවීම. .දෙමළාට වයිර කරමින් සිංහලයෙනි නැගිටියවූ කීම .රාජිතට හෙණ වැදියන් කීම.ආදී මතවාද පුර්ව නිගමන විදිහට ඔළුවට අරගෙන මේවා සදාරනිකරණය කිරීම වෙනුවෙන් සාදක හෙඋවොත් ඕනේ තරම් සාදක ලේසියෙන් හොයා ගන්න පුළුවන් .අර මාධ්‍යවේදියෝ කියන කට්ටිය රාජිතව හිර කරලා  තමන්ට ඕනේ උත්තරය ගත්තෙත් මේ විදිහට තමා . සාමය සංහිදියාව වෙනුවට ඔඋන්ට ඕනේ නැවත රජාපක්ෂ කදවුර බලයට ගෙන එම .එකට තියන හොදම දේ තමා යුද්දය රණවිරුවා උත්කර්ෂයට නැංවීම .ගිය අවුරුද්දටත් වඩා මේ අවුරුද්දේ යුද ජය සැමරීම, රණවිරුවා උත්කර්ෂයට නැන්වෙන්නේ ගෝඨාභය මැතිදුන් බලයට ගෙන ඒමේ වියාපෘතියේ උවමනාව වෙනුවන් .ඊට එරෙහි පිරිසත් මේ මතවාද යුද්දයේම සටන් කරන්නේ ඒ නිසා ..ඒ වගේම යුද විරෝදය .යුද ජය සැමරිය යුතු දෙයක් නොවේ .උතුරේත් දකුණේත් මැරුණේ එකම රටේ මිනිස්සු .දරු දුක ට සිංහල දෙමළ බේදයක් නෑ වගේ මතවාදයක් පුර්ව නිගමන විදිහට ඔළුවට අරගෙන