Skip to main content

ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටයි වඩා බලයක් විජේදාස මහත්තයාට තියෙනවා

“මහත්තයා... මහත්තයා... 
“ආ... මේ පිංගොනානේ... මොකද මේ උදේ පාන්දරම...?*
“නෑ මහත්තයා... මට මේ ගොන් ප්‍රශ්න ටිකක් තියෙනවා, ඒක විසඳගන්න ආවේ... 
“අහපන්කෝ බලන්න එහෙනම් ගොන් ප්‍රශ්න ටික*
‘“මේ රට පාලනය කිරීමේ වැඩිම බලයක් තියෙන්නේ කාටද මහත්තයා...*
“රටේ ජනාධිපතිටනෙ ගොනෝ... ඒ කියන්නේ මෛත්‍රී මහත්තයාට නේ...*
“ඊට පස්සෙ වැඩිම බලයක් තියෙන්නේ කාටද මහත්තයා?*
“අගමැති රනිල් මහත්තයාටනෙ ගොනෝ*
“මහත්තයා දන්න බම්බුව. ඔය දෙන්නටම වඩා වැඩි බලයක් තියෙන කෙනෙක් ඉන්නවා*
“ඒ කවුද ගොනෝ?*
“විජේදාස රාජපක්‍ෂ මහත්තයා... ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටයි වඩා බලයක් විජේදාස මහත්තයාට තියෙනවා.*
‘උඹට පිස්සුද ගොනෝ? 
“මට පිස්සු නෑ... රාජපක්‍ෂ මහත්තයාගේ ආණ්ඩුවේ හොරු, වංචාකාරයො, මිනීමරුවො මෙච්චර දවසක් අල්ලන්නේ නැතුව ඉඳලා තියෙන්නෙ විජේදාස මහත්තයානේ... ඔය හොරු, මිනීමරුවො අල්ලන්න මෛත්‍රී මහත්තයාට, රනිල් මහත්තයාට බලයක් තිබුණා නම් එයාලා ඒක කරනවනේ... එයාලට බලයක් නෑ මහත්තයා. යහපාලන ආණ්ඩුවේ මහ බලයක් තියෙන්නේ බුද්ධ ශාසන හා අධිකරණ ඇමතිට... ජනාධිපතිටවත්, අගමැතිටවත් එච්චර බලයක් නෑ... විජේදාස මහත්තයාව අයින් කරන්න හදන්නේ එක නේ...* කියා පිංගොනා කීවේය.
“නෑ... නෑ... ගොනෝ විධායක ජනාධිපතිතුමාට අසීමිත බලයක් තියෙනවා උඹ මොනවද අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන දන්නේ...*
“අනේ මහත්තයලගෙ බම්බුවේ ආණ්ඩුව ව්‍යවස්ථාව. මෛත්‍රී මහත්තයට ඔය තරම් මහ බලයක් තියෙනවා නම්, හොරු අල්ලන්න එපැයි... විජේදාස මහත්තයා හොරු අල්ලන්නේ නෑ කියලා එතුමට හැමෝම බැණ බැණ ඉන්නේ ඒකනේ... ඔය කියන බලේ ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටයි තිබුණ නම් හොරු අල්ලන්නේ නෑ කියලා බණින්න ඕනේ එයාලටනේ... ඉල්ලා අස්වෙන්න කියන්න ඕනේ මෛත්‍රී මහත්තටයි, රනිල් මහත්තයාටයිනේ... කෝ ඉතිං කවුරුත් එහෙම කියනවද නෑනේ... අවුරුදු දෙකහමාරක්ම හොරු අල්ලන්නේ නැතුව ඉන්න කොට මෛත්‍රී මහත්තයාට, රනිල් මහත්තයාට විජේදාස මහත්තයා හොරු අල්ලන්නේ නෑ කියලා තේරුණේ නැද්ද? දැන් මේ හොරු අල්ලපු නැති සේරම ටික විජේදාස මහත්තයා පිට දාලා තියෙන්නේ හොරු, මිනීමරුවො ඇල්ලීමේ මංචාඩියක බලයක් මෛත්‍රී මහත්තයාට, රනිල් මහත්තයාට නැති හින්දනේ* කියා පිංගොනා කීවේය.
“ඒක එහෙම වෙන්න බෑ බං... යහපාලනේ හින්දා ජනාධිපති, අගමැති බලය බල්ලට ගිහිල්ලද දන්නේ නෑ...* කියා ගෙයිහාමි කීවේය.
“මහින්ද මහත්තයා ජනාධිපති වෙලා ඉන්න කොට කොහොමද සිංහයා වගේ රට පාලනය කරපු හැටි... අර ඇමති මේක කරන්නේ නෑ... මේ ඇමති අරක කරන්නේ නෑ කියලා කිව්වද? මහින්ද මහත්තයාට හිතෙන දේ හොඳ හරි නරක හරි එතුමා කළානේ... ඇති වෙන්න, නැති වෙන්න හරි කරන දේ කොන්ද පණ ඇතුව කළානේ... යුද්ධ දිනපු ලෝකේ හොඳම හමුදාපති කිව්ව සරත් ෆොන්සේකා මහත්තයාවත් ඇදගෙන ගිහිල්ලා හිරේ දැම්මනේ...* කියා පිංගොනා කීවේය.
“ඔය දේවල් කරපු හින්දනේ මහින්ද මහත්තයා පැරදුණේ කියා ගෙයිහාමි කියන විට,
“ඔය දේවල් නොකරන හින්දා තමයි යහපාලකයො පරදින්නේ  කියා පිංගොනා කීවේය.
“උඹේ කතාවෙත් ඇත්තක් තියෙනවා. යහපාලනේට ඡන්දෙ දීපු හැටදෙලක්‍ෂයකගේ පැතුම තමයි මේ හොරුන්ට දඬුවම් දෙන එක. යහපාලනයේ නොකරන්නෙත් ඒකම තමයි. යහපාලකයො දඬුවම් දෙනවා කියලා කියන්නේ ගෙන්නලා තේ බොන්න දීලා පැය දෙකතුනක් ප්‍රකාශ සටහන් කරගන්න එකට වෙන්න ඕනේ... හොරු අල්ලන්නේ නැතුව හොරගල් ඇහිඳ ඇහිඳ ඉන්නේ ඊළඟ පාර මහින්දවාදීන්ගේ ඡන්දවලින් දිනන්න හිතාගෙනද දන්නේ නෑ... විජේදාස මහත්තයා නම් වැඩ කළේම ඊළඟ පාර මහින්දවාදී පොදු ජනයාගේ ඡන්දවලින් ගොඩයන්න වගේනේ... තමන්ට ඡන්දෙ දුන්නේ කවුද, තමන් ඡන්දේ ඉල්ලුවේ මොන පක්‍ෂයෙන්ද කියලවත් විජේදාස මහත්තයාට අවබෝධයක් තිබුණද මන්දා... විජේදාස මහත්තයාගේ සේරම කතා තමන්ට ඡන්දෙ දීපු මිනිස්සු චූන් කරන කතා නෙමෙයි, මහින්දවාදීන් චූන් කරන කතා* කියා ගෙයිහාමි කීවේය.
“යහපාලකයන්ට කිසිම දේශපාලන අරමුණක්, සැලසුමක් මොනවත් නෑ.. මොකද විජේදාස මහත්තයා අයින් කරලා වෙන කාටහරි අධිකරණ ඇමතිකම දුන්නා කියලා පටපට ගාලා හොරු අල්ලයිද? බම්බුව තමයි. අධිකරණ ඇමති පිට වැඩේ දාලා ෂේප් වෙවී අධිකරණ ඇමතිලා මාරු කරකර ඉඳියි. වෙන බම්බුවක් මෙයාලාට කරන්න හයියක් නෑ* කියා පිංගොනා කීවේය.
“හොරෙක් අල්ලලා... හොරෙක් අල්ලලා...* කියා හාමිනේ කෑගසමින් එනවිට,
“අප්පට සිරි විජේදාස මහත්තයා ඉල්ලා අස්වෙන්න කලින් හොරෙකුත් අල්ලලාද? කවුද හොරා...?  කියා ගෙයිහාමි ඇසුවේය.
“නෑ... නෑ... විජේදාස මහත්තයා නෙමෙයි බණ්ඩාරගම විරෝධාර ජනතාවයි හොරුන්ව අල්ලලා තියෙන්නෙ... මේ හොරු දෙන්නා රුපියල් එක්දහස් පන්සීයක් කඩේකට වංචා කරලා පැනලා ගිහිල්ලා... විරෝධාර බණ්ඩාරගම පුරවැසියො හොරු පස්සේ පන්නලා ගිහිල්ලා උන්ව අල්ලාගෙන පාරෙ දණ ගස්සලා ගහනවා ගැහිල්ලක්... හොඳ වැඩේ පල් හොරුන්ට* කියා හාමිනේ කීවාය.
“එක්දහස් පන්සීයක් වංචා කළා කියලද පාරේ දණ ගස්සලා ගහන්නෙ... මාර ගොන් චණ්ඩිනේ... වෙලාවකට අපිද ගොන්නු උඹලද ගොන්නු කියලා හිතෙනවා නෝනේ... කෝටි ප්‍ර‘කෝටි ගණන් හොරා කාපු එවුන්ට කොමිසන් දාලා... පැය ගණන් ප්‍රකාශ සටහන් කරගෙන ඒ හොරකම් මාර වැදගත් මාර දේශප්‍රේමී මූල්‍ය අක්‍රමිකතා කියලා කියනවා....
මේ රටේ හොරකම් කරනවා නම් කෝටි ප්‍ර‘කෝටි ගණන් හොරකම් කරන්න ඕනේ... එහෙම හොරා කෑවට ජයවේවා කියන්න පොදු ජනතාවත් ඉන්නවා. පිරිත් නූල් බඳින්න හාමුදුරුවො ඉන්නවා... ජාතියේ අම්මා කියලා පාරවල් දිගේ රෙදි උස්සන් අඬන්න, සටන් පාඨ කියන්න අපටත් වඩා ගොන් ජනතාවක් ඉන්නවා... මේ මොන මිනිස්සුද මහත්තයා?* කියා පිංගොනා ගොම්බෙට්ටක් දැම්මේය.
“එක්දහස් පන්සියයේ හොරු දෙන්නම පොලීසියෙන් මාංචු දාලා අරගෙන ගියේ...* කියා හාමිනේ කියන විට,
“එක්දහස් පන්සියයට ක්‍රියාත්මක වෙන නීතිය මේ රටේ මහා පරිමාණ හොරකම්, දූෂණ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි මහත්තයා...? අර සතොසට බඩු ගෙනාපු සීනි කන්ටේනර්වල තිබුණු කුඩු ගෙනාපු මහ එවුන් ඇල්ලුවද මහත්තයා?  කියා පිංගොනා ඇසුවේය.

“ඒවාට මොනවා වෙනවද කියලා දන්නෙත් නෑ ගොනෝ... සයිටම් වහගත්තොත් නිදහස් අධ්‍යාපනේ ආරක්‍ෂා වෙනවා කියලා හිතනවා වගේ, විජේදාස මහත්තයාව අධිකරණ ඇමතිකමින් අයින් කළාම හොරු මිනීමරුවො අල්ලයි කියලා හිතනවා වගේ විහිළුවක්* කියා ගෙයිහාමි කීවේය. 

Comments

Popular posts from this blog

ගොඩ නැගෙන හැම මනුෂ්‍ය සම්බන්දයක් ම ගොඩනගලා තියන මනුෂ්‍ය සම්බන්දකම් වල ආකෘති ඇතුළට වැටෙනවා . ආකෘති ඇතුලේ මනුෂ්‍ය සම්බන්දකම් ඇතිවෙනවද ගොඩනැගෙන මනුෂ්‍ය සම්බන්දකම් ආකෘති ඇතුළට දානවද කියන එක .කිකිළිද බිත්තරේද වගේ ප්‍රශ්ණයක් ....එක ගැනියෙක් එක පිරිමියෙක් ගේ සම්බන්දයකට ප්‍රේමය කියනවා .ඔය ප්‍රේමය උත්කෘෂ්ටයි පරමයි පිවිතුරුයි කියන්න ඕනේ තරම් සංකල්ප වචන සාහිත්‍ය තියනවා .සිදුහත් යසෝදරා සම්බන්දයත් අන්න ඒ වගේ කථාවක් සාහිත්‍යක් .මිනිස්සු ඒවට ආසයි .සිදුහත් ගිහි ගෙයින් ගියාට පස්සේ  යසෝදරා වෙනත් පුරුෂයෙක් සමග සම්බන්දය තිබුණා කියලා හිතන්නවත් අපි කැමති නෑ.මොකද අර වගේ පරම පිවිතුරු සම්බන්දකම් ඇත්තට නැති නිසා ඇත්තට තියනවා කියලා බොරුවට හිතන්න අපි කැමතියි ........ජිවිතේ කියන්නෙම ඇත්තට නැති දේවල් ඇත්තට තියනවා කියලා බොරුවට හිතන්න කැමති වීම .ඇත්තට තියනවා කියලා බොරුවට හිතාගෙන ජීවත් වීම .එක වෙලාවකට මට මේ ඇක්ට් එක දරා ගන්න බැරි තරම් අමාරුයි ..මිනිස්සු කොහොමද අප්පා මේ තරම් බොරුවක් ඇත්තයි කියලා හිතාගෙන බොරුවට ජීවත් වෙන්නේ
මහින්ද මහත්තය කියනවා කිත් නොයාර්ගේ පහර දීමේ සිදුවීමට තමාගෙන් ප්‍රශ්න කීරීම මඩ ගහන්න කරපු වැඩක් කියලා ...එකල සිදුවූ මේ අපරාද වලට වගකිව යුත්තේ .කවුද .මේවා ඉබේ සිදුඋන දේවල්ද ..මේ සියලු අපරාද පිටුපස නිශ්ශිත පුද්ගලයන් මෙන්ම නිශ්චිත හේතුද තිබේ .ඒවා නිවැරදිව හදුනා හෙළිදරවු කිරීමට යහපාලනය අසමත් වන තාක් කල් මේ අපරාද මඩය, බොරුය ..පැය තුන හතර ප්‍රකාශ සටහන් කර ගැනීමට තරම් දෙයක් මෙතන තිබේද .යහපාලනය බලයට ආදා සිට කල මේ ප්‍රකාශ සටහන් කර ගැනීමේ ප්‍රෝඩාව ප්‍රශ්න කරන්නේ කවුද .ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අපරාද කරුවන්ට ලබා දුන් දඩුවම කුමක්ද .යහපාලනයට තව අවුරුදු එකහ මාරකට වඩා නැත .යහපාලනය පරාජය වූ පසු මේ නඩු ඉදිරියට ගෙනියන්නේ මහින්ද මහත්තයාමද ..මහා බැංකු හොරකම් තමන්ගේ හොරකම් නිසා ඒවා යට ගසනවා කියා හිතීම තාර්කිකය.ඒ තමන්ගේ හොරකම්ය. තමන්ගේ හොරකම් තමන්ම අල්ලා තමන්ම දඩුවම් විදින මහා යුක්ති සහගත බාවයක් බලා පොරොත්තු වීම විහිළුවකි. එහෙත් රාජපක්ෂ යුගයේ හොරකම් වංචා අපරාද ප්‍රකාශ සටහන් කර ගැනීමේ ප්‍රෝඩාවෙන් යටපත් කිරීමේ අවශ්‍ය තාවය අප තෙරුම් ගත යුත්තේ කෙසේද .. සිරිසේන මහත්තයා ජනාදිපති උයේ ඔහුට තිබු සුවිශේෂී ආකර්ශනයක්...

හීනයක් ඇතුලේ දී මහින්ද මහත්තයට දුටුගැමුණු රජතුමා හමු උනේය .

හීනයක් ඇතුලේ දී මහින්ද මහත්තයට දුටුගැමුණු රජතුමා හමු උනේය . මහින්ද මහරජතුමනි යුද්දයක් ජයග්ග්‍රහණය කලපසු දිනපු යුද්දය අතහැරිය යුතුයි නමුත් ඔබ තුමාත් ගෝලබාලයනුත් තාම යුද්දය අල්ලාගෙන මොකද ඒ යුද්දය කෙලෙසකනම් අතහරින්නද දුටු ගැමුණු මහා රජ. ජනයා මට මෙතරම් ප්‍රිය උයේ යුදජය නිසාය. ඒ නිසා ජනයා මාත් යුදජයත් අතහැරීමට සුදානම් නැත තොපලාගේ ප්‍රදාන සතුරා වූ ප්‍රභාකරනුත් උගේ යුදබටයනුත් මරාදමා කිරිබත් කා ජයපැන් බි එම කාර්ය අවසන් කලා නොවෙද අවසන් කලෙමි එහෙත් වසරක් පාසා ඒ ජය අප විසින් සැමරිය යුතුය මරා දැමු ප්‍රභාකරන් නැවත නැවත මැරිය යුතුය .  තොපගේ ජනයා ප්‍රභාකරන්ගේ හා ඔහුගේ අනුගාමිකයන්ගේ කුණු උ මළ ශරීර තවමත් මලපෙරේතයන් සේ බුදිමින් සිටින්නේ මන්ද. උන් මළකුණු වලට ආශා කරණ ගෙවලයෝද පෙරේතයෝද . දේශප්‍රේමින්ට අපහාස නොකරන්න දුටුගැමුණු රජ. දේශප්‍රේමිගේ ආතල් නොකඩන්න. තොපගේ දේශපාලනය නම් පුදුම සහගතය යුදජයෙන් පසුව තොප කල යුතුව තිබුනේ පරාජිතයා දිනා ගැනීමේ සටනයි. නමුත් තොප කලේ දිනාගත් ජයග්ග්‍රාහකයා තව දුරටත් දිනාගෙන දේශපාලන බලය තහවුරු කර ගැනීමට උත්සාහ දැරීමයි . ඔබතුමා එළාර රජතුමාට කලපරිද්දෙන් මා ප්‍රභාකර...