යුද්දේ තිබ්බ කාලේ බස් වල කොච්චිවලා යන්නේ බයේ ගැහි ගැහි හිටපු එඋන් .දැන් රැඩිකල් කථා කියනවලු. දැන් අපි නිදහස්ලු. මරණ බය නැහැල්ලු. හැමදේම අමතකයිලු. කාලකන්ණි හැත්තලු, අවජතකයෝලු .හරි අපිට සේරම මතකයි .යුද ජයත් හොදයි කියමු මරණ බයත් නෑ කියමු .දැන් අපිට මොනවාද මේ අය කරන්න කියන්නේ .රාජපක්ෂවරුන්ට ආපහු චන්දය දෙන්න කියලද.එහෙම කලාම හරිද . මට තේරෙන්නේ නෑ .ගන්න පුළුවන් හැම ආතල් එකක්ම අරගෙන එකපාරට රණවිරුවයි යුද්දෙයි අල්ලාගෙන චුන් වෙනවා .ඊට පස්සේ අතාරිනවා . ආපහු අල්ලගෙන වටේට බනිනවා .කළගුණ මතක නෑ .ඔබ නිසයි අපි අද නිදහසේ ඉන්නේ .ඔබට නය ගැතී විරුවනානේ .මොකටද මේ .. නිකමට හිතන්න ........කාවෙනුවෙන්ද මේ දෘෂ්ටිවාදය වැඩ කරන්නේ රණවිරුවා වෙනුවෙන්ද මෙතැනදී රණවිරු සාදකය කැත විදිහට පාවිච්චි වෙනවා .....දැනුවත්ව හරි නොදැනුවත්ව හරි වෙන්නේ ඔය දේ ...
අද තිවීල් එකේ එනකොට රියදුරු මහත්තයා කතාවට වැටුණා .මට හමු වූ තිවීල් රියදුරු මහත්වරුන්ගෙන් සියයට අනුනමයක්ම උග්‍ර මහින්දවාදීන් .මේ මනුස්සයා නැග්ගවෙලේ ඉදන් රනිල්වයි සිරිසේන ලොක්කටයි පතුරු යන්න බනිනවා .මේ වගේ කට්ටිය හම්බු උනාම මාත් උන්ගෙන් උපරිම ආතල් එක ගන්නවා .මාත් උත් එක්ක සෙට් වෙලා උග්‍ර මහින්දවාදියෙක් වගේ යහපාලනේ පතුරු අරිනවා මේ මනුස්සයා කියනවා මහින්ද මහත්තයා මොනවා කලත් රට සංවර්දනය කලා මුන් මොනවාද කරන්නේ ඒ මනුස්සයා හිටියනම් අද මේරට සුර පුරයක් .හැබැයි ගෝටාබය මහත්තයා එනවා ෂ ුවර් එය ඇවිල්ලා රට ටිප් ටොප් එකට ගොඩ දානවා .මුන් නපුනසකයෝනේ .කොන්ද පණනැති කලකන්නිනේ .මම දන්නවා මේ මිනිස්සුම ගෝටාබය මහත්තයා රටේ නායකයා වෙච්ච දවසට කියනවා .මොනවා උනත් යහපාලනේ තියන කාලේ මෙහෙම බයක් තිබුනේ නෑනේ .අපි කට ඇරලා රනිල් මහත්තයට මයිත්‍රේ මහත්තයට බැන්නනේ .දැන් කොහෙද එහෙම නිදහසක් .අඩු ගානේ ඒ කාලේ අපි බය නැතුව පාරට බැහැලා පිකට් කලා වර්ජන කලා දැන් කොහෙද ඒවා .කියන දේ පිලි අරගෙන කටයි ...කයි වහගෙන ඉන්න වෙලා තියෙන්නේ .උන් සැප විදිනවා අපි දුක් විදිනවා .මම උවද දැන් බය නැතිව සිරිසේන මහත්තයාව රනිල් මහත්තයාව පතුරු යන්නට විවේචනය ...
Comments
Post a Comment