Skip to main content
රෝහින්‍ය මුස්ලිම් ජාතිකයෝ පොලිස් ජීප් වල පටවගෙන යනකොට මම බැලුවේ වඩාගෙන හිටපු පුංචි දරුවන්ගේ මුණු දිහා..........මේරට මුස්ලිම් අය යටත් කර ගනීද, සිංහලයෝ සුළු ජාතිය වෙයිද ......මට ඔය කිසි දෙයක් හිතුනේ නෑ අර දරුවෝ ගැන ඒ මිනිස්සු ගැන විශාල දුකක් තමා හිතේ ඇති උනේ . .ඒ පුංචි දරුවෝ ඔය කිසි දෙයක් දන්නේ නෑ .වතුරට වැටුණ කුබියත් ඇගිල්ලෙන් අරගෙන ගොඩින් තියන්න කියලයි දහම් පාසලෙන් පන්සලෙන් අපිට ඉගෙන්නුවේ ...........මේ රෝහින්‍ය මුස්ලිම් ජාතිකයෝ අර පොඩි දරුවෝ එක්ක මහ මුහුදේ අතරමං වෙලා ඉන්නකොට නාවික හමුදාවෙන් බේරගෙන ගේනවා.මේ මිනිස්සු අර පොඩි දරුවෝ එක්ක මහ මුහුදේ ගිලිලා මැරිලා ගියානම් හොදයි කියලා හිතවන්න ජාතිවාදයට පුළුවන් කියලා මම දන්නවා .කොටි සිංහල දරුවෝ පෙති ගහනකොට ඔය අනුකම්පාව කොහෙද තිබ්බේ කියලා අහන්න එපා. සියලු මනුෂ්‍යන්ගේ දුක ඉදිරියේ සංවේදී වීම .එම මනුෂයන්ට පිහිට වීම තමා මම දන්න බුදු හාමුදුරුවන්ගෙන් ඉගෙන ගත්තේ.අනුකම්පාව,.දුක, ජාතිය අනුව ඇතිකර ගන්න කියලා මම ඉගෙනගෙන නෑ .සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා කියලා කියපු අපිට‍ සිංහල ජාතිය විතරක් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා කියලා.කියන්න බෑ .මුස්ලිම් ජාතිකයන්ගේ සංස්කෘතික අනන්‍ය තාවයන් ආගමික බක්තිවන්ත බාවයන් අන් ජාතීනට සාපේක්ෂව වැඩියි තමා . පොදු මනුෂත්වය පිළිබද අදහසක් ඇතුලේ මේ දැඩි ආගමික සංස්කෘතික අනන්‍ය තාවයන් දිය වෙලා යනවනම් මම කැමතියි. ලංකාවේ ජනවාර්ගික අර්බුදය විසදීමට යාමමම තමා අවුල නිර්මාණය කරන්නේ.විසදීම අවුලක් නිර්මාණය කරනවානම් කොහොමද මේක විසදන්නේ.
මම නම් බොරු සහජීවන කාරයෙක් වත් මොඩර්න් මාක්ස්වාදියෙක් වත් .පශ්චාත් නුතන වාදියෙක්වත් නෙමෙයි .මේක එහෙම හිතලා ලියපු අදහසක් නෙමෙයි .රෑ නින්ද යනකම් අපිට බණ කථා කියලා දීපු බුදු හාමුදුරුවෝ ගැන කියල දීපු ගැමි බුදු දහමෙන් පෝෂණය උණු අපේ ආචීචිලා ගේ හිතේ තිබුනේ මේවගේ අදහස් ...........මම ඒ පට්ට ගැමි කම් ගොඩේ කම් වලට මාර ආදරෙයි .මේවගේ කාලෙක මට ඒක හොදට දැනෙනවා....................
.............

Comments

Popular posts from this blog

ගෝටාබය මහත්තයා ට හැමෝම කැමති එතුමාට හොදටබය කරන්න පුළුවන් හින්ද

අද තිවීල් එකේ එනකොට රියදුරු මහත්තයා කතාවට වැටුණා .මට හමු වූ තිවීල් රියදුරු මහත්වරුන්ගෙන් සියයට අනුනමයක්ම උග්‍ර මහින්දවාදීන් .මේ මනුස්සයා නැග්ගවෙලේ ඉදන් රනිල්වයි සිරිසේන ලොක්කටයි පතුරු යන්න බනිනවා .මේ වගේ කට්ටිය හම්බු උනාම මාත් උන්ගෙන් උපරිම ආතල් එක ගන්නවා .මාත් උත් එක්ක සෙට් වෙලා උග්‍ර මහින්දවාදියෙක් වගේ යහපාලනේ පතුරු අරිනවා මේ මනුස්සයා කියනවා මහින්ද මහත්තයා මොනවා කලත් රට සංවර්දනය කලා මුන් මොනවාද කරන්නේ ඒ මනුස්සයා හිටියනම් අද මේරට සුර පුරයක් .හැබැයි ගෝටාබය මහත්තයා එනවා ෂ ුවර් එය ඇවිල්ලා රට ටිප් ටොප් එකට ගොඩ දානවා .මුන් නපුනසකයෝනේ .කොන්ද පණනැති කලකන්නිනේ .මම දන්නවා මේ මිනිස්සුම ගෝටාබය මහත්තයා රටේ නායකයා වෙච්ච දවසට කියනවා .මොනවා උනත් යහපාලනේ තියන කාලේ මෙහෙම බයක් තිබුනේ නෑනේ .අපි කට ඇරලා රනිල් මහත්තයට මයිත්‍රේ මහත්තයට බැන්නනේ .දැන් කොහෙද එහෙම නිදහසක් .අඩු ගානේ ඒ කාලේ අපි බය නැතුව පාරට බැහැලා පිකට් කලා වර්ජන කලා දැන් කොහෙද ඒවා .කියන දේ පිලි අරගෙන කටයි ...කයි වහගෙන ඉන්න වෙලා තියෙන්නේ .උන් සැප විදිනවා අපි දුක් විදිනවා .මම උවද දැන් බය නැතිව සිරිසේන මහත්තයාව රනිල් මහත්තයාව පතුරු යන්නට විවේචනය ...
මහින්ද මහත්තය කියනවා කිත් නොයාර්ගේ පහර දීමේ සිදුවීමට තමාගෙන් ප්‍රශ්න කීරීම මඩ ගහන්න කරපු වැඩක් කියලා ...එකල සිදුවූ මේ අපරාද වලට වගකිව යුත්තේ .කවුද .මේවා ඉබේ සිදුඋන දේවල්ද ..මේ සියලු අපරාද පිටුපස නිශ්ශිත පුද්ගලයන් මෙන්ම නිශ්චිත හේතුද තිබේ .ඒවා නිවැරදිව හදුනා හෙළිදරවු කිරීමට යහපාලනය අසමත් වන තාක් කල් මේ අපරාද මඩය, බොරුය ..පැය තුන හතර ප්‍රකාශ සටහන් කර ගැනීමට තරම් දෙයක් මෙතන තිබේද .යහපාලනය බලයට ආදා සිට කල මේ ප්‍රකාශ සටහන් කර ගැනීමේ ප්‍රෝඩාව ප්‍රශ්න කරන්නේ කවුද .ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අපරාද කරුවන්ට ලබා දුන් දඩුවම කුමක්ද .යහපාලනයට තව අවුරුදු එකහ මාරකට වඩා නැත .යහපාලනය පරාජය වූ පසු මේ නඩු ඉදිරියට ගෙනියන්නේ මහින්ද මහත්තයාමද ..මහා බැංකු හොරකම් තමන්ගේ හොරකම් නිසා ඒවා යට ගසනවා කියා හිතීම තාර්කිකය.ඒ තමන්ගේ හොරකම්ය. තමන්ගේ හොරකම් තමන්ම අල්ලා තමන්ම දඩුවම් විදින මහා යුක්ති සහගත බාවයක් බලා පොරොත්තු වීම විහිළුවකි. එහෙත් රාජපක්ෂ යුගයේ හොරකම් වංචා අපරාද ප්‍රකාශ සටහන් කර ගැනීමේ ප්‍රෝඩාවෙන් යටපත් කිරීමේ අවශ්‍ය තාවය අප තෙරුම් ගත යුත්තේ කෙසේද .. සිරිසේන මහත්තයා ජනාදිපති උයේ ඔහුට තිබු සුවිශේෂී ආකර්ශනයක්...
ගොඩ නැගෙන හැම මනුෂ්‍ය සම්බන්දයක් ම ගොඩනගලා තියන මනුෂ්‍ය සම්බන්දකම් වල ආකෘති ඇතුළට වැටෙනවා . ආකෘති ඇතුලේ මනුෂ්‍ය සම්බන්දකම් ඇතිවෙනවද ගොඩනැගෙන මනුෂ්‍ය සම්බන්දකම් ආකෘති ඇතුළට දානවද කියන එක .කිකිළිද බිත්තරේද වගේ ප්‍රශ්ණයක් ....එක ගැනියෙක් එක පිරිමියෙක් ගේ සම්බන්දයකට ප්‍රේමය කියනවා .ඔය ප්‍රේමය උත්කෘෂ්ටයි පරමයි පිවිතුරුයි කියන්න ඕනේ තරම් සංකල්ප වචන සාහිත්‍ය තියනවා .සිදුහත් යසෝදරා සම්බන්දයත් අන්න ඒ වගේ කථාවක් සාහිත්‍යක් .මිනිස්සු ඒවට ආසයි .සිදුහත් ගිහි ගෙයින් ගියාට පස්සේ  යසෝදරා වෙනත් පුරුෂයෙක් සමග සම්බන්දය තිබුණා කියලා හිතන්නවත් අපි කැමති නෑ.මොකද අර වගේ පරම පිවිතුරු සම්බන්දකම් ඇත්තට නැති නිසා ඇත්තට තියනවා කියලා බොරුවට හිතන්න අපි කැමතියි ........ජිවිතේ කියන්නෙම ඇත්තට නැති දේවල් ඇත්තට තියනවා කියලා බොරුවට හිතන්න කැමති වීම .ඇත්තට තියනවා කියලා බොරුවට හිතාගෙන ජීවත් වීම .එක වෙලාවකට මට මේ ඇක්ට් එක දරා ගන්න බැරි තරම් අමාරුයි ..මිනිස්සු කොහොමද අප්පා මේ තරම් බොරුවක් ඇත්තයි කියලා හිතාගෙන බොරුවට ජීවත් වෙන්නේ