Skip to main content

හීනයක් ඇතුලේ දී මහින්ද මහත්තයට දුටුගැමුණු රජතුමා හමු උනේය .

හීනයක් ඇතුලේ දී මහින්ද මහත්තයට දුටුගැමුණු රජතුමා හමු උනේය .

මහින්ද මහරජතුමනි යුද්දයක් ජයග්ග්‍රහණය කලපසු දිනපු යුද්දය අතහැරිය යුතුයි නමුත් ඔබ තුමාත් ගෝලබාලයනුත් තාම යුද්දය අල්ලාගෙන මොකද ඒ

යුද්දය කෙලෙසකනම් අතහරින්නද දුටු ගැමුණු මහා රජ. ජනයා මට මෙතරම් ප්‍රිය උයේ යුදජය නිසාය. ඒ නිසා ජනයා මාත් යුදජයත් අතහැරීමට සුදානම් නැත

තොපලාගේ ප්‍රදාන සතුරා වූ ප්‍රභාකරනුත් උගේ යුදබටයනුත් මරාදමා කිරිබත් කා ජයපැන් බි එම කාර්ය අවසන් කලා නොවෙද

අවසන් කලෙමි එහෙත් වසරක් පාසා ඒ ජය අප විසින් සැමරිය යුතුය මරා දැමු ප්‍රභාකරන් නැවත නැවත මැරිය යුතුය . 
තොපගේ ජනයා ප්‍රභාකරන්ගේ හා ඔහුගේ අනුගාමිකයන්ගේ කුණු උ මළ ශරීර තවමත් මලපෙරේතයන් සේ බුදිමින් සිටින්නේ මන්ද. උන් මළකුණු වලට ආශා කරණ ගෙවලයෝද පෙරේතයෝද .

දේශප්‍රේමින්ට අපහාස නොකරන්න දුටුගැමුණු රජ. දේශප්‍රේමිගේ ආතල් නොකඩන්න.

තොපගේ දේශපාලනය නම් පුදුම සහගතය යුදජයෙන් පසුව තොප කල යුතුව තිබුනේ පරාජිතයා දිනා ගැනීමේ සටනයි. නමුත් තොප කලේ දිනාගත් ජයග්ග්‍රාහකයා තව දුරටත් දිනාගෙන දේශපාලන බලය තහවුරු කර ගැනීමට උත්සාහ දැරීමයි .

ඔබතුමා එළාර රජතුමාට කලපරිද්දෙන් මා ප්‍රභාකරන්ගේ සොහොනක් බදවා ඒ අසලින් ගමන් කරන්නන්ට හිස්වැසුම් ගලවා ගවුරව කරණ ලෙසත් පෙරහැර ඒ අසළින් ගමන් කරණ විට තුර්යවාදන නවතන ලෙසත් මට පැවසිය හැකිද රාජිත නම් යහපාලන අමාත්‍ය වරයෙක් ප්‍රහාකරන්ට මහත්තයා කියා අමතා ලබන අනේක විද අපහාස සාප කිරීම් ඔබ නොදක්කෙහිද දුටු ගැමුණු මහරජ

දුටුවෙහි දුටුවෙහි... එකල මා එළාර රජුට ගවුරව කළ ආකාරය මේ දේශප්‍රේමී ජනයා දුටුවේනම් රාජිත අමාත්‍ය වරයාටත් වඩා කුණු බැනුම් අපහාස සාප කිරීම් මට ලැබෙනු ඇත්තේය . යුද ජයෙන් පසු පරාජිත පාර්ශවය දිනා ගැනීමද යුද්දයෙම කොටසක් වන්නේය මා එළාරට ගවුරව කලේ එම අරමුණ ජය ගැනීම වෙනුවෙන් බව තොපට නොතෙරේද තොප උතුරේ දෙමළ ජනයා දිනා ගැනීමට කල දේ කුමක්ද

ඔබ තුමා පවසන්නේ ප්‍රභාකරන්ගේ අට කැබිලිති කරඩුවක බහා තැම්පත් කොට LTTE මහා සෑය නමින් සෑයක් බදින්න කියාද. ඔබ වහන්සේගේ කාලයේ එළාර ගෝලයෝ ඩයස්පෝරා අර පොරා මේ පොරා තනා තිබුනේද. තවමත් මේ ත්‍රස්තවාදියෝ මාගේ මාතෘ භුමිය දෙකඩ කිරීමට උත්සාහ දරන්නේය මගේ උත්සාහය එය පරාජයකිරීම .එය මගේ පරම යුතුකමයි

තොප ප්‍රභාකරන්ගේ සෑයවල් බැදිය යුතු නැත. ඒ අතීතයේ දේශපාලන උපක්‍රමය තොප මෙකල වෙනත් උපක්‍රමය අනුගමණය කල යුතුය . සාමය සංහිදියාව ගොඩ නැගිය හැකි මිනිසා ඔබයි .ඔබේ අනුගාමිකයෝ ඔබ කියන ඕනෑම දෙයක් පිලිගන්නෝය .ඒ අනුහසින් ඔබ ජනයා සාමය සංහිදියාව දෙසට නොව ජාතිවාදය දෙසට ගෙනයන්නේය. සැමදා යුද්ද කල හැකි නොවේ. සැමදා යුද්දයත් යුදබටයාත් අලෙවි කරමින් දේශපාලන බලය ඩෑහැ ගැනීමට උත්සහ කිරීම නීචය, කුජීතය ,ඔබ තරම් දේශප්‍රේමය අලෙවි කරන්නෙකු මේ ලක් බිමේ පහළ වී නැත්තේය .

ඔබ තුමාටත් මගේ අඩුපාඩු ඒමට පෙනෙන්නේය. යහපාලනයේ අඩුපාඩු නොපෙනෙන්නේය .

යහපාලන පාන්කඩයන් පිළිබද කථා කිරීමද පලක් නැත. එලෝ විකාරෙන් මෙලොව අතගාන සිරිසේනයෝද, අන්ද බුත රනිලයෝද, පිළිබද වචන නාස්ති කිරීම කිසිදු පලක් නැත .මහින්දයනානි ඔබෙන් පසු මෙරට රජවන්නේ ගෝඨභයෝද .............................................................. .................................. 
මහින්ද මහත්තයා නාමලයෝ කියමින් හීනෙන් ගැස්සී අවදි උනේය

Comments

Popular posts from this blog

මහින්ද මහත්තය කියනවා කිත් නොයාර්ගේ පහර දීමේ සිදුවීමට තමාගෙන් ප්‍රශ්න කීරීම මඩ ගහන්න කරපු වැඩක් කියලා ...එකල සිදුවූ මේ අපරාද වලට වගකිව යුත්තේ .කවුද .මේවා ඉබේ සිදුඋන දේවල්ද ..මේ සියලු අපරාද පිටුපස නිශ්ශිත පුද්ගලයන් මෙන්ම නිශ්චිත හේතුද තිබේ .ඒවා නිවැරදිව හදුනා හෙළිදරවු කිරීමට යහපාලනය අසමත් වන තාක් කල් මේ අපරාද මඩය, බොරුය ..පැය තුන හතර ප්‍රකාශ සටහන් කර ගැනීමට තරම් දෙයක් මෙතන තිබේද .යහපාලනය බලයට ආදා සිට කල මේ ප්‍රකාශ සටහන් කර ගැනීමේ ප්‍රෝඩාව ප්‍රශ්න කරන්නේ කවුද .ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අපරාද කරුවන්ට ලබා දුන් දඩුවම කුමක්ද .යහපාලනයට තව අවුරුදු එකහ මාරකට වඩා නැත .යහපාලනය පරාජය වූ පසු මේ නඩු ඉදිරියට ගෙනියන්නේ මහින්ද මහත්තයාමද ..මහා බැංකු හොරකම් තමන්ගේ හොරකම් නිසා ඒවා යට ගසනවා කියා හිතීම තාර්කිකය.ඒ තමන්ගේ හොරකම්ය. තමන්ගේ හොරකම් තමන්ම අල්ලා තමන්ම දඩුවම් විදින මහා යුක්ති සහගත බාවයක් බලා පොරොත්තු වීම විහිළුවකි. එහෙත් රාජපක්ෂ යුගයේ හොරකම් වංචා අපරාද ප්‍රකාශ සටහන් කර ගැනීමේ ප්‍රෝඩාවෙන් යටපත් කිරීමේ අවශ්‍ය තාවය අප තෙරුම් ගත යුත්තේ කෙසේද .. සිරිසේන මහත්තයා ජනාදිපති උයේ ඔහුට තිබු සුවිශේෂී ආකර්ශනයක්...

ගෝටාබය මහත්තයා ට හැමෝම කැමති එතුමාට හොදටබය කරන්න පුළුවන් හින්ද

අද තිවීල් එකේ එනකොට රියදුරු මහත්තයා කතාවට වැටුණා .මට හමු වූ තිවීල් රියදුරු මහත්වරුන්ගෙන් සියයට අනුනමයක්ම උග්‍ර මහින්දවාදීන් .මේ මනුස්සයා නැග්ගවෙලේ ඉදන් රනිල්වයි සිරිසේන ලොක්කටයි පතුරු යන්න බනිනවා .මේ වගේ කට්ටිය හම්බු උනාම මාත් උන්ගෙන් උපරිම ආතල් එක ගන්නවා .මාත් උත් එක්ක සෙට් වෙලා උග්‍ර මහින්දවාදියෙක් වගේ යහපාලනේ පතුරු අරිනවා මේ මනුස්සයා කියනවා මහින්ද මහත්තයා මොනවා කලත් රට සංවර්දනය කලා මුන් මොනවාද කරන්නේ ඒ මනුස්සයා හිටියනම් අද මේරට සුර පුරයක් .හැබැයි ගෝටාබය මහත්තයා එනවා ෂ ුවර් එය ඇවිල්ලා රට ටිප් ටොප් එකට ගොඩ දානවා .මුන් නපුනසකයෝනේ .කොන්ද පණනැති කලකන්නිනේ .මම දන්නවා මේ මිනිස්සුම ගෝටාබය මහත්තයා රටේ නායකයා වෙච්ච දවසට කියනවා .මොනවා උනත් යහපාලනේ තියන කාලේ මෙහෙම බයක් තිබුනේ නෑනේ .අපි කට ඇරලා රනිල් මහත්තයට මයිත්‍රේ මහත්තයට බැන්නනේ .දැන් කොහෙද එහෙම නිදහසක් .අඩු ගානේ ඒ කාලේ අපි බය නැතුව පාරට බැහැලා පිකට් කලා වර්ජන කලා දැන් කොහෙද ඒවා .කියන දේ පිලි අරගෙන කටයි ...කයි වහගෙන ඉන්න වෙලා තියෙන්නේ .උන් සැප විදිනවා අපි දුක් විදිනවා .මම උවද දැන් බය නැතිව සිරිසේන මහත්තයාව රනිල් මහත්තයාව පතුරු යන්නට විවේචනය ...