රොහින්‍ය සරණාගතයෝ එකසත් ජාතීන් ගේ සංවිදානය යටතේ ඉන්නේ කියලා කිඋවාම .එකසත් ජාතීන් ගේ සංවිදානයත් isis සංවිදානය වගේ එකක් කියලා හිතන චන්ඩිත් ඔය ගේ වටකරගෙන හිටියා .ඇතැම් අයට මේ සිදුඋන දේ ගැන නිවැරදි අවබෝදයක් නෑ .පුර්ව නිගමන හිස මත තබාගෙන ඒවා ඔප්පු කරන්න සාදක හොයනකොට ඒවා හම්බ වීම යථා තත්වය අවබෝද කර ගැනීමට ප්‍රමාණවත් නෑ .මුස්ලිම් ප්‍රජාව අහිංසකයි කිසිම ජාතිවාදී අදහසක් නෑ අන්තවාදී අදහසක් නෑ කියන පුර්ව නිගමනය මම ඔලුවේ තියාගෙන එය ඔප්පු කිරීමට සාදක හෙඋවොත් සාදක ලැබෙනවා .මුස්ලිම් ප්‍රජාව ජාතිවාදී ආගම්වාදී. අන්තවාදී .කියන පුර්ව නිගමනය ඔලුවේ තියාගෙන එය ඔප්පු කිරීමට සාදක හෙඋවොත් එත් සාදක හම්බ වෙනවා .පුර්ව නිගමන ඔප්පුකිරීම වෙනුවෙන් ගොඩනගන තර්ක වලින් යමක් පිළිබද අවබෝදය ලබා ගැනීම අපහසුයි .මගේ හිස මත තිබෙන පුර්ව නිගමනය තමයි මනුෂ්‍ය ප්‍රජාවක් විදිහට සියලු ජාතීන්ට අයත් මිනිස්සු මනුස්සකමින් යුතුව සමගියෙන් ජීවත් විය යුතු සමාජයක් නිර්මාණය කරගැනීම . ආගමකට හෝ ජාතියකට මේ සහජීවනය ගොඩනගන්න බෑ .ආගම හෝ ජාතිය මුලට ගත්ත ගමන් එතන අවුලක් නිර්මාණය වෙනවා .සියලු ආගම් ජාතින් කරේ තියාගෙන ඉන්න මිනිස්සු පොදු රාමුවකට ගන්න රාජ්ජයට .ආණ්ඩුක්‍රම නීතියට පුළුවන්. රටේ නීතිය මගින් පාලනය වන පුරවැසියෙකුට ආගමික හා ජාතික විකාර පුද්ගලික මට්ටමින් තියාගෙන ඉන්න පුළුවන් .අවාසනාවකට අපේ නීතිය ජනයා පොදු රාමුවකට ගේන්නේ නෑ .ආගම ජාති අනුව පාසැල් පවා බෙදලානේ තියෙන්නේ .මේ බෙදීම ආණ්ඩුක්‍රම නීතිය මගින්ම නිත්‍යානුකුල කරලා. සහජීවනය අපිට හරි දුරයි .සහජීවනය අපිට ජෝක් එකක් නපුන්සක කමක් .අපි යක්කු බොලවූ .වගේ කථා තමයි වීරත්වය කියලා හිතන්නේ .අපි රොහින්‍ය දරුවෝ ගැන කතා කරනකොට අපෙන් අහනවා තොපිට දුක් විදින සිංහල ළමයි පෙන්නේ නැද්ද කියලා .දුක්විදින පීඩාවට පත්වෙලා ඉන්න සිංහල දරුවෝ ඉන්න හින්ද රොහින්‍ය දරුවෝ ගැන අනුකම්පා කරන්න එපා කියලද මේ කියන්නේ .දුක් විදින හැම මිනිහෙක් ගැනම දරුවෙක් ගැනම සංවේදී වෙන්න බැරි ඇයි කියලයි මම අහන්නේ.එතකොට මුස්ලිම් අය ඔහොම හිතන්නේ නෑ කියනවා එහෙම නොහිතනවනම් නොහිතන එකට විරුද්ද වෙන්න ඕනේ .අපිත් එහෙම උනොත් නිර්මාණය වෙන්නේ අමානුෂික සමාජයක් .අපේ දේශමාමක අය්යලා සෞදි අරාබිය ගැන කියනවා බුද්ද රුපයක් තිය ගන්න බෑ. බෙලි කපනවා කියනවා. අපිටත් ඕනේ සෞදි අරාබිය ආදර්ශයට අරගෙන සෞදි මොඩලයක් බෞද්ද විදිහට හදාගෙන මුස්ලිම් මිනිස්සුන්ට සලකන්නද .මේ රට අනාගතේ මුස්ලිම් රටක් වනවා කියන එක ජන සංයුතිය අනුව විශ්ලේෂණාත්මකව බලලා කියන්න ඕනේ දෙයක් .කරුණු නොදන්නා නිසා මට ඒ ගැන අදහසක් නෑ. ජනමාද්‍ය වේදීන් මේ ගැන සොයා බලා කරුණු ඉදිරිපත් කල යුතුයි .මේ පිළිබද ගැබුරින් සොයා බලා ලිවීමට ආසාවක් තිබුනත් මට ලිවීමට පුළුවන් කමක් නෑ .වුර්තිමය වශයෙන් ස්ථාවර මසකට වැටුපක් හා අනෙක් පහසුකම් ලබන මාධ්‍යවේදීන්ට මෙය පහසුවෙන් කල හැකියි. නිවැරදි තොරතුරු සමාජ ගත කිරීමෙන් බෝහො අවුල් හා සමාජ බිදවැටීම් වලක්වා ගත හැකියි .මගේ පුතාගේ බෙල්ල කපන්නේ ෆොටෝ එකේ ඉන්න දරුවා කියලා කියලපල්ලා ළමා දිනය දවසේ මට කියන්න තියෙන්නේ ජාතිවාදයෙන් උමතු වෙලා නොදරුවන්ටත් වයිර කරණ යක්කු වෙන්න එපා බොලවු කියලා විතරයි
අද තිවීල් එකේ එනකොට රියදුරු මහත්තයා කතාවට වැටුණා .මට හමු වූ තිවීල් රියදුරු මහත්වරුන්ගෙන් සියයට අනුනමයක්ම උග්‍ර මහින්දවාදීන් .මේ මනුස්සයා නැග්ගවෙලේ ඉදන් රනිල්වයි සිරිසේන ලොක්කටයි පතුරු යන්න බනිනවා .මේ වගේ කට්ටිය හම්බු උනාම මාත් උන්ගෙන් උපරිම ආතල් එක ගන්නවා .මාත් උත් එක්ක සෙට් වෙලා උග්‍ර මහින්දවාදියෙක් වගේ යහපාලනේ පතුරු අරිනවා මේ මනුස්සයා කියනවා මහින්ද මහත්තයා මොනවා කලත් රට සංවර්දනය කලා මුන් මොනවාද කරන්නේ ඒ මනුස්සයා හිටියනම් අද මේරට සුර පුරයක් .හැබැයි ගෝටාබය මහත්තයා එනවා ෂ ුවර් එය ඇවිල්ලා රට ටිප් ටොප් එකට ගොඩ දානවා .මුන් නපුනසකයෝනේ .කොන්ද පණනැති කලකන්නිනේ .මම දන්නවා මේ මිනිස්සුම ගෝටාබය මහත්තයා රටේ නායකයා වෙච්ච දවසට කියනවා .මොනවා උනත් යහපාලනේ තියන කාලේ මෙහෙම බයක් තිබුනේ නෑනේ .අපි කට ඇරලා රනිල් මහත්තයට මයිත්‍රේ මහත්තයට බැන්නනේ .දැන් කොහෙද එහෙම නිදහසක් .අඩු ගානේ ඒ කාලේ අපි බය නැතුව පාරට බැහැලා පිකට් කලා වර්ජන කලා දැන් කොහෙද ඒවා .කියන දේ පිලි අරගෙන කටයි ...කයි වහගෙන ඉන්න වෙලා තියෙන්නේ .උන් සැප විදිනවා අපි දුක් විදිනවා .මම උවද දැන් බය නැතිව සිරිසේන මහත්තයාව රනිල් මහත්තයාව පතුරු යන්නට විවේචනය ...
Comments
Post a Comment