මා එක් දෙයක් තේරුම් ගතිමි .ඒ ප්‍රගතිශීලි මිනිසුන් තුල පවා දැඩි මුස්ලිම් විරෝ දයක් පවතින බවයි .මා මිතුරු සම්පත් අපුරු කතාවක් කීවේය .ඔය රොහින්‍ය මුස්ලිම් අය නතරවෙලා හිටපු ගේ වටකරලා පහර දීලා කලබල කරපු වැඩේ රොහින්‍ය මුස්ලිම් කට්ටිය සල්ලි දීලා කර ගත්ත වැඩක්ද දන්නේ නෑ .මොකද මේ වැඩෙන් ඒ මිනිස්සු කැනඩාවට ගන්න වැඩේ ඉක්මන් වෙනවා .මේ සරණාගතයෝ ලංකාවේ නාවික හමුදාවේ අත්අඩංගුවට පත්වීමේ සිට කැනඩාවේ පදිංචියට යාම දක්කවා සැලසුම් සහගත වැඩ පිළිවෙලක් තියනවා කියලයි සම්පත් කිඋවේ .ඒක ඇත්තනම් අපේ දේශප්‍රේමී සහෝදරවරු කරලා තියෙන්නේ රොහින්‍ය මුස්ලිම් කට්ටියට උදවූවක් .............කැනඩාවේ ස්ථිර පදිංචියට අවස්ථාවක් ලැබුනොත් එහෙ යන්න බෑ ලංකාව හොදයි කියලා රොහින්‍ය මුස්ලිම් වරු ලංකාවේ නතර වෙනවද .අඩු තරමේ රට ජාතිය වෙනුවෙන් පන දෙන්න කතා කරණ සිංහල ජාතිය වෙනුවෙන් මැරෙන්න කතා කරණ ඔය අයියලාට කැනඩාවේ ස්ථිර පදිංචියට අවස්ථාවක් ලැබුනොත් නොයා ඉන්නවද . තොරතුරු හරියට නොදැනීම .තොරතුරු විකුර්ති කර .තමන්ගේ ජාතිවාදී මත සනාථ කරගන්න ඒවා බාවිතා කිරීම .හොදට පෙනුන අවස්ථාවක් ........... රාජ්‍ය නීතිය හා එය ක්‍රියාත්මක වීමේ දුර්වලතාවය.නිසා මිනිසුන්ට රාජ්‍ය පිළිබද විස්වාසයක් නෑ .අතීතයේ දවසක මම ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමග යුද්දයේ වෙඩි හඩ ඇසෙන ගම්මානයකට ගියා .ඒ වෙලාවේදී මම ඇහුවා කොටින්ට අපි අහුඋනොත් මොකද කරන්නේ කියලා .ඔහු ගත් කටටම කිඋවේ ඕස්ට්‍රේලියා ආණ්ඩුව මම ගැන බලා ගනී කියලා .අපේ කටින් කවදාවත් එහෙම උත්තරයක් එන්නේ නැත්තේ ලංකා රාජ්‍ය ගැනවත් ආණ්ඩු ගැනවත් එහෙම විස්වාසයක් නැති හින්ඳා .රොහින්‍ය මුස්ලිම්වරු බවුද්දයන් කපා කොටලා මරල දාල තියන පින්තුර ගොඩක් එවලා තිබ්බා මේවගේ එඋන් ත්රස්තවාදියෝ කියලා .කොටි මොනතරම් මිනිස්සු මැරුවද ...........එහෙම කියලා හැම දෙමළ මිනිහම කොටිද .රොහින්‍ය මුස්ලිම් හැමෝම බෞද්දයෝ මැරුවද .මේවා හරිම සරල කාරණා .විදේශිකයෙකුට ලංකාවේ ස්ථිර පදිංචිය ගන්න නීතියෙන් ඉඩක් නැත්නම් ඇයි මේ බොරු කලබලයක් .ලංකාවේ ජීවත් වෙන මුස්ලිම්වරුන්ට ප්‍රශ්නයක් උනොත් යන්න මුස්ලිම් රටවල් තියනවා සිංහලයන්ට තමා යන්න රටක් නැත්තේ කිඋවට ලංකාවේ ජීවත්වෙන මුස්ලිම්වරු බාරගන්න රට මොකද්ද .රොහින්‍ය මුස්ලිම් වරු බාර ගන්න කැමති ධනවත් මුස්ලිම් රටක් තියනවද .තස්තවාදී තර්ජනයට බය වේවි මුස්ලිම් සරණාගත්යොත් බාර ගත්තේ බටහිර රටවල්ම තමා. මුස්ලිම් අක්ක්‍රමනයට සිංහලයෝ මුනදෙන්න හදන්නේ සියලු මුස්ලිම්වරු රටින් පන්නලා දාලද. එහෙම නැත්නම් අපිට බයේ ළමයි වැඩිය හදන්නෙත් නැතුව ඉන්න කියලද රාජ්‍ය නීතියෙන් බුර්කාව තහනම් නැත්නම් සැදිය යුතු ළමයින් ප්‍රමාණය පිළිබද සීමා නැත්නම් මුස්ලිම්වරු කාගේ නීතියද පිළිපැදිය යුත්තේ .මහින්ද මහත්තයා නැවත රටේ නායකයා උනොත් එහෙම නැත්නම් ගෝඨාබය මහත්තයා ජනාදිපති උනොත් ඔය නීති ටික සම්මත කර ගන්න .පාරවල් දිගේ කෑගගහ බොරු චන්ඩි වෙනවට වඩා ඒක හොදයි නේද පහසුයි නේද
අද තිවීල් එකේ එනකොට රියදුරු මහත්තයා කතාවට වැටුණා .මට හමු වූ තිවීල් රියදුරු මහත්වරුන්ගෙන් සියයට අනුනමයක්ම උග්‍ර මහින්දවාදීන් .මේ මනුස්සයා නැග්ගවෙලේ ඉදන් රනිල්වයි සිරිසේන ලොක්කටයි පතුරු යන්න බනිනවා .මේ වගේ කට්ටිය හම්බු උනාම මාත් උන්ගෙන් උපරිම ආතල් එක ගන්නවා .මාත් උත් එක්ක සෙට් වෙලා උග්‍ර මහින්දවාදියෙක් වගේ යහපාලනේ පතුරු අරිනවා මේ මනුස්සයා කියනවා මහින්ද මහත්තයා මොනවා කලත් රට සංවර්දනය කලා මුන් මොනවාද කරන්නේ ඒ මනුස්සයා හිටියනම් අද මේරට සුර පුරයක් .හැබැයි ගෝටාබය මහත්තයා එනවා ෂ ුවර් එය ඇවිල්ලා රට ටිප් ටොප් එකට ගොඩ දානවා .මුන් නපුනසකයෝනේ .කොන්ද පණනැති කලකන්නිනේ .මම දන්නවා මේ මිනිස්සුම ගෝටාබය මහත්තයා රටේ නායකයා වෙච්ච දවසට කියනවා .මොනවා උනත් යහපාලනේ තියන කාලේ මෙහෙම බයක් තිබුනේ නෑනේ .අපි කට ඇරලා රනිල් මහත්තයට මයිත්‍රේ මහත්තයට බැන්නනේ .දැන් කොහෙද එහෙම නිදහසක් .අඩු ගානේ ඒ කාලේ අපි බය නැතුව පාරට බැහැලා පිකට් කලා වර්ජන කලා දැන් කොහෙද ඒවා .කියන දේ පිලි අරගෙන කටයි ...කයි වහගෙන ඉන්න වෙලා තියෙන්නේ .උන් සැප විදිනවා අපි දුක් විදිනවා .මම උවද දැන් බය නැතිව සිරිසේන මහත්තයාව රනිල් මහත්තයාව පතුරු යන්නට විවේචනය ...
Comments
Post a Comment