Skip to main content

“ ඇමෙරිකාවට හරි රැසියාවට හරි , ප්‍රංශෙට හරි ක්‍රිකට් ටීම් එකක් හදාගෙන එන්න කියපන් අපේ කොල්ලෝ දුවන්න ගහන්නේ

 “අපේ ක්‍රිකට් වෙනුවෙන් මාත් මොනවහරි කළා කියල දැන් මට සන්තෝස වෙන්න පුළුවන් බං  කියා පිංහාමි කියන විට
“උඹ මොනවද ක්‍රිකට්වලට කළේ   කියා ගෙයිහාමි ඇසුවේය.
“වතුර බෝතල් තුනකින් පිට්ටනියට දමල ගැහුවා.... කෝලි කුට්ටුවාට හූවක් කියල ඇදයක් ඇල්ලුවා... අපිත් මොනවා හරි අපේ ක්‍රිකට් වෙනුවෙන් කරන්න එපැයි බං..  කියා පිංහාමි කීවේය.
“දැන් උඹල වතුර බෝතල් පිට්ටනියට දමල ගහලා හූ කිව්වාම ලංකාව මැච් දිනනවද?* කියා ගෙයිහාමි ඇසුවේය.
“ලංකාව නෙමෙයි අපේ රට දිනනවද. අපේ කොල්ලෝ දිනනවද. අපේ සිංහ පෝතකයෝ දිනනවද කියලා අහපන්...* කියා පිංහාමි කීවේය.
“මට උඹලට වගේ දේශප්‍රේමී ගොන් චූන් නෑනේ...ඔය සිංහ පෝතක කතා , අපේ කොල්ලොන්ගේ කතා ඕනේ වෙන්නේ ක්‍රිකට් ගහන ක්‍රීඩකයන්ට නෙමෙයි උඹලට.... ක්‍රිකට් ක්‍රීඩකයෝ රස්සාවට ක්‍රිකට් ගහලා, වෙළෙඳ දැන්වීම්වලට පෙනී ඉඳලා, අයි. පී. එල් වෙන්දේසියේ හොඳ ගාණකට විකිණිලා දෙයියනේ කියලා සුපිරි ජීවිතයක් ගත කරගෙන ඉන්නවා. උඹලා අතේ තියෙන තුට්ටු දෙකත් වියදම් කරගෙන මැච් බලන්න ගිහිල්ලා , වතුර බෝතල්වලින් ගහලා ගෙදර ඇවිල්ලා ගොන් චූන් එකෙන් බුදිය ගන්නවා....  කියා ගෙයිහාමි කීවේය.
“අපේ රට පරදිනකොට අපිට දුකයි යකෝ   කියා පිංහාමි පපුවට ගහගත්තේය.
“කොහෙද බං රටක් පරදින්නේ ... රටක් පරදින්නේ නෑ බන් ක්‍රිකට් පරදින්නේ..... ක්‍රිකට් පැරදුනාම උඹලා හිතනවා රටක් පරදිනවා කියලා... ක්‍රිකට් රටට ආදේශ කරගෙන හරියට නිකං රටවල් දෙකක් යුද්ධ කරනවා වගේ මෝඩ දේශ‘ප්‍රේමී චූන්වලින් ක්‍රිකට් බලන්න එපා බන්. ඒ ගොන් චූන් දැන් ඉවර කරගනිල්ලා.. ඔය මොන ක්‍රීඩකයවත් රට වෙනුවෙන් සෙල්ලම් කරන්නේ නෑ. නිෂ්චිත කාලයකදී ක්‍රීඩකයෝ ලංකාවේ ටීම් එකට සෙල්ලම් කරනවා. ඒකට එයාලට පඩිය වගේ මුදලක් ගෙවනවා. එයාලා ක්‍රිකට් ගහලා ඉවර වුණාම අපි රට වෙනුවෙන් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ ඒ හින්දා වෙන රටවල්වල ක්‍රීඩකයෝ පුහුණු කරන්නවත් යන්නේ නෑ කියලා ගෙදර ඉන්නවද. එහෙම නැත්නම් නොමිලේ අපේ ක්‍රීඩකයෝ පුහුණු කරන්න එනවද නෑනේ... තමන්ට හොඳ ගාණකට කතා කරන්නේ මොන රටේද ඒ රටේ ක්‍රී‘ඩකයෝ පුහුණු කරන්න යනවා. එහෙම පුරුදු කරලා ලංකාවේ ටීම් එක පැරැද්දුවාම එයාලා සතුටු වෙනවා. මොකද ඒක එයාලාගේ රස්සාව.. දැන් උඹලා කෝලිටයි ඉන්දියන් ටීම් එකටයි පලු යන්න බණිනවා හැබැයි අයි.පී.එල් ගහනකොට ලංකාවේ ටීම් එකේ අයයි ඉන්දියා ටීම් එකේ අයයි සේරම මිශ්‍ර වෙලා ටීම් හදාගෙන ගහනවා. ක්‍රීඩකයෝ යාළුවෝ. උඹලා සීනි බෝලයක වාසියක් නැතුව ඉන්දියාවේ ටීම් එකට බණිනවා. උඹලා හරියට ක්‍රිකට් බලන්නේ කෝලිලා , දෝනිලා , එළාරලා කාලිංග මාඝලා කියලා හිතාගෙන . ක්‍රිකට් දින්නත් ක්‍රීඩකයන්ට. පැරදුනත් ක්‍රීඩකයන්ට. උඹලට ඇති අමාරුව මොකක්ද * කියා ගෙයිහාමි ඇසුවේය.
“මුළු රටක්ම ක්‍රිකට් වෙනුවෙන් දුක් වෙනකොට බලපන්කෝ මූ කියන කතාව. උඹ පල්ලේ කැලේ ගිහිල්ලා ඔය කතාව කිව්ව නම් අපේ දේශ‘ප්‍රේමී බෝතල් ටීම් එක උඹව බෝතල්වලින් ගහලා මරන්නේ. ඕවගේ කතා මේ වෙලාවේ කියන්න එපා. ෆේස් බුක් එකේ හරි අපේ සිංහ පැටවු ටික ගොඩ දාන ක්‍රමයක් කියපන්* කියා පිංහාමි කීවේය.
“උඹලා ක්‍රිකට් වෙනුවෙන් නෙමෙයි උඹළගේ ජීවිත වෙනුවෙන් දුක්වෙයල්ලා.. උඹලගේ අපේ ජීවිතවල දුක් වෙන්න මොන තරම් දේවල් තියනවාද. අන්න ඒ සේරටම දුක් වෙලා ඉවරවෙලා , හතළිහකට පනහකට තමයි ක්‍රිකට්වලට දුක් වෙන්න ඕනේ. උඹලා හතළිහකට පනහකට දුක් වෙන්න ඕනේ එක පළමුවැනියට අරගෙන දුක්වෙනවා. උන් දින්නත් අපිට වැඩක් නෑ. පැරදුනත් අපිට වැඩක් නෑ කියලා පාඩුවේ හිටපල්ලාකෝ * කියා ගෙයිහාමි කීවේය.
“දේශප්‍රේමී කොල්ලන්ට එහෙම ඉන්න බෑ බන්. හැම පැත්තෙන්ම අපි කුජීත වුණත් ලෝකයත් එක්ක හැප්පිලා , ඉස්‘සරහට එන්න පුළුවන් ක්‍රිකට්වලින් විතරනේ බන්. මේ යහපාලන හැතිකරේ ඇවිල්ලා ඒකටත් කෙලවලා දැම්මා* කියා පිංහාමි කීවේය.
“ක්‍රිකට් ගහන රටවල් කීයද බන් තියෙන්නේ... දෙන්නෙක් සෙල්ලම් කරනවා අනිත්  අය බලන් ඉන්නවා... බෝලයක් ආවොත්නේ අල්ලන්නේ ... බෝලේ එනකම් කට වක්කරගෙන බලන් ඉන්නවා. සුද්දෝ හීතල නිසා අව්ව තපින්න හදා ගන්න සෙල්ලමක්නේ. අංශක අනූවට ඉර මුදුනට එන අපේ රටේත් අපි කිසිම අවුලක් නැතුව දවස් ගණන් වේළි වේළි සෙල්ලම් කරන්නේ. රගර්, ෆුට් බෝල්,වොලි බෝල් මෙහෙම දවස් ගණන් වේළි වේළි සෙල්ලම් කරනවද. පැයෙන් දෙකෙන් සෙල්ලම ඉවරයි හරියට හිතුවොත් ක්‍රිකට් කියන්නේ මහ කුජීත ක්‍රීඩාවක් නේ* කියා ගෙයිහාමි කීවේය.
“හරි ඇමෙරිකාවට හරි රැසියාවට හරි , ප්‍රංශෙට හරි ක්‍රිකට් ටීම් එකක් හදාගෙන එන්න කියපන් අපේ කොල්ලෝ දුවන්න ගහන්නේ. ඇමෙරිකාවට, චීනෙට, රැසියාවට අපිට දුවන්න ගහන්න පුළුවන් ක්‍රිකට්වලින් විතරනේ. * කියා ගෙයිහාමි කීවේය.
“ඔව් ඒක ඇත්ත එහෙම හිතලාවත් සන්තෝස වෙමුකෝ... ඒක නෙමෙයි බං වතුර බෝතල්වලින් ග්‍රවුන්ඩ් එකට ගැහුවාම ලංකාවේ ක්‍රිකට්වලට වෙන සේවය මොකක්ද * කියා ගෙයිහාමි ඇසුවේය.
“දැන් බලපන් ඉන්දියාවේ ක්‍රීඩකයෝ මේ තරම් දක්ෂ වෙලා තියෙන්නෙ ඇයි කියලා උඹ දන්නවාද,* කියා පිංහාමි අසන විට “නිසි පුහුණුව, කැපවීම, ක්‍රීඩා බලධාරීන්ගේ නිසි තෝරගැනීම් හින්දනේ * කියා ගෙයිහාමි කීවේය.
“බම්බුව තමයි ඔය මොකවත් හින්දා නෙමෙයි මැච් පැරදුනොත් ඉන්දියාවේ දේශ‘ප්‍රේමී භාරත පුත්‍ර‘යෝ ක්‍රීඩකයන්ගේ ගෙවල්වලට ගල් ගහලා ගිනි තියලා කුඩු කරන හින්දා ගෙවල් ටික රැකගන්න තමයි ඉන්දියන් කාරයෝ හොඳට සෙල්ලම් කරන්නේ. වෙන වෙන දේවල් වැඩක් නෑ. ඔය ක්‍රීඩකයෙකුගේ ගෙදරට ගලක් ගැහුවා නම් අපි මැච් දිනනවා* කියා පිංහාමි කීවේය.
“ඔන්න ඕක තමයි උඹලාගේ දේශප්‍රේමය* කියා ගෙයිහාමි ගෙට ගියේය.

Pinhami.blogspot.com (නදීෂ් දික්කුඹුර) 

Comments

Popular posts from this blog

මහින්ද මහත්තය කියනවා කිත් නොයාර්ගේ පහර දීමේ සිදුවීමට තමාගෙන් ප්‍රශ්න කීරීම මඩ ගහන්න කරපු වැඩක් කියලා ...එකල සිදුවූ මේ අපරාද වලට වගකිව යුත්තේ .කවුද .මේවා ඉබේ සිදුඋන දේවල්ද ..මේ සියලු අපරාද පිටුපස නිශ්ශිත පුද්ගලයන් මෙන්ම නිශ්චිත හේතුද තිබේ .ඒවා නිවැරදිව හදුනා හෙළිදරවු කිරීමට යහපාලනය අසමත් වන තාක් කල් මේ අපරාද මඩය, බොරුය ..පැය තුන හතර ප්‍රකාශ සටහන් කර ගැනීමට තරම් දෙයක් මෙතන තිබේද .යහපාලනය බලයට ආදා සිට කල මේ ප්‍රකාශ සටහන් කර ගැනීමේ ප්‍රෝඩාව ප්‍රශ්න කරන්නේ කවුද .ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අපරාද කරුවන්ට ලබා දුන් දඩුවම කුමක්ද .යහපාලනයට තව අවුරුදු එකහ මාරකට වඩා නැත .යහපාලනය පරාජය වූ පසු මේ නඩු ඉදිරියට ගෙනියන්නේ මහින්ද මහත්තයාමද ..මහා බැංකු හොරකම් තමන්ගේ හොරකම් නිසා ඒවා යට ගසනවා කියා හිතීම තාර්කිකය.ඒ තමන්ගේ හොරකම්ය. තමන්ගේ හොරකම් තමන්ම අල්ලා තමන්ම දඩුවම් විදින මහා යුක්ති සහගත බාවයක් බලා පොරොත්තු වීම විහිළුවකි. එහෙත් රාජපක්ෂ යුගයේ හොරකම් වංචා අපරාද ප්‍රකාශ සටහන් කර ගැනීමේ ප්‍රෝඩාවෙන් යටපත් කිරීමේ අවශ්‍ය තාවය අප තෙරුම් ගත යුත්තේ කෙසේද .. සිරිසේන මහත්තයා ජනාදිපති උයේ ඔහුට තිබු සුවිශේෂී ආකර්ශනයක්

භාෂාවකට මොනවාද කරන්න බැරි .

භාෂාවකට මොනවාද කරන්න බැරි ..තමන් විස්වාස කරණ මතවාදය සාදක හොයල තර්කය ඔස්සේ දිනවලා දෙන්න භාෂාවකට හැකියාව තියනවා .පුර්ව නිගමනය ඔළුවට අරගෙන එක ඔප්පු කරන්න සාදක හෙඋවාම ඕනෑ තරම් සාදක හොයා ගන්න පුළුවන් .....යුද ජය සැමරීම .රණවිරුවා උත්කර්ෂයට නැංවීම. .දෙමළාට වයිර කරමින් සිංහලයෙනි නැගිටියවූ කීම .රාජිතට හෙණ වැදියන් කීම.ආදී මතවාද පුර්ව නිගමන විදිහට ඔළුවට අරගෙන මේවා සදාරනිකරණය කිරීම වෙනුවෙන් සාදක හෙඋවොත් ඕනේ තරම් සාදක ලේසියෙන් හොයා ගන්න පුළුවන් .අර මාධ්‍යවේදියෝ කියන කට්ටිය රාජිතව හිර කරලා  තමන්ට ඕනේ උත්තරය ගත්තෙත් මේ විදිහට තමා . සාමය සංහිදියාව වෙනුවට ඔඋන්ට ඕනේ නැවත රජාපක්ෂ කදවුර බලයට ගෙන එම .එකට තියන හොදම දේ තමා යුද්දය රණවිරුවා උත්කර්ෂයට නැංවීම .ගිය අවුරුද්දටත් වඩා මේ අවුරුද්දේ යුද ජය සැමරීම, රණවිරුවා උත්කර්ෂයට නැන්වෙන්නේ ගෝඨාභය මැතිදුන් බලයට ගෙන ඒමේ වියාපෘතියේ උවමනාව වෙනුවන් .ඊට එරෙහි පිරිසත් මේ මතවාද යුද්දයේම සටන් කරන්නේ ඒ නිසා ..ඒ වගේම යුද විරෝදය .යුද ජය සැමරිය යුතු දෙයක් නොවේ .උතුරේත් දකුණේත් මැරුණේ එකම රටේ මිනිස්සු .දරු දුක ට සිංහල දෙමළ බේදයක් නෑ වගේ මතවාදයක් පුර්ව නිගමන විදිහට ඔළුවට අරගෙන
ගොඩ නැගෙන හැම මනුෂ්‍ය සම්බන්දයක් ම ගොඩනගලා තියන මනුෂ්‍ය සම්බන්දකම් වල ආකෘති ඇතුළට වැටෙනවා . ආකෘති ඇතුලේ මනුෂ්‍ය සම්බන්දකම් ඇතිවෙනවද ගොඩනැගෙන මනුෂ්‍ය සම්බන්දකම් ආකෘති ඇතුළට දානවද කියන එක .කිකිළිද බිත්තරේද වගේ ප්‍රශ්ණයක් ....එක ගැනියෙක් එක පිරිමියෙක් ගේ සම්බන්දයකට ප්‍රේමය කියනවා .ඔය ප්‍රේමය උත්කෘෂ්ටයි පරමයි පිවිතුරුයි කියන්න ඕනේ තරම් සංකල්ප වචන සාහිත්‍ය තියනවා .සිදුහත් යසෝදරා සම්බන්දයත් අන්න ඒ වගේ කථාවක් සාහිත්‍යක් .මිනිස්සු ඒවට ආසයි .සිදුහත් ගිහි ගෙයින් ගියාට පස්සේ  යසෝදරා වෙනත් පුරුෂයෙක් සමග සම්බන්දය තිබුණා කියලා හිතන්නවත් අපි කැමති නෑ.මොකද අර වගේ පරම පිවිතුරු සම්බන්දකම් ඇත්තට නැති නිසා ඇත්තට තියනවා කියලා බොරුවට හිතන්න අපි කැමතියි ........ජිවිතේ කියන්නෙම ඇත්තට නැති දේවල් ඇත්තට තියනවා කියලා බොරුවට හිතන්න කැමති වීම .ඇත්තට තියනවා කියලා බොරුවට හිතාගෙන ජීවත් වීම .එක වෙලාවකට මට මේ ඇක්ට් එක දරා ගන්න බැරි තරම් අමාරුයි ..මිනිස්සු කොහොමද අප්පා මේ තරම් බොරුවක් ඇත්තයි කියලා හිතාගෙන බොරුවට ජීවත් වෙන්නේ