Skip to main content

රෙද්දක් ඇඳගෙන මෛත්‍රී මහත්තයාට පුළුවන්ද මහින්ද මහත්තයා එක්ක එකට හිටගන්න

පිංගොනා පිංහාමි නිදාගෙන සිටින කාමරය අසලට පැමිණ අංදෙකෙන් ජනෙල් පියනට ඇනගෙන ඇනගෙන ගියේය.
“මොන ගොනාද යකෝ මේ උදේ පාන්දර ජනේලෙට ගහන හරකා  කියා පිංහාමි කුණුහරුප වැලක්ද කියමින් ජනේලය ඇරියේය.
“මම ගොනා තමයි මහත්තයා  කියා පිංගොනා චුරුචුරු ගා මුත්‍රා කළේය.
“මොකෝ බං මේ උදේ පාන්දර...?
“මහත්තයා නිදහස් පක්‍ෂයේ සංවත්සරයට යන්නේ නැද්ද?
“මහින්ද මහත්තයා එනවද?  කියා පිංහාමි ඇසුවේය.
“මම ඉතිං ගොනෙක් නේ මහත්තයා... මහින්ද මහත්තයා එනවාද නැද්ද කියලා මට කියයිද?* කියා පිංගොනා ගොම්බෙට්ටක් දැම්මේය.
“හරි... දැන් උඹ යනවාද?* කියා පිංහාමි ඇසුවේය.
“ගොන්නු ඉතිං හැම එකකටම යනවනේ...* කියා පොඩි පුතා මිදුලේ සිට කීවේය.
“නෑ... නෑ... අපි ජේ.වී.පී. කාරයන්ගේ ඒවට යන්නේ නෑ... මොකද රතුපාට දැක්කම අපි ඔටෝ කුලප්පු වෙනවා* කියා පිංගොනා කීවේය.
“නිල්පාට, කොළපාට දැක්කම කුලප්පු වෙන්නේ නැද්ද?* කියා පොඩි පුතා අසන විට,
“ඒ පාට දෙක නම් අප්සට් එකක් නෑ...* කියා පිංගොනා කීවේය.
“මට නම් පිංගොනෝ මෛත්‍රී මහත්තයාගේ රැස්වීම්වලට රෙද්දක් ඇඳගෙන යන්න බෑ... අපි මහින්ද මහත්තයාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී හිටපු මිනිස්සුනේ බං...* කියා පිංහාමි කීවේය.
“එහෙනම් ඔය හොඳට රෙදි ඇඳගෙන නිමල් සිරිපාල මහත්තයලා, ඩිලාන් පෙරේරා, සුසිල් ප්‍රේමජයන්තලා, ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න මහත්තයලා, දී.මූ. ජයරත්න මහත්තයලා, දයාසිරි මහත්තයලා, එස්.බී. මහත්තයලා මෛත්‍රී මහත්තයාගේ පැත්තේ ඉන්නේ. එයාලා රෙදි නැතුවද ඉන්නේ?. එයාලත් මහින්ද මහත්තයාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී හිටපු කට්ටිය නේ...* කියා පිංගොනා කීවේය.
“මහින්ද මහත්තයාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී ඉඳලා දැන් මෛත්‍රී මහත්තයාගේ පැත්තට ඇවිල්ලා ඉන්න සෙට් එක රෙදි ඇඳගෙන ඉන්නවා කියලද උඹ හිතන් ඉන්නේ... පිස්සුද බං එයාලා ඉන්නේ රෙදි නැතුව* කියා පිංහාමි කීවේය.
“කවුරු මොනවා කිව්වත් නිදහස් පක්‍ෂයේ ඇත්ත ජනබලය තියෙන්නේ මහින්ද මහත්තයාට නේ... ඒක නැහැ කියන්න කාටවත් බෑ... මහින්ද මහත්තයාට තියෙන ජන බලය කඩන්නත් බෑ... ඔය දේ මෛත්‍රී මහත්තයා තේරුම් ගන්නකම් දේශපාලනය කරලා වැඩකුත් නෑ... මෛත්‍රී මහත්තයා ජනාධිපති වුණාට පස්සේ බදාගන්න තිබ්බේ රට හැබැයි බදාගත්තේ නිදහස් පක්‍ෂය... නිදහස් පක්‍ෂය බදාගත්ත දවසේ ඉඳන් තමන්ට නැති බලයක් පක්‍ෂය අතුළෙ තියෙනවා කියලා පෙන්නන්න හදනවා. පාවා දෙන්නො වටකර ගෙන පක්‍ෂයේ සභාපති කර ගත්තට නිදහස් පක්‍ෂයේ ඇත්ත ජන බලය මෛත්‍රී මහත්තයාට නෑ... මෛත්‍රී මහත්තයාටයි, ඔය පාවාදීපු සෙට් එකටයි දේශපාලනේ පැවැත්ම සහතික කරගන්න නම් හැමදාම යූ.එන්.පී. එකත් එක්ක හවුලේ යන්න වෙනවා. සම්මුති ආණ්ඩුවලින් තමයි යන්න වෙන්නෙ* කියා පොඩි පුතා කීවේය.
“ඒ වුණාට මහත්තයෝ මෛත්‍රී මහත්තයයි, මහින්ද මහත්තයයි එකතු වුණොත් වැඩේ හරිනේ...* කියා පිංගොනා කීවේය.
“රෙද්දක් ඇඳගෙන මෛත්‍රී මහත්තයාට පුළුවන්ද මහින්ද මහත්තයා එක්ක එකට හිටගන්න?* කියා පොඩි පුතා ඇසුවේය.
“මහත්තයා මේ රෙද්දක් කතා කරනවා... යූ.එන්.පී.ය රට පාවලා දෙනවාය, රටේ සම්පත් විකුණනවාය කියලා මෛත්‍රී මහත්තයාට පුළුවන් මහින්ද මහත්තයා එක්ක එකට හිටගෙන යූ.එන්.පී. එකට වැඩේ දෙන්න* කියා පිංගොනා කීවේය.
“මෛත්‍රී මහත්තයා එහෙම කරයිද ගොනෝ* කියා පොඩි අසන විට,
“යූ.එන්.පී., ජේ.වී.පී, දෙමළ සන්ධාන, මුස්ලිම් කොංග්‍රස ඡන්දවලින් ජනාධිපති වෙලා තමන්ව පරද්දන්න ඡන්දෙ දීපු පාක්ෂිකයෝ ඉන්න පක්‍ෂයට නායකත්වය දෙන මිනිහට මහින්ද මහත්තයා එක්ක එකට හිටගන්න බැරි මොකද?* කියා පිංගොනා ඇසුවේය.
“පිංගොනාගේ කතාවෙත් ඇත්තක් තියෙනවා* කියා පිංහාමි කීවේය.
‘“මේ දෙකේතුනේ පංතියේ ඉන්න දහම් පාසලේ ළමයිනුත් කටවුට් අරගෙන නිදහස් පක්‍ෂ සම්මේලනයට යන එකේ පිංහාමි මහත්තයා සම්මේලනයට ගියාට මක්වෙනවාද? * කියා පිංගොනා කීවේය.
“දහම් පාසල් යන ළමයි සම්මේලනයට අරගෙන ගියේ මොන ගොනාද?* කියා පිංහාමි තරහෙන් අසන විට,
“අපේ ගොන්නු නම් ඒ වගේ ගොන් වැඩ කරලා පජාත වෙන්නේ නෑ* කියා පිංගොනා කීවේය.
“එහෙනම් මොන ගොනාද දහම් පාසල් ළමයින්ව සම්මේලනයට අරගෙන ගියේ* කියා පිංහාමි අසන විට,
“කටවුට්වල තිබුණු හැටියට මහරගම පැත්තෙන් තමයි ඔය දහම් පාසල් ළමයි සම්මේලනයට පෙළපාළියේ ගියේ* කියා පිංගොනා කියන විට,
“ඉස්සර මහරගම පැත්තේ හිටියා  මහරගම හරකා  කියලා මොල්ලිය තිබ්බ පිං ගොනෙක්... හැබැයි දැන් නම්, ඌ මැරිලා... ඇත්තටම ඔය ගොන් වැඩේ කළේ මහරගම පැත්තේ මොන ගොනාද බං. දහම් පාසල් ළමයි ළමාසාරි ඇඳගෙන කටවුට් අරගෙන පෙළපාළියේ යනකොට මෛත්‍රී මහත්තයලාගේ දේශපාලනය කුජීත වෙනවා කියලා ඔය ගොනා දන්නේ නැද්ද?* කියා පිංහාමි ඇසුවේය.
“සමහර විට දහම් පාසල් ඇරිලා ගෙදර එක්කගෙන යන්න ආපු දෙමාව්පියෝ එක්කම ළමයි ටිකත් සම්මේලනයට අරන් යන්න ඇති... දහම් පාසල් ළමයින්ගෙන් හරි සෙනඟ ඉන්නවා කියලා පෙන්වගන්නනේ ඕනේ...* කියා පොඩි පුතා කීවේය.
“මහත්තයා යමු... යමු... භාගයක් ගහලා බත් මුලත් කාලා එන්න බැරියැ... අපි ඉතිං ඕවා භාවිතයක් නෑනේ...* කියා පිංගොනා කීවේය.
“බෝතලයක් හම්බ වෙනවා නම් කාගෙන් හරි මොකෝ... මහින්ද මහත්තයාගේ මීටින්වලට වඩා සෙනඟ ඉන්නවාද කියලා බලන්න හරි යමන්...* කියා පිංහාමි කීවේය.

පිංහාමි පිංගොනා සමග නිදහස් පක්‍ෂයේ සම්මේලනයට යන හැටි පොඩි පුතා බලාගෙන සිටියේය.... 

Comments

Popular posts from this blog

මහින්ද මහත්තය කියනවා කිත් නොයාර්ගේ පහර දීමේ සිදුවීමට තමාගෙන් ප්‍රශ්න කීරීම මඩ ගහන්න කරපු වැඩක් කියලා ...එකල සිදුවූ මේ අපරාද වලට වගකිව යුත්තේ .කවුද .මේවා ඉබේ සිදුඋන දේවල්ද ..මේ සියලු අපරාද පිටුපස නිශ්ශිත පුද්ගලයන් මෙන්ම නිශ්චිත හේතුද තිබේ .ඒවා නිවැරදිව හදුනා හෙළිදරවු කිරීමට යහපාලනය අසමත් වන තාක් කල් මේ අපරාද මඩය, බොරුය ..පැය තුන හතර ප්‍රකාශ සටහන් කර ගැනීමට තරම් දෙයක් මෙතන තිබේද .යහපාලනය බලයට ආදා සිට කල මේ ප්‍රකාශ සටහන් කර ගැනීමේ ප්‍රෝඩාව ප්‍රශ්න කරන්නේ කවුද .ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අපරාද කරුවන්ට ලබා දුන් දඩුවම කුමක්ද .යහපාලනයට තව අවුරුදු එකහ මාරකට වඩා නැත .යහපාලනය පරාජය වූ පසු මේ නඩු ඉදිරියට ගෙනියන්නේ මහින්ද මහත්තයාමද ..මහා බැංකු හොරකම් තමන්ගේ හොරකම් නිසා ඒවා යට ගසනවා කියා හිතීම තාර්කිකය.ඒ තමන්ගේ හොරකම්ය. තමන්ගේ හොරකම් තමන්ම අල්ලා තමන්ම දඩුවම් විදින මහා යුක්ති සහගත බාවයක් බලා පොරොත්තු වීම විහිළුවකි. එහෙත් රාජපක්ෂ යුගයේ හොරකම් වංචා අපරාද ප්‍රකාශ සටහන් කර ගැනීමේ ප්‍රෝඩාවෙන් යටපත් කිරීමේ අවශ්‍ය තාවය අප තෙරුම් ගත යුත්තේ කෙසේද .. සිරිසේන මහත්තයා ජනාදිපති උයේ ඔහුට තිබු සුවිශේෂී ආකර්ශනයක්

භාෂාවකට මොනවාද කරන්න බැරි .

භාෂාවකට මොනවාද කරන්න බැරි ..තමන් විස්වාස කරණ මතවාදය සාදක හොයල තර්කය ඔස්සේ දිනවලා දෙන්න භාෂාවකට හැකියාව තියනවා .පුර්ව නිගමනය ඔළුවට අරගෙන එක ඔප්පු කරන්න සාදක හෙඋවාම ඕනෑ තරම් සාදක හොයා ගන්න පුළුවන් .....යුද ජය සැමරීම .රණවිරුවා උත්කර්ෂයට නැංවීම. .දෙමළාට වයිර කරමින් සිංහලයෙනි නැගිටියවූ කීම .රාජිතට හෙණ වැදියන් කීම.ආදී මතවාද පුර්ව නිගමන විදිහට ඔළුවට අරගෙන මේවා සදාරනිකරණය කිරීම වෙනුවෙන් සාදක හෙඋවොත් ඕනේ තරම් සාදක ලේසියෙන් හොයා ගන්න පුළුවන් .අර මාධ්‍යවේදියෝ කියන කට්ටිය රාජිතව හිර කරලා  තමන්ට ඕනේ උත්තරය ගත්තෙත් මේ විදිහට තමා . සාමය සංහිදියාව වෙනුවට ඔඋන්ට ඕනේ නැවත රජාපක්ෂ කදවුර බලයට ගෙන එම .එකට තියන හොදම දේ තමා යුද්දය රණවිරුවා උත්කර්ෂයට නැංවීම .ගිය අවුරුද්දටත් වඩා මේ අවුරුද්දේ යුද ජය සැමරීම, රණවිරුවා උත්කර්ෂයට නැන්වෙන්නේ ගෝඨාභය මැතිදුන් බලයට ගෙන ඒමේ වියාපෘතියේ උවමනාව වෙනුවන් .ඊට එරෙහි පිරිසත් මේ මතවාද යුද්දයේම සටන් කරන්නේ ඒ නිසා ..ඒ වගේම යුද විරෝදය .යුද ජය සැමරිය යුතු දෙයක් නොවේ .උතුරේත් දකුණේත් මැරුණේ එකම රටේ මිනිස්සු .දරු දුක ට සිංහල දෙමළ බේදයක් නෑ වගේ මතවාදයක් පුර්ව නිගමන විදිහට ඔළුවට අරගෙන
ගොඩ නැගෙන හැම මනුෂ්‍ය සම්බන්දයක් ම ගොඩනගලා තියන මනුෂ්‍ය සම්බන්දකම් වල ආකෘති ඇතුළට වැටෙනවා . ආකෘති ඇතුලේ මනුෂ්‍ය සම්බන්දකම් ඇතිවෙනවද ගොඩනැගෙන මනුෂ්‍ය සම්බන්දකම් ආකෘති ඇතුළට දානවද කියන එක .කිකිළිද බිත්තරේද වගේ ප්‍රශ්ණයක් ....එක ගැනියෙක් එක පිරිමියෙක් ගේ සම්බන්දයකට ප්‍රේමය කියනවා .ඔය ප්‍රේමය උත්කෘෂ්ටයි පරමයි පිවිතුරුයි කියන්න ඕනේ තරම් සංකල්ප වචන සාහිත්‍ය තියනවා .සිදුහත් යසෝදරා සම්බන්දයත් අන්න ඒ වගේ කථාවක් සාහිත්‍යක් .මිනිස්සු ඒවට ආසයි .සිදුහත් ගිහි ගෙයින් ගියාට පස්සේ  යසෝදරා වෙනත් පුරුෂයෙක් සමග සම්බන්දය තිබුණා කියලා හිතන්නවත් අපි කැමති නෑ.මොකද අර වගේ පරම පිවිතුරු සම්බන්දකම් ඇත්තට නැති නිසා ඇත්තට තියනවා කියලා බොරුවට හිතන්න අපි කැමතියි ........ජිවිතේ කියන්නෙම ඇත්තට නැති දේවල් ඇත්තට තියනවා කියලා බොරුවට හිතන්න කැමති වීම .ඇත්තට තියනවා කියලා බොරුවට හිතාගෙන ජීවත් වීම .එක වෙලාවකට මට මේ ඇක්ට් එක දරා ගන්න බැරි තරම් අමාරුයි ..මිනිස්සු කොහොමද අප්පා මේ තරම් බොරුවක් ඇත්තයි කියලා හිතාගෙන බොරුවට ජීවත් වෙන්නේ