Skip to main content

ආ... මේ ප්‍රභාකරන් භූතයා නේද? මොනවද කල්පනා කරන්නේ.

ප්‍රභාකරන් භූතයෙක් ලෙස ඉපිද කිරිබත්ගොඩ නගරයේ ලයිට් කණුවක් යටට වී කල්පනා කරමින් සිටියේය. මිනිස් ඇසට භූතයන් නොපෙනුනද ගොන් ඇසට භූතයන් පෙනෙන නිසා පිංගොනා ප්‍රභාකරන් භූතයාව දුටුවේය.
“ආ... මේ ප්‍රභාකරන් භූතයා නේද? මොනවද කල්පනා කරන්නේ... මැරුණයි කියල තාම හිතාගන්න බැරිද? කවුද හිතුවෙ ඔහොම මැරෙයි කියල නේද?* කියා පිංගොනා අසන විට,
“කොච්චර හිතාගන්න අමාරු උනත් මම මැරිච්ච විදිහ මට හිතාගන්න පුළුවන්... මට මේ හිතාගන්න බැරි මෙච්චර මේ අවුල් තියාගෙන මුන් කොහොමද මේ යුද්ධෙ දින්නෙ කියලා... යුද්ධෙ කරපු එවුන් එකාට එකා කපා ගන්නවා, පළි ගන්නවා.. යකෝ මේ තරම් ගේම්කාරයො ටිකක් එකතුවෙලානේ මාවත් මරල අපේ සංවිධානය විනාශ කළේ..  කියා ප්‍රභාකරන් භූතයා හීල්ලුවේය.
“ප්‍රභාකරන් භූත උන්නැහේට හොඳට සිංහල කතා කරන්න පුළුවන්නේ... කොහොමද ඉගෙන ගත්තේ?  කියා පිංගොනා ඇසුවේය.
“මැරිච්ච දවසේ ඉඳන් මම ඉන්නෙ උතුරෙ නෙමෙයි දකුණේ... භූත මට වැඩිපුරම චූන් දෙන්නෙ දකුණෙ ඉන්න එවුන්... අදත් මට මාර චූන් එකක් කිරිබත්ගොඩින් හම්බ වුණා..* කියා ප්‍රභාකරන් භූතයා හිනා වුණේය.
“මොකක්ද කිරිබත්ගොඩින් ගත්ත චූන් එක?  කියා පිංගොනා ඇසුවේය.  
“ඇයි බං මාවයි අපේ සංවිධානයයි විනාශ කරපු ලෝකයේ හොඳම හමුදාපති කියලා කියපු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ පඹයෙක් හදල, අමු තිත්තෙන් බැන බැන සෙරෙප්පු වලින් ගගහා ඊට පස්සෙ ගිනි තියලා පාර දිගේ ඇදගෙන ගියානේ...* කියා ප්‍රභාකරන් භූතයා සතුටින් හිනා වුණේය.
“තමිල්නාඩුවේ හරි ඩයස්පෝරාවේ හරි සෙට් එකක් වෙන්න බැරිද?*
“පිස්සුද ගොනෝ... කිරිබත්ගොඩ කොහෙද බං තමිල්නාඩුවේ, ඩයස්පෝරාවේ කට්ටිය...* කියා ප්‍රභාකරන් භූතයා ඇසුවේය.
“කවුද දැන් ඔය වැඩේ කළේ?* කියා පිංගොනා ඇසුවේය.
“වෙන කවුද දේශප්‍රේමී සිංහලයොම තමයි... අර යුද්ධය ඉවර කරන්න මහා යුද සැලසුම් හදලා යුද බිමේ ඉඳන් සටන් කරලා යුද හමුදාවටම මහා වීරයෙක් දේශප්‍රේමියෙක් වෙච්ච අජිත් ප්‍රසන්න... මිනිහා ෆොන්සේකාගේ පඹයට සෙරෙප්පුවකින් ගැහුවා ගැහිල්ලක්... ලැජ්ජා හිතිල මම අහක බලා ගත්ත බං...* කියා ප්‍රභාකරන් භූතයා කීවේය.
“ෆොන්සේකා මහත්තයා ජගත් ජයසූරිය මහත්තයව පාවල දෙන්න හදනවා කියලනේ ඔහොම කරන්නේ* කියා පිංගොනා කීවේය.
‘“ෆොන්සේකටත් වඩා යුද වීරයෙක්ද ජගත් ජයසූරිය... ජගත් ජයසූරියට ජාත්‍යන්තරෙන් නඩු වැටුණාම එයාමනේ කියල තියෙන්නේ යුද්ධෙට අණ දුන්නේ මම නෙමෙයි ෆොන්සේකා කියලා... හරි ඔය සේරම කතා පැත්තකට දාපන්... යුද්ධය දිනවල දීපු වීරයෙක්ගේ පඹයෙක් හදල සෙරප්පුවලින් ගහලා ගිනි තියන පාහරයෝ ඉන්නෙ සිංහලයන් අතරෙ විතරයි..  ප්‍රභාකරන් භූතයා කීවේය.       
“මෙහෙමනේ ප්‍රභාකරන් භූතයෝ ඕකෙ වැඩේ... මහින්ද මහත්තයාට හිතවත් රණවිරුවෝ පාවලා දෙනවට මහින්දවාදී දේශප්‍රේමියෝ කැමති නෑ* කියා පිංගොනා කීවේය.
“මහින්ද ලොක්කාගේ කාලෙ ඔය ෆොන්සේකා උන්නැහැව සතෙක් වගේ ඇදගෙන ගිහිල්ලා හිරේ දාලා ජම්පර් අන්දවනකොට ඔය දේශප්‍රේමය, රණවිරු පාවා දෙන කතා මොනවත් තිබුණෙ නෑනේ... කට්ටියම ඔය බලාගෙන හිටියෙ... ඒ කාලෙ ෆොන්සේකා ලොක්කට ඡන්දෙ දීපු මිනිස්සු මහින්ද ලොක්කාගෙයි ගෝඨාභය ලොක්කගෙයි පඹයො හදලා සෙරෙප්පු වලින් ගහලා ගිනි තියලා පාරේ ඇදගෙන ගියාද? නෑනේ... මොකද මහින්ද ලොක්කට ගෝඨාභය ලොක්කට වෛර කරන සිංහල මිනිස්සු නැතුවද? ඒ මිනිස්සු මොනතරම් විවේචන කළත් මේ වගේ පාහර වැඩ කළේ නෑනේ...* කියා ප්‍රභාකරන් භූතයා කීවේය.
“ප්‍රභාකරන් භූතයා ෆොන්සේකා මහත්තයා ගැන ඔයතරම් දුක් වෙන්නෙ මොකද?* කියා පිංගොනා ඇසුවේය.
“මට ඇති දුකක් නෑ බං... මට දුක මේ වගේ කුලල් කා ගන්න එවුන්ට පැරදිච්ච එකට.... ඔය සිංහලයා කියන්නේ එලෝමෙලෝ නැති මෙලෝ විචාර බුද්ධියක් නැති ජාතියක්නේ...* කියා ප්‍රභාකරන් භූතයා කීවේය.
“ඔය ෆොන්සේකා මහත්තයාගේ පඹයා පුච්චපු එකට ඩයස්පෝරාවේ කට්ටියට මාර සතුටු ඇති නේද?* කියා පිංගොනා අසන විට,      
“ඔව්... ඔව්... දැන එයාලා බලන් ඉන්නේ කවුරු හරි මහින්ද ලොක්කාගෙ හරි ගෝඨාභය ලොක්කාගෙ හරි පඹයො හදලා සෙරෙප්පු වලින් ගහලා පුච්චලා පාර දිගේ ඇදගෙන යනකම්... එතකොට සිංහල මිනිස්සුම එයාලට ඕන දේ කරනවනේ* කියා ප්‍රභාකරන් භූතයා කීවේය.
“ප්‍රභාකරන් භූතයා ඔය චූන් අරගෙන දකුණට වෙලාම ඉන්නද කල්පනාව...* කියා පිංගොනා අසන විට,
“නැත්නම්... මැරුණට පස්සෙ මෙහෙම චූන් එකක් හම්බ වෙයි කියල මං වත් හිතුවෙ නෑ..* කියා ප්‍රභාකරන් කීවේය.
“ඔයා විතරද ඔය චූන් එක ගන්නේ?  කියා පිංගොනා අසන විට,
“පිස්සුද? අපි සෙට් එකම දකුණට වෙලා මේ චූන් එක ගන්නවා..* කියා ප්‍රභාකරන් භූතයා කියන විට, කිහිලිකරුවෙන් පැන පැන තමිල් සෙල්වම් භූතයා ආවේය. ඇන්ටන් බාලසිංහම්, නඩේෂන්, සුසෙයි, පොට්ටුඅම්මාන් භූත වේශයෙන් ප්‍රභාකරන් අසලට ආවේය.
“මම නිදහස් පක්ෂෙ සම්මේලනයට ගියා... මෛත්‍රී ලොක්කට මහින්ද ලොක්කව වැහිල වගේ කතාවක් කළේ... රණවිරුවන්ව පාවල දෙන්නෙ නෑ කියල මෛත්‍රී ලොක්කා කතාවක් කළා... කියල වැඩක් නෑ..* කියා ඇන්ටන් බාලසිංහම් භූතයා කියන විට,
‘“මහින්ද ලොක්ක වගේ මෛත්‍රී ලොක්කා දෙකට නැමිලා පොළව ඉම්බේ නැද්ද?... පපුවට ගහගෙන ගහගෙන ගියේ නැද්ද?* කියා ප්‍රභාකරන් භූතයා අසන විට,
“ඒ ටික විතරයි මෛත්‍රී ලොක්කා නොකළේ... මං හිතන්නේ මෛත්‍රී ලොක්කා මහින්ද ලොක්කාගේ දේශප්‍රේමය පික්පොකැට් ගහන්න හදනවා..* කියා ඇන්ටන් බාලසිංහම් කීවේය.
“තමන්ට ඡන්දෙ නොදීපු සෙට් එක චූන් කරන කතාවක් තමයි මෛත්‍රී මහත්තයා කළේ... මෛත්‍රී මහත්තයා නම් කවදාවත් රාජපක්ෂවරුන්ට දඬුවම් කරයි කියල හිතන්නවත් බෑ...* කියා තමිල් සෙල්වම් කීවේය.
“දැන් බලන්න ෆොන්සේකා ජගත් ජයසූරිය ගැන කරපු ප්‍රකාශය ෆොන්සේකාගේ පෞද්ගලික ප්‍රකාශයක් මිසක් ආණ්ඩුවේ අදහස නෙමෙයි කියන්න ඕනතරම් ඇමතිවරු ඉන්නවා... හැබැයි ෆොන්සේකා ලොක්කාගේ පඹයෙක් හදලා සෙරෙප්පු වලින් තලලා ගිනි තියපු වැඩේ මහ පජාති වැඩක් කියන්න යහපාලනයේ මන්ත්‍රීවරු, ඇමතිවරු එකෙක්වත් නෑ..* කියා සුසෙයි හිනා වුණේය.
එල්.ටී.ටී.ඊ. භූතයන්ගේ චූන් කතා අසමින් පිංගොනා ගොම්බෙට්ටක් දමා කිරිබත්ගොඩින් කොළඹ පැත්තට ආවේ,  සිංහල ගොනා, දෙමළ ගොනා, මුස්ලිම් ගොනා කියල ගොන්නුන්ට ජාතියක් නැති උනේ වාසනාවට^ කියා සිතමිනි.

Pinhami.blogspot.com නදීෂ් දික්කුඹුර

Comments

Popular posts from this blog

මහින්ද මහත්තය කියනවා කිත් නොයාර්ගේ පහර දීමේ සිදුවීමට තමාගෙන් ප්‍රශ්න කීරීම මඩ ගහන්න කරපු වැඩක් කියලා ...එකල සිදුවූ මේ අපරාද වලට වගකිව යුත්තේ .කවුද .මේවා ඉබේ සිදුඋන දේවල්ද ..මේ සියලු අපරාද පිටුපස නිශ්ශිත පුද්ගලයන් මෙන්ම නිශ්චිත හේතුද තිබේ .ඒවා නිවැරදිව හදුනා හෙළිදරවු කිරීමට යහපාලනය අසමත් වන තාක් කල් මේ අපරාද මඩය, බොරුය ..පැය තුන හතර ප්‍රකාශ සටහන් කර ගැනීමට තරම් දෙයක් මෙතන තිබේද .යහපාලනය බලයට ආදා සිට කල මේ ප්‍රකාශ සටහන් කර ගැනීමේ ප්‍රෝඩාව ප්‍රශ්න කරන්නේ කවුද .ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අපරාද කරුවන්ට ලබා දුන් දඩුවම කුමක්ද .යහපාලනයට තව අවුරුදු එකහ මාරකට වඩා නැත .යහපාලනය පරාජය වූ පසු මේ නඩු ඉදිරියට ගෙනියන්නේ මහින්ද මහත්තයාමද ..මහා බැංකු හොරකම් තමන්ගේ හොරකම් නිසා ඒවා යට ගසනවා කියා හිතීම තාර්කිකය.ඒ තමන්ගේ හොරකම්ය. තමන්ගේ හොරකම් තමන්ම අල්ලා තමන්ම දඩුවම් විදින මහා යුක්ති සහගත බාවයක් බලා පොරොත්තු වීම විහිළුවකි. එහෙත් රාජපක්ෂ යුගයේ හොරකම් වංචා අපරාද ප්‍රකාශ සටහන් කර ගැනීමේ ප්‍රෝඩාවෙන් යටපත් කිරීමේ අවශ්‍ය තාවය අප තෙරුම් ගත යුත්තේ කෙසේද .. සිරිසේන මහත්තයා ජනාදිපති උයේ ඔහුට තිබු සුවිශේෂී ආකර්ශනයක්

භාෂාවකට මොනවාද කරන්න බැරි .

භාෂාවකට මොනවාද කරන්න බැරි ..තමන් විස්වාස කරණ මතවාදය සාදක හොයල තර්කය ඔස්සේ දිනවලා දෙන්න භාෂාවකට හැකියාව තියනවා .පුර්ව නිගමනය ඔළුවට අරගෙන එක ඔප්පු කරන්න සාදක හෙඋවාම ඕනෑ තරම් සාදක හොයා ගන්න පුළුවන් .....යුද ජය සැමරීම .රණවිරුවා උත්කර්ෂයට නැංවීම. .දෙමළාට වයිර කරමින් සිංහලයෙනි නැගිටියවූ කීම .රාජිතට හෙණ වැදියන් කීම.ආදී මතවාද පුර්ව නිගමන විදිහට ඔළුවට අරගෙන මේවා සදාරනිකරණය කිරීම වෙනුවෙන් සාදක හෙඋවොත් ඕනේ තරම් සාදක ලේසියෙන් හොයා ගන්න පුළුවන් .අර මාධ්‍යවේදියෝ කියන කට්ටිය රාජිතව හිර කරලා  තමන්ට ඕනේ උත්තරය ගත්තෙත් මේ විදිහට තමා . සාමය සංහිදියාව වෙනුවට ඔඋන්ට ඕනේ නැවත රජාපක්ෂ කදවුර බලයට ගෙන එම .එකට තියන හොදම දේ තමා යුද්දය රණවිරුවා උත්කර්ෂයට නැංවීම .ගිය අවුරුද්දටත් වඩා මේ අවුරුද්දේ යුද ජය සැමරීම, රණවිරුවා උත්කර්ෂයට නැන්වෙන්නේ ගෝඨාභය මැතිදුන් බලයට ගෙන ඒමේ වියාපෘතියේ උවමනාව වෙනුවන් .ඊට එරෙහි පිරිසත් මේ මතවාද යුද්දයේම සටන් කරන්නේ ඒ නිසා ..ඒ වගේම යුද විරෝදය .යුද ජය සැමරිය යුතු දෙයක් නොවේ .උතුරේත් දකුණේත් මැරුණේ එකම රටේ මිනිස්සු .දරු දුක ට සිංහල දෙමළ බේදයක් නෑ වගේ මතවාදයක් පුර්ව නිගමන විදිහට ඔළුවට අරගෙන
ගොඩ නැගෙන හැම මනුෂ්‍ය සම්බන්දයක් ම ගොඩනගලා තියන මනුෂ්‍ය සම්බන්දකම් වල ආකෘති ඇතුළට වැටෙනවා . ආකෘති ඇතුලේ මනුෂ්‍ය සම්බන්දකම් ඇතිවෙනවද ගොඩනැගෙන මනුෂ්‍ය සම්බන්දකම් ආකෘති ඇතුළට දානවද කියන එක .කිකිළිද බිත්තරේද වගේ ප්‍රශ්ණයක් ....එක ගැනියෙක් එක පිරිමියෙක් ගේ සම්බන්දයකට ප්‍රේමය කියනවා .ඔය ප්‍රේමය උත්කෘෂ්ටයි පරමයි පිවිතුරුයි කියන්න ඕනේ තරම් සංකල්ප වචන සාහිත්‍ය තියනවා .සිදුහත් යසෝදරා සම්බන්දයත් අන්න ඒ වගේ කථාවක් සාහිත්‍යක් .මිනිස්සු ඒවට ආසයි .සිදුහත් ගිහි ගෙයින් ගියාට පස්සේ  යසෝදරා වෙනත් පුරුෂයෙක් සමග සම්බන්දය තිබුණා කියලා හිතන්නවත් අපි කැමති නෑ.මොකද අර වගේ පරම පිවිතුරු සම්බන්දකම් ඇත්තට නැති නිසා ඇත්තට තියනවා කියලා බොරුවට හිතන්න අපි කැමතියි ........ජිවිතේ කියන්නෙම ඇත්තට නැති දේවල් ඇත්තට තියනවා කියලා බොරුවට හිතන්න කැමති වීම .ඇත්තට තියනවා කියලා බොරුවට හිතාගෙන ජීවත් වීම .එක වෙලාවකට මට මේ ඇක්ට් එක දරා ගන්න බැරි තරම් අමාරුයි ..මිනිස්සු කොහොමද අප්පා මේ තරම් බොරුවක් ඇත්තයි කියලා හිතාගෙන බොරුවට ජීවත් වෙන්නේ