Skip to main content

හොරු ඇල්ලීමේ සම්පූර්ණ වගකීම තියෙන්නේ අධිකරණ ඇමතිට විතරද



“තලතා නෝනාට අධිකරණ ඇමතිකම දුන්නේ හොරු අල්ලන්නද? නොඅල්ලා ඉන්නද?  කියා හාමිනේ අසන විට,
“හොරු, මිනීමරුවො නොඅල්ලා, ඉන්න ඇමතිවරු පත්කරනවාද?* කියා පොඩි පුතා ඇසුවේය.
“මොකද නැත්තේ විජයදාස මහත්තයාව පත්කරලා තිබ්බේ හොරු, මිනීමරුවො නොඅල්ලා ඉන්නනේ...* කියා හාමිනේ කීවාය.  
“හොරු අල්ලන්නේ නැතුව අවුරුදු දෙකක්, දෙකහමාරක් ඉන්න පුළුවන්. ඊට පස්සෙනේ රැඩිකල් මන්ත්‍රීලා ෆෝම්වෙලා දඟලලා ඇමතිකමෙන් අයින් කරන්නේ... තලතා නෝනාටත් දෙකක් විතර මොන මොනවා හරි කියකියා ඉන්න පුළුවන්* කියා පිංහාමි කීවේය.
“එතකොට යහපාලන ආණ්ඩුවේ පාලන කාලේ ඉවරනේ...* කියා හාමිනේ කියන විට,
‘“ඊට පස්සෙත් වරෙල්ලකෝ හොරු අල්ලන්න ඡන්දෙ දෙන්න කියා ගෙන* කියා පිංහාමි  තුඃ විතරක්  කියා කෙළ ගැහුවේය.
“ඔහේ කොහොමත් යහපාලනේට ඡන්දෙ දුන්නේ නෑනේ..  කියා හාමිනේ කියන විට,
“මගේ බල්ලවත් යහපාලනේට ඡන්දෙ දෙන්නේ නෑ...* කියා පිංහාමි කියන විට,
“බල්ලන්ට කොහොමත් ඡන්දෙ දෙන්න බෑනේ...* කියා හාමිනේ කීවාය.
“හොරු අල්ලන්නම ඕනේ නම් ඔය අධිකරණ ඇමතිකම රංජන් මහත්තයාට හරි, ෆොන්සේකා මහත්තයාට හරි, අජිත් පී. පෙරේරා මහත්තයාට හරි දෙන්න එපැයි... ඇයි මේ තලතා නෝනට දුන්නේ* කියා හාමිනේ අසන විට,
“ඒක ඉතිං මෛත්‍රී මහත්තයාගෙනුයි, රනිල් මහත්තයාගෙනුයි තමයි අහන්න වෙන්නේ... රංජන් මහත්තයාවයි, ෆොන්සේකා මහත්තයාවයි පැත්තකින් තියමු. ඒත් මේ...  කියා පිංහාමි යමක කියන්න හදන විට,
“කොහොමත් ඒ දෙන්නව පැත්තකින් තියලා නේද තියෙන්නේ...  කියා හාමිනේ ඇසුවාය.
“මං කියන්නේ විජයදාස මහත්තයාව විවේචනය කරපු, අධිකරණ ඇමති වෙන්න හොඳ සුදුසුකමක් තියෙන අජිත් මහත්තයාට ඇයි ඔය ඇමතිකම දුන්නේ නැත්තේ* කියා පිංහාමි අසන විට,
“කටකයිවාරු ගැහුවට අජිත් මහත්තයටත් හොරු අල්ලන්න බැරි වුණොත් විලිලැජ්ජාවේ බෑනේ... දැන් එහෙම වුණොත් තලතා නෝනට බැණලා නිකං ඉන්න පුළුවන්නේ...* කියා හාමිනේ කීවාය.
“හොරු ඇල්ලීමේ සම්පූර්ණ වගකීම තියෙන්නේ අධිකරණ ඇමතිට විතරද ඒයි?... මෛත්‍රී මහත්තයාට, රනිල් මහත්තයාට එක මංචාඩියක වගකීමක් නැද්ද?  කියා හාමිනේ ඇසුවාය.
“නෑනේ..  කියා පිංහාමි හිනා වුණේය.
“හොරු ඇල්ලීමේ වැඩෙත් අධිකරණ ඇමති පිට දාලා ෂේප් වුණා...* කියා හාමිනේ කියන විට,
“ෂේපු වුණා නෙමෙයි ෂේප් වෙනවා...* කියා පිංහාමි කීවේය.
“ඇත්තම ඇත්ත කිව්වොත් මේ කාටවත් හොරු ඇල්ලීමේ අවංක උවමනාවක් නෑ...* කියා පොඩි පුතා කීවේය.
“විජයදාස මහත්තයා බෙල්ලන්විල පන්සලේදී මහින්ද මහත්තයාට සෙට්වෙලා නේද?* කියා හාමිනේ අසන විට,
“රාජපක්ෂලා, රාජපක්ෂලා අමුතුවෙන් සෙට් වෙන්න දෙයක් නෑ* කියා පිංහාමි කීවේය.
“දෙපැත්ත බෙදිලා හිටියට ඔය සේරම එක පැත්තේ ඉන්න ඕනේ කට්ටිය... හොරා කියන්නෙත් හොරෙක්... හොරු අල්ලන්නෙත් හොරු* කියා පොඩි පුතා කීවේය.
“ඒ පැත්තෙන් මේ පැත්තට යනවා... මේ පැත්තෙන් ඒ පැත්තට යනවා... ඔය පැති දෙකම බොරු කිය කියා මාරු වෙන්න, ලැජ්ජාවකුත් නෑ... අවුලකුත් නෑ... ප්‍රශ්නෙකුත් නෑ... එක පැත්තක එකටම හිටියට කිසිම ප්‍රශ්නයක් නැති සෙට් එකක් නේ...* කියා ලොකු පුතා කීවේය.
“කොහොමත් ඔය මහරගම පැත්තේ දේශප්‍රේමියො වැඩි හින්දා විජයදාස මහත්තයා දේශප්‍රේමී ලයින් එකක ගියා වෙන්න බැරිද?  කියා පිංහාමි ඇසුවේය.
“දැන් ඉතිං කිසිම අවුලක් නැතුව දේශප්‍රේමී ලයින් එකේම විජයදාස මහත්තයාට යන්න පුළුවන්නේ* කියා ලොකු පුතා කීවේය.
“ඔව්... ඔව්... තාමත් ඔය දේශප්‍රේමී වැල්බයිලාවලට තැනක් තියෙනවා. මහරගම ඉන්න දේශප්‍රේමියො විජයදාස මහත්තයාට ඡන්දෙදෙයි... විජයදාස මහා ප්‍රාඥයත් අන්තිමටම හැම තක්කඩියාම එල්ලෙන දේශප්‍රේමයේ එල්ලුණා* කියා පොඩි පුතා කීවේය.
“අනුර කුමාර සහෝදරයා ආවේස වෙලා වගේ රාජිත මහත්තයාට බැණගෙන ගියා නේද? මොකද ඒ* කියා හාමිනේ ඇසුවාය.
“මොකද ඒ කියලා බැණපු කතාව ඇතුළෙම තිබුණා නේ...  කියා පොඩි පුතා කීවේය.
“ජේ.වී.පී. කාරයෝ බැණබැණ ඉන්නවා, උඹලා චූන් වෙවී ඉන්නවා* කියා පිංහාමි කීවේය.‘

“ජේ.වී.පී. එක හැමදාම චූන් විතරද දෙන්නේ?* කියා හාමිනේ ඇසුවාය. 

Comments

Popular posts from this blog

ගෝටාබය මහත්තයා ට හැමෝම කැමති එතුමාට හොදටබය කරන්න පුළුවන් හින්ද

අද තිවීල් එකේ එනකොට රියදුරු මහත්තයා කතාවට වැටුණා .මට හමු වූ තිවීල් රියදුරු මහත්වරුන්ගෙන් සියයට අනුනමයක්ම උග්‍ර මහින්දවාදීන් .මේ මනුස්සයා නැග්ගවෙලේ ඉදන් රනිල්වයි සිරිසේන ලොක්කටයි පතුරු යන්න බනිනවා .මේ වගේ කට්ටිය හම්බු උනාම මාත් උන්ගෙන් උපරිම ආතල් එක ගන්නවා .මාත් උත් එක්ක සෙට් වෙලා උග්‍ර මහින්දවාදියෙක් වගේ යහපාලනේ පතුරු අරිනවා මේ මනුස්සයා කියනවා මහින්ද මහත්තයා මොනවා කලත් රට සංවර්දනය කලා මුන් මොනවාද කරන්නේ ඒ මනුස්සයා හිටියනම් අද මේරට සුර පුරයක් .හැබැයි ගෝටාබය මහත්තයා එනවා ෂ ුවර් එය ඇවිල්ලා රට ටිප් ටොප් එකට ගොඩ දානවා .මුන් නපුනසකයෝනේ .කොන්ද පණනැති කලකන්නිනේ .මම දන්නවා මේ මිනිස්සුම ගෝටාබය මහත්තයා රටේ නායකයා වෙච්ච දවසට කියනවා .මොනවා උනත් යහපාලනේ තියන කාලේ මෙහෙම බයක් තිබුනේ නෑනේ .අපි කට ඇරලා රනිල් මහත්තයට මයිත්‍රේ මහත්තයට බැන්නනේ .දැන් කොහෙද එහෙම නිදහසක් .අඩු ගානේ ඒ කාලේ අපි බය නැතුව පාරට බැහැලා පිකට් කලා වර්ජන කලා දැන් කොහෙද ඒවා .කියන දේ පිලි අරගෙන කටයි ...කයි වහගෙන ඉන්න වෙලා තියෙන්නේ .උන් සැප විදිනවා අපි දුක් විදිනවා .මම උවද දැන් බය නැතිව සිරිසේන මහත්තයාව රනිල් මහත්තයාව පතුරු යන්නට විවේචනය ...
මහින්ද මහත්තය කියනවා කිත් නොයාර්ගේ පහර දීමේ සිදුවීමට තමාගෙන් ප්‍රශ්න කීරීම මඩ ගහන්න කරපු වැඩක් කියලා ...එකල සිදුවූ මේ අපරාද වලට වගකිව යුත්තේ .කවුද .මේවා ඉබේ සිදුඋන දේවල්ද ..මේ සියලු අපරාද පිටුපස නිශ්ශිත පුද්ගලයන් මෙන්ම නිශ්චිත හේතුද තිබේ .ඒවා නිවැරදිව හදුනා හෙළිදරවු කිරීමට යහපාලනය අසමත් වන තාක් කල් මේ අපරාද මඩය, බොරුය ..පැය තුන හතර ප්‍රකාශ සටහන් කර ගැනීමට තරම් දෙයක් මෙතන තිබේද .යහපාලනය බලයට ආදා සිට කල මේ ප්‍රකාශ සටහන් කර ගැනීමේ ප්‍රෝඩාව ප්‍රශ්න කරන්නේ කවුද .ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අපරාද කරුවන්ට ලබා දුන් දඩුවම කුමක්ද .යහපාලනයට තව අවුරුදු එකහ මාරකට වඩා නැත .යහපාලනය පරාජය වූ පසු මේ නඩු ඉදිරියට ගෙනියන්නේ මහින්ද මහත්තයාමද ..මහා බැංකු හොරකම් තමන්ගේ හොරකම් නිසා ඒවා යට ගසනවා කියා හිතීම තාර්කිකය.ඒ තමන්ගේ හොරකම්ය. තමන්ගේ හොරකම් තමන්ම අල්ලා තමන්ම දඩුවම් විදින මහා යුක්ති සහගත බාවයක් බලා පොරොත්තු වීම විහිළුවකි. එහෙත් රාජපක්ෂ යුගයේ හොරකම් වංචා අපරාද ප්‍රකාශ සටහන් කර ගැනීමේ ප්‍රෝඩාවෙන් යටපත් කිරීමේ අවශ්‍ය තාවය අප තෙරුම් ගත යුත්තේ කෙසේද .. සිරිසේන මහත්තයා ජනාදිපති උයේ ඔහුට තිබු සුවිශේෂී ආකර්ශනයක්...
ගොඩ නැගෙන හැම මනුෂ්‍ය සම්බන්දයක් ම ගොඩනගලා තියන මනුෂ්‍ය සම්බන්දකම් වල ආකෘති ඇතුළට වැටෙනවා . ආකෘති ඇතුලේ මනුෂ්‍ය සම්බන්දකම් ඇතිවෙනවද ගොඩනැගෙන මනුෂ්‍ය සම්බන්දකම් ආකෘති ඇතුළට දානවද කියන එක .කිකිළිද බිත්තරේද වගේ ප්‍රශ්ණයක් ....එක ගැනියෙක් එක පිරිමියෙක් ගේ සම්බන්දයකට ප්‍රේමය කියනවා .ඔය ප්‍රේමය උත්කෘෂ්ටයි පරමයි පිවිතුරුයි කියන්න ඕනේ තරම් සංකල්ප වචන සාහිත්‍ය තියනවා .සිදුහත් යසෝදරා සම්බන්දයත් අන්න ඒ වගේ කථාවක් සාහිත්‍යක් .මිනිස්සු ඒවට ආසයි .සිදුහත් ගිහි ගෙයින් ගියාට පස්සේ  යසෝදරා වෙනත් පුරුෂයෙක් සමග සම්බන්දය තිබුණා කියලා හිතන්නවත් අපි කැමති නෑ.මොකද අර වගේ පරම පිවිතුරු සම්බන්දකම් ඇත්තට නැති නිසා ඇත්තට තියනවා කියලා බොරුවට හිතන්න අපි කැමතියි ........ජිවිතේ කියන්නෙම ඇත්තට නැති දේවල් ඇත්තට තියනවා කියලා බොරුවට හිතන්න කැමති වීම .ඇත්තට තියනවා කියලා බොරුවට හිතාගෙන ජීවත් වීම .එක වෙලාවකට මට මේ ඇක්ට් එක දරා ගන්න බැරි තරම් අමාරුයි ..මිනිස්සු කොහොමද අප්පා මේ තරම් බොරුවක් ඇත්තයි කියලා හිතාගෙන බොරුවට ජීවත් වෙන්නේ