Skip to main content

බුදු දහමට අත නොතබනු... සිල්රෙදි වීරයෝ නිදහස් කරනු

 “ලලිත් මහත්තයා උඹට දීපු සිල්රෙද්ද ගනින් මෙහාට...  කියා පිංහාමි කෑගසන විට,
“ඔහේට පිස්සුද? මට ඔය මොන මහත්තයෙක්වත් සිල්රෙදි අරන් දීලා නෑ යකෝ... මෙච්චර කල් එකට ජීවත් වෙලා කොහෙද යන මිනිස්සු මට ජෝඩු කරන්නේ... මේ අහගන්නවා අපි හොඳ වැදගත් පවුල්වල වැදගත් විදිහට හැදිච්ච ගෑනු... සිල්රෙද්දට මාව රවට්ටන්න බෑ හරිද?* කියා හාමිනේ පිංහාමිට බණින විට,  
“මේ මොනවද මේ කියන්නේ... මම ඇහුවේ ලලිත් මහත්තයයි, අනූෂ මහත්තයයි උඹට දීපු සිල්රෙද්ද කෝ කියලා...  
“ඒ පාර මේ මිනිහා අනූෂ කියලා තව මිනිහෙක් ජෝඩු කළා... ඔහේට නම් හොඳක් වෙන්නේ නෑ... ඔය කටට හෙණ ගහනවා. පතිවත රැකගෙන ඉන්න මට ලලිත්ලා... අනූෂලා ජෝඩු කරනවට* කියා හාමිනේ ඇඬුවාය.
“දැන් එතකොට ලලිත් මහත්තයයි, අනූෂ මහත්තයයි දීපු සිල්රෙද්ද උඹ ළඟ නෑ...?  
“අනේ මම ඕනේ තැනක දිවුරන්නම් ඔය කියන මහත්තුරු මට සිල්රෙද්දක් තායා සත දහයේ සීනි බෝලයක්වත් අරගෙන දීලා නෑ... හැබැයි අපේ මහින්ද මහත්තයා ඡන්දෙ කාලේ දීපු සිල්රෙද්දක් නම් තියෙනවා... පිට මිනිහෙක්ගෙන් කියලා හම්බ වෙච්ච එකම රෙද්ද ඕක තමයි මහත්තයා* කියා හාමිනේ බැගෑපත් වෙමින් කියන විට,
“ආන්න ඒ රෙද්ද ගැන තමයි බං මං ඇහුවේ... කෝ ඒක තියෙනවද?* කියා පිංහාමි කලබලයෙන් ඇසුවේය.
“ආ... ඒක තියෙනවා. මහින්ද මහත්තයා අපට දීපු රෙද්දට මොකටද? තමුසෙ ලලිත් කියලා මනුස්සයෙකුයි, අනූෂ කියලා මනුස්සයෙකුයි පැටළුවේ... තමුසෙට පිස්සුද?* කියා හාමිනේ ඇසුවාය.
“ඔන්න ඕක තමයි රට්ටුන්ට තියෙන ප්‍රශ්නේ... මහින්ද මහත්තයාගෙ රෙද්දට ලලිත් මහත්තයයි, අනූෂ මහත්තයයි කොහොමද පැටළුණේ...*
“අනේ ඇත්තට මේ වගේ මිනිහෙක්... තමුසෙනේ දැන් මහින්ද මහත්තයා දීපු සිල්රෙද්දට ලලිත්, අනූෂලා පැටළුවේ...* කියා හාමිනේ කීවාය.
“උඹට පිස්සුද බං...? මම නෙමෙයි බං උසාවිය පටලවලා තියෙන්නෙ... මේ බලපන් විස්තරේ* කියා පිංහාමි පත්තරේ හාමිනේගේ ඇඟට විසි කළේය. හාමිනේ පත්තරය බලමින්,
“අම්මේ දැන් තමා මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ... මං හිතුවේ ලලිත්, අනූෂ කියලා හොර මිනිස්සු මට ජෝඩු කළා කියලා...* කියා හාමිනේ කියන විට,
“උඹ වගේ නාකි හොල්මනක් මිනිස්සුන්ට ජෝඩු කරන්න මට පිස්සුද බං... බලපන් මේ මිනිස්සු රෙදි බෙදන්න ගිහිල්ලා කාපු පරිප්පුවක්... හෙළ ජාතික අභිමානයෙන් බුද්ධාගම කෙලින් කරලා ගන්න සිල්රෙදි බෙදුවාම ඒකත් වැරැද්දක් විදිහට දකිනවනේ... අඩු ගාණෙ ඒ කාලේ තිබ්බ රත්තරන් අශ්වයෝ... ලැම්බෝගිනි කාර් එකක්, ඩුබායි ගිණුමක්, මල්වානේ අයිතිකාරයෙක් නැති භූත ගෙයක් අල්ලලා වැරදිකාරයෝ ටික හිරේ දාපල්ලා... උදේ පාන්දරම සිල්රෙදිකාරයෝ ටිකක්නේ හිරේ දැම්මේ* කියා පිංහාමි කීවේය.
“දැන් ඉතිං යහපාලනය බුද්ධාගමට වැඩේ දෙන්න හදන්නේ කියලා දේශප්‍රේමී කට්ටිය හොඳ හොඳ තොවිල් නටයි. චීත්ත රෙද්දක් බෙදලා හිරේ ගියා නම් අවුලක් නෑ... සිල්රෙද්ද ඉතිං බුද්ධාගමට සම්බන්ධයිනේ... දැන් ඉතිං ඉවරයි... ඡන්ද ගුණ්ඩුවකට සිල්රෙදි බෙදුවයි කියලා නෙමෙයිනේ කියන්නේ, බුදුදහම නගාසිටුවන්න උදව් කරලා හිරේ ගියා කියලානේ කියන්නේ... රට පාවලා දෙන කතා, එන්.ජී.ඕ. කතා, ඩොලර් කතා, රට බෙදන කතා සේරම සිල්රෙද්දත් එක්ක අච්චාරු දානවා. හෙට අනිද්දට හාමුදුරුවො, උපාසික උපාසිකාවෝ පාරට බහිනවා,  බුදු දහමට අත නොතබනු... සිල්රෙදි වීරයෝ නිදහස් කරනු^ කියලා.*
ඒ කාලේ ඉන්දියාවේ මහත්මා ගාන්ධිගේ අනුගාමිකයෝ පිරිසක් රේල් පාරක් ළඟදී අත්අඩංගුවට අරගෙන තියෙනවා. එතැනදී උදේ පාන්දර රේල් පාරට මළපහ කරන්න ආපු සෙට් එකකුත් ගාන්ධිවාදියෝ කියලා අත්අඩංගුවට අරගෙන... අන්තිමට මළපහ කරන්න රේල් පාරේ වාඩි වෙච්ච එකත් හිරෙන් නිදහස් වෙලා එළියට ආවේ වීරයෝ වගේ... අන්න ඒ වගේ වීරයෝ විදිහට තමයි හැම හොරාම, හැම වංචනිකයාම හිරෙන් නිදහස් වෙලා එළියට එන්නේ... තමන් කරපු කක්කා වැඩේ නෙමෙයි එළියට එන්නේ* කියා පොඩි පුතා කීවේය.
“ඔහේ මොකටද ඒ සිල්රෙද්ද තියෙනවද කියලා ඇහුවේ?* කියා හාමිනේ අසන විට,
“බෙදපු සිල්රෙදි සේරම එකතු කරලා මෛත්‍රී මහත්තයාගේ ගෙදර ඉස්සරහ බාන්න...* කියා පිංහාමි කීවේය.
“දැන් ඔය දීපු සිල්රෙද්ද ආපසු මිනිස්සු දෙයිද?* කියා හාමිනේ අසන විට,
“මහින්ද මහත්තයාගේ වැඩකට කිව්වොත් එතුමාගේ පාක්ෂිකයෝ යටට ඇඳගෙන ඉන්න යට ඇඳුමත් ගලවලා දීලා හෙළුවෙන් යනවා... ඒ තරම් විචාර බුද්ධිය අහිමි කර ගත්ත පාක්ෂිකයෝ ටිකක් තමයි එතුමා වටේ ඉන්නේ...* කියා පොඩි පුතා කීවේය.
“මහින්ද මහත්තයා වෙනුවෙන් අමුඩය වුණත් ගලවලා පූජා කරන්න අපි ලෑස්තියි යකෝ... අපි ඔය සිල්රෙදි ටික එකතු කරලා යහපාලන එවුන්ට ගිහිල්ලා දෙනවා මැල්ලුම් මලවාගෙන කාපිය කියලා... මහ බැංකුව කඩපු හොරු ඉල්ලා අස්වෙලා පස්සට ගිහිල්ලා වාඩිවෙලා ඉන්නවා.... සිල්රෙද්ද දුප්පත් මිනිහට දීපු ලලිත් මහත්තයලා හිරේ විලංගුවේ ලගිනවා... හිටපල්ලකෝ අපි ගෝඨාභය මහත්තයා ජනාධිපති කරලා යහපාලනයෙන් ටොෆියක් බෙදපු එකාවත් නඩු දාලා හිරේ දානකම්... මුන් ලැජ්ජා නැතුව සිල්රෙදි බෙදුවා කියලා හිරේ දැම්මානේ...* කියා පිංහාමි තරහෙන් කීවේය.
“රාජ්‍ය සතු මුදල්, දේපොළ හොරා කන කොට, අයථා විදියට පාවිච්චි කරන කොට, ඒ හොරකම ගැන සාපේක්ෂව හිතහිතා හොරකමේ ලොකු පොඩි ප්‍රමාණ ගැන හිතහිතා... හොරකමේ පාට පක්ෂ ගැන හිතහිතා හොරකම ජාතියට, ආගමට, දේශප්‍රේමයට මුවාකරලා තර්ක කරන්නේ තමන් කැමැති හොරා නිර්දෝෂී කරගෙන අකමැති හොරාට දඬුවම් කරනවාට කැමති අය. මේ කාලේ පොදු ජනයා කැමැති වෙන හොරුයි, අකැමැති වෙන හොරුයි කියලා හොරු දෙවර්ගයක් ඉන්නවා. කැමැති හොරකම්, අකැමැති හොරකම් කියලත් හොරකම් වර්ග දෙකක් තියෙනවා. හොරකමට විරුද්ධ වෙන පොදු සධාචාරවාදී සමාජයීය අදහස දේශපාලනයට සම්බන්ධ හොරකම් ගැන නෑ... තාත්තාට සිල්රෙදි හොරු හොඳයි. මහ බැංකු හොරු හොඳ නෑ... මට නම් ඔය හැම එකාම හොරු, තක්කඩි, දූෂිතයෝ. ඔය හැම එකාටම බොරු දඬුවම් නැතුව ඇත්ත දඬුවම් ලැබෙනවා නම් මම කැමතියි* කියා පොඩි පුතා කීවේය. 

Comments

Popular posts from this blog

ගෝටාබය මහත්තයා ට හැමෝම කැමති එතුමාට හොදටබය කරන්න පුළුවන් හින්ද

අද තිවීල් එකේ එනකොට රියදුරු මහත්තයා කතාවට වැටුණා .මට හමු වූ තිවීල් රියදුරු මහත්වරුන්ගෙන් සියයට අනුනමයක්ම උග්‍ර මහින්දවාදීන් .මේ මනුස්සයා නැග්ගවෙලේ ඉදන් රනිල්වයි සිරිසේන ලොක්කටයි පතුරු යන්න බනිනවා .මේ වගේ කට්ටිය හම්බු උනාම මාත් උන්ගෙන් උපරිම ආතල් එක ගන්නවා .මාත් උත් එක්ක සෙට් වෙලා උග්‍ර මහින්දවාදියෙක් වගේ යහපාලනේ පතුරු අරිනවා මේ මනුස්සයා කියනවා මහින්ද මහත්තයා මොනවා කලත් රට සංවර්දනය කලා මුන් මොනවාද කරන්නේ ඒ මනුස්සයා හිටියනම් අද මේරට සුර පුරයක් .හැබැයි ගෝටාබය මහත්තයා එනවා ෂ ුවර් එය ඇවිල්ලා රට ටිප් ටොප් එකට ගොඩ දානවා .මුන් නපුනසකයෝනේ .කොන්ද පණනැති කලකන්නිනේ .මම දන්නවා මේ මිනිස්සුම ගෝටාබය මහත්තයා රටේ නායකයා වෙච්ච දවසට කියනවා .මොනවා උනත් යහපාලනේ තියන කාලේ මෙහෙම බයක් තිබුනේ නෑනේ .අපි කට ඇරලා රනිල් මහත්තයට මයිත්‍රේ මහත්තයට බැන්නනේ .දැන් කොහෙද එහෙම නිදහසක් .අඩු ගානේ ඒ කාලේ අපි බය නැතුව පාරට බැහැලා පිකට් කලා වර්ජන කලා දැන් කොහෙද ඒවා .කියන දේ පිලි අරගෙන කටයි ...කයි වහගෙන ඉන්න වෙලා තියෙන්නේ .උන් සැප විදිනවා අපි දුක් විදිනවා .මම උවද දැන් බය නැතිව සිරිසේන මහත්තයාව රනිල් මහත්තයාව පතුරු යන්නට විවේචනය ...
මහින්ද මහත්තය කියනවා කිත් නොයාර්ගේ පහර දීමේ සිදුවීමට තමාගෙන් ප්‍රශ්න කීරීම මඩ ගහන්න කරපු වැඩක් කියලා ...එකල සිදුවූ මේ අපරාද වලට වගකිව යුත්තේ .කවුද .මේවා ඉබේ සිදුඋන දේවල්ද ..මේ සියලු අපරාද පිටුපස නිශ්ශිත පුද්ගලයන් මෙන්ම නිශ්චිත හේතුද තිබේ .ඒවා නිවැරදිව හදුනා හෙළිදරවු කිරීමට යහපාලනය අසමත් වන තාක් කල් මේ අපරාද මඩය, බොරුය ..පැය තුන හතර ප්‍රකාශ සටහන් කර ගැනීමට තරම් දෙයක් මෙතන තිබේද .යහපාලනය බලයට ආදා සිට කල මේ ප්‍රකාශ සටහන් කර ගැනීමේ ප්‍රෝඩාව ප්‍රශ්න කරන්නේ කවුද .ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අපරාද කරුවන්ට ලබා දුන් දඩුවම කුමක්ද .යහපාලනයට තව අවුරුදු එකහ මාරකට වඩා නැත .යහපාලනය පරාජය වූ පසු මේ නඩු ඉදිරියට ගෙනියන්නේ මහින්ද මහත්තයාමද ..මහා බැංකු හොරකම් තමන්ගේ හොරකම් නිසා ඒවා යට ගසනවා කියා හිතීම තාර්කිකය.ඒ තමන්ගේ හොරකම්ය. තමන්ගේ හොරකම් තමන්ම අල්ලා තමන්ම දඩුවම් විදින මහා යුක්ති සහගත බාවයක් බලා පොරොත්තු වීම විහිළුවකි. එහෙත් රාජපක්ෂ යුගයේ හොරකම් වංචා අපරාද ප්‍රකාශ සටහන් කර ගැනීමේ ප්‍රෝඩාවෙන් යටපත් කිරීමේ අවශ්‍ය තාවය අප තෙරුම් ගත යුත්තේ කෙසේද .. සිරිසේන මහත්තයා ජනාදිපති උයේ ඔහුට තිබු සුවිශේෂී ආකර්ශනයක්...

හීනයක් ඇතුලේ දී මහින්ද මහත්තයට දුටුගැමුණු රජතුමා හමු උනේය .

හීනයක් ඇතුලේ දී මහින්ද මහත්තයට දුටුගැමුණු රජතුමා හමු උනේය . මහින්ද මහරජතුමනි යුද්දයක් ජයග්ග්‍රහණය කලපසු දිනපු යුද්දය අතහැරිය යුතුයි නමුත් ඔබ තුමාත් ගෝලබාලයනුත් තාම යුද්දය අල්ලාගෙන මොකද ඒ යුද්දය කෙලෙසකනම් අතහරින්නද දුටු ගැමුණු මහා රජ. ජනයා මට මෙතරම් ප්‍රිය උයේ යුදජය නිසාය. ඒ නිසා ජනයා මාත් යුදජයත් අතහැරීමට සුදානම් නැත තොපලාගේ ප්‍රදාන සතුරා වූ ප්‍රභාකරනුත් උගේ යුදබටයනුත් මරාදමා කිරිබත් කා ජයපැන් බි එම කාර්ය අවසන් කලා නොවෙද අවසන් කලෙමි එහෙත් වසරක් පාසා ඒ ජය අප විසින් සැමරිය යුතුය මරා දැමු ප්‍රභාකරන් නැවත නැවත මැරිය යුතුය .  තොපගේ ජනයා ප්‍රභාකරන්ගේ හා ඔහුගේ අනුගාමිකයන්ගේ කුණු උ මළ ශරීර තවමත් මලපෙරේතයන් සේ බුදිමින් සිටින්නේ මන්ද. උන් මළකුණු වලට ආශා කරණ ගෙවලයෝද පෙරේතයෝද . දේශප්‍රේමින්ට අපහාස නොකරන්න දුටුගැමුණු රජ. දේශප්‍රේමිගේ ආතල් නොකඩන්න. තොපගේ දේශපාලනය නම් පුදුම සහගතය යුදජයෙන් පසුව තොප කල යුතුව තිබුනේ පරාජිතයා දිනා ගැනීමේ සටනයි. නමුත් තොප කලේ දිනාගත් ජයග්ග්‍රාහකයා තව දුරටත් දිනාගෙන දේශපාලන බලය තහවුරු කර ගැනීමට උත්සාහ දැරීමයි . ඔබතුමා එළාර රජතුමාට කලපරිද්දෙන් මා ප්‍රභාකර...