රාජ්‍ය සතු මුදල්, දේපළ හොරා කෑ ඕනෑම පුද්ගලයෙකුට දඩුවම් දෙනවිට ඒ හොරකම පිළිබද සාපේක්ෂව සිතමින්, හොරකමේ ලොකු පොඩි ප්‍රමාණ ගැන හිතමින්, හොරකමේ පාට පක්ෂ ගැන හිතමින්, හොරකම ජාතියට ආගමට දේශප්‍රේමයට මුවා කරමින් තර්ක කරන්නේ තමන් කැමති හොරා නිර්දෝෂී කරගෙන අකමැති හොරා හිර ගෙදරට යැවීම සදහායි.මේ කාලයේ ජනතාවට කැමති හොරු හා අකමැති හොරු යනුවෙන්හොරු දෙවර්ගයක් සිටී. කැමති හොරකම් හා අකමැති හොරකම් යනුවෙන් හොරකම් දෙවර්ගයක්ද තිබේ .හොර කමට විරුද්ද වීම පිළිබද පොදු සදාචාරවාදී සමාජීය අදහස දේශපාලකයන් සම්බන්දයෙන් පොදු ජනයාට නැත .සිල් රෙදි හොරුන්ට දඩුවම් දෙන විට මහ බැංකු හොරු මතක් කරන්නේ සිල් රෙදි හොරු නිර්දෝෂී කරන්නටය .අපිටනම් දෙගොල්ලොම හොරුය .හැම හොරටම දඩුවම් ලැබෙනවාට අපි නම් කැමතිය
අද තිවීල් එකේ එනකොට රියදුරු මහත්තයා කතාවට වැටුණා .මට හමු වූ තිවීල් රියදුරු මහත්වරුන්ගෙන් සියයට අනුනමයක්ම උග්‍ර මහින්දවාදීන් .මේ මනුස්සයා නැග්ගවෙලේ ඉදන් රනිල්වයි සිරිසේන ලොක්කටයි පතුරු යන්න බනිනවා .මේ වගේ කට්ටිය හම්බු උනාම මාත් උන්ගෙන් උපරිම ආතල් එක ගන්නවා .මාත් උත් එක්ක සෙට් වෙලා උග්‍ර මහින්දවාදියෙක් වගේ යහපාලනේ පතුරු අරිනවා මේ මනුස්සයා කියනවා මහින්ද මහත්තයා මොනවා කලත් රට සංවර්දනය කලා මුන් මොනවාද කරන්නේ ඒ මනුස්සයා හිටියනම් අද මේරට සුර පුරයක් .හැබැයි ගෝටාබය මහත්තයා එනවා ෂ ුවර් එය ඇවිල්ලා රට ටිප් ටොප් එකට ගොඩ දානවා .මුන් නපුනසකයෝනේ .කොන්ද පණනැති කලකන්නිනේ .මම දන්නවා මේ මිනිස්සුම ගෝටාබය මහත්තයා රටේ නායකයා වෙච්ච දවසට කියනවා .මොනවා උනත් යහපාලනේ තියන කාලේ මෙහෙම බයක් තිබුනේ නෑනේ .අපි කට ඇරලා රනිල් මහත්තයට මයිත්‍රේ මහත්තයට බැන්නනේ .දැන් කොහෙද එහෙම නිදහසක් .අඩු ගානේ ඒ කාලේ අපි බය නැතුව පාරට බැහැලා පිකට් කලා වර්ජන කලා දැන් කොහෙද ඒවා .කියන දේ පිලි අරගෙන කටයි ...කයි වහගෙන ඉන්න වෙලා තියෙන්නේ .උන් සැප විදිනවා අපි දුක් විදිනවා .මම උවද දැන් බය නැතිව සිරිසේන මහත්තයාව රනිල් මහත්තයාව පතුරු යන්නට විවේචනය ...
Comments
Post a Comment