Skip to main content

Posts

ප්‍රේමණීය මිනිසා - Concept and Video Director : Ndeesh Dikkumbura...

    මේ මියුසික් වීඩියෝ එක අමාරුවෙන් කරපු වැඩක් .මාස දෙකක් විතර කල්පනා කරලා පිටපත හදලා .අවම පහසුකම් වලින් රුපගතකරලා, සෑහෙන මහන්සියක් දරලා සංස්කරණය කරලා මාර කට්ටක් කලා ගොඩක් දෙනෙක්ගේ මහන්සියෙන් කරපු වැඩක් .අවූරුද්දකට පස්සේ බලනකොට utub එකේ    විසි  දාස් ගානක් බලලා, මිලියන ගණන් වලින් බලන කාලේ මේක   . විසි  දාස් ගානක් බලපු එක ලොකු දෙයක් නෙමෙයි.   මේ music වීඩියෝ එක ගැන ඔබේ අදහස් දැන ගැනීමට කැමතියි ........  Premaneeya minisa - Viraj Perera (2016.05.30) artist : Viraj Perera music : Dinal Rupasingha lyrics : Ruwan Nandika lyrics ( Death Metal) : Deshapriya Mihiripenna. Concept and Video Director : Ndeesh Dik... YOUTUBE.COM

ජාතියේ අප්පච්චි මහින්ද මහත්තයා නම් ජාතියේ මව වෙන්නෙ කවුද?

පිංහාමි ලණුවෙන් අල්ලා පිංගොනාව ඇද්දේය. “වරෙන් යන්න... “මට බෑ මහත්තයා ඕවට යන්න... මහත්තයා යන්නකෝ...  කියා කකුල් හතරම වෙර යොදා පස්සට ඇද්දේය. “නොගිහින් හොඳ නෑනේ බං... හොඳ ගොනා වගේ වරෙන් යන්න... මං උඹට පුන්නක්කු බාල්දියක් හදල දෙනවා...   “පුන්නක්කු බැරල් එකක් දුන්නත් රෙද්දක් ඇඳගෙන ඕවට යන්න පුළුවන්ද? මට බෑ...  කියා පිංගොනා පාරේ වාඩි උනේය. “ඉතිං ගොනේ... උඹ රෙදි අඳිනවද? ඔහොම හෙළුවෙන්ම යමන්* කියා පිංහාමි ලණුවෙන් ඇද්දේය. “අනේ මට ලැජ්ජයි මහත්තයා ඕවට යන්න.. අපි ලැජ්ජ බයට හැදිච්ච ගොන්නු* කියා පිංගොනා ඇඬුවේය. “ආ... පිංහාමි මොකද මේ උඹ පිංගොනාව මස් කඩේට දක්කන්න හදනවද?* කියා ගෙයිහාමි පැමිණ අසන විට, “අනේ මහත්තයා මම මස් කඩේට යන්න එන්නම්... ඔය ගමන නම් යන්න එන්න බෑ... මොන විලිලැජ්ජා නැති වැඩක්ද?* කියා පිංගොනා මුත්‍රා කළේය. “කොහෙද උඹ මේ පිංගොනාව දක්කගෙන යන්න හදන්නේ* කියා ගෙයිහාමි අසන විට, “ඇයි උඹ දන්නෙ නැද්ද? අද අපේ ජාතියේ මව අත්අඩංගුවට ගන්න හදන්නේ...* කියා පිංහාමි කියන විට, “කවුද බං ජාතියේ මව?* කියා ගෙයිහාමි ඇසුවේය. “ඇයි ගොනෝ ජාතියේ අප්පච්චි මහින්ද මහත්තයා නම්...

අද ඉන්න කොල්ලෝ කෙල්ලෝ අනෙකා දිහා බලන්නේ නෑ

අද ඉන්න කොල්ලෝ කෙල්ලෝ අනෙකා දිහා බලන්නේ නෑ. හිස පහතට නවාගෙන ටච් ෆෝන්... ටැබ්... ලැප්ටොප්... හිස පාත් කරලා. මනුෂ්‍ය‘යෙක් සමග ඇස් ගැටෙන්නේ නෑ. අවට සිදුවෙන දේ පේන්නේ නෑ. හිනාවෙන්නේ නෑ. ෆෝන්එක දිහා බලබලා, ටැබ් දිහා බලබලා තනිවම හිනා වෙනවා. තනිවම කතා කරනවා. තනියම සිංදු අහනවා. බඩ දරැ අම්මලා, වයසක ආච්චිලා බස් එකේ හිටගෙන යනවා. කොන්දොස්තර කෑගහලා බඩ දරැ අම්මලාට නම් සීට් එකක් අරන් දෙනවා. ආච්චිලා හිටගෙන යනවා. දහඅටේ ගැටයා වාඩි වෙලා ෆේස් බුක් යනවා. මනුෂ්‍යයාට මේ විදියට හැසිරෙන්න බලපාන්නේ ති ර මාධ්‍ය. මේ සංවේද සංස්කෘතිය (Sensate Culture) මගින් භෞතික ලෝකයේ දැනෙන සංවේදන ඇරෙන්න වෙනත් කිසිම දෙයක් දැනේනේ නැති, අධ්‍යාත්මික දේවල් නැති, හිසි ආත්මයක් සහිත ජන කොටසක් නිර්මාණය වෙනව කියලා කියනවා. මේ විද්‍යුත් තිර මාධ්‍ය අනාගතයේ හැඟීම් විරහිත, මානුෂික සබඳතා රහිත සමාජයක් නිර්මාණය කරනවා. මෙතනදී තරැණ තරැණියන්ට වැරුද්ද පැටවීම තේරැමක් නැති දෙයක්.. සිදුවන දේ සම්බන්ධව අවබෝධයෙන් සිටීම තමයි වැදගත්.

වමේ දේශපාලනය විය යුත්තේ මේ පොදු ජනයා ගේ කුණු වීම ඉක්මන් කරන එක

මීතොටුමුල්ලේ කුණු කන්ද නාය ගිහිල්ලා මිනිස්සු මැරුණා .දැන් හැමෝම මේ ප්‍රශ්නය ට හේතුව තමන් කැමති තැන හේත්තු කරලා උත්තර දෙනවා .මහින්ද මහත්තයා හිටියා නම් මෙහෙම වෙන්නේ නෑ ගෝටාබය මහත්තයට කාලය මදි උනා මේ ප්‍රශ්නය විසදන්න. මෛත්‍රි රනිල් ගේ යහ පාලන ආණ්ඩුව තමා මේකට වග කියන්න ඕනේ .මහින්ද මහත්තයා හිටියනම් කුණු කන්ඳ නාය ගිය තැනට එවලේම යනවා .ඔන්න මහින්දවාදීන්ගේ උත්තර .එයාල හේතුව යහපාලනයට හේත්තු කරලා ජොලියක් ගන්නවා .කොළබ ලස්සන කරකර හිටියා මිසක් කුණු කන්දේ ප්‍රශ්නේ විසදුවේ නෑ ,මහින්දගේ  ආන්ඩුව මේකට කියන්න ඕනේ කියලා යහපාලනේට පක්ෂ අය හේතුව රාජපක්ෂ ආන්ඩුව හේත්තු කරනවා .වාමාංශික කට්ටිය jvp ය අපි බලයේ හිටියනම් මෙහෙම දේ වෙන්න නෑ කියන හේතුව හදනවා .ඉතිහාසය පුරා අපි සැනසුනේ අපි කැමති තැන් වල හේතුව හේත්තු කරලා.අදහස් නිර්මාණය කරගෙන .කුණු කදු දාහකට යට උනත් අපේ මිනිස්සු මහින්දව අතාරින්නෙ නෑ රනිල්ව අතාරින්නෙ නෑ. මෛත්‍රිව අතාරින්නෙ නෑ.මේ සිස්ටම් එක අතාරින්නෙ නෑ . තේරෙනවා නම් තේරුම් ගන්න පුළුවන් සීමාව පහුකරලා ගිහිල්ලා. නොතේරෙන කම නේමෙයි ,සයිටම් වගේ කැම්පස් රට වටේ හැදෙන්න ඕනේ නිදහස් සෞක්‍ය අද්දියාපනය නැති වෙන්න ඕන...

ඉතිහාසයත් ටොමියා වගේ

ඉතිහාසය වර්තමානයට එන්නේ අපි ඉතිහාසයට කතා කරන විදීහ අනුව, .උඩ තට්ටුවේ ඉදන් ටොමියාට කතා කලොත් ටොමියා උඩ තට්ටුවට එනවා, කාමරේ ඉදන් කතා කලොත් ටොමියා කාමරේට එනවා. පාරේ ඉදන් කතා කලොත් ටොමියා පාරට එනවා .ඉතිහාසයත් ටොමියා වගේ කතාකරන කතා කරන තැනට යනවා .........................අපි .... මරා ගන්නවා 

.අනාගතයේ යුද්දෙන් කවූරුත් ඉතුරු වෙන එකක් නෑ

අනාගතයේ යුද්ද කරන්නේ කඩු දුනු ඊතල වලින් නෙමෙයි ,ටී පනස් හය, කාල තුවක්කු, මල්ටි බැරල් වලින් නෙමෙයි.න්‍යෂ්ටික බෝම්බ වලින්. ජාතිවාදී මත අරවා මේවා හද හදා උන් සුළු ජාතිය අපි මහ ජාතිය මේ අපේ රට කියකියා ඉන්න වෙලාවක් නෑ න්‍යෂ්ටික බෝම්බයක් දාපු ගමන් සේරම ඉවරයි .අපේ ජාතිවාදී මතය තාම වැඩ කරන්නේ කඩු දුනු ඊතල වලින් යුද්ද කරපු කාලේ වගේ .අංගම්පොර රාවණ අරවා මේවා සේරම එහමනේ .න්‍යෂ්ටික බෝම්බ එහා මෙහා උනොත් කතිකාවකට දූෂ්ටිවාදයකට ඉඩක් නෑ .අපේ යුද්දෙන් අපි දින්නනනේ.අපි ඉතුරු උනානේ .ඒ හින්ද කිරිබත් කන්න පුළුවන්  .බයිලා ගහන්න, කිරිබත් කන්න. යුද්දෙන් මැරෙන් නැතුව ඉතිරි වෙච්ච අයට තමා ජාතිවාදය කරට අරගෙන ආපහු මරා ගන්න ඕනේ .....

දැන් මෛත්‍රී මහත්තයාට ගොඩ එන්න පුළුවන් ඔය පක්‍ෂ දෙකම අතහැරියොත් විතරයි

ගෙයිහාමි “රාජිත මහත්තයා කියන්නෙ රවි මහත්තයාගේ සිද්ධිය ලූනු බිකක් කියලා. ඊට වඩා ඩොලර් බිලියන ගණන් හොරා කාපු අය ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නවලු* කියා හාමිනේ කියන විට, “රාජිත මහත්තයා ඔය කතා මධ්‍යයටයි, පොදු ජනතාවටයි කියන්නෙ ආණ්ඩුව කරන්නෙ වෙන කවුරුහරි කියලා හිතාගෙනද දන්නේ නෑ. එහෙනම් ඩොලර් බිලියන ගණන් හොරා කාපු ඒවා තියාගෙන රවි මහත්තයාගේ ලූනු බික ගැන ජනාධිපති කොමිෂන් දාලා හෙව්වේ මොකද දන්නේ නෑ* කියා ගෙයිහාමි ඇසුවේය. “එයාලට ඉතිං කෝටි ගණන් කියන්නෙ ලූනු බික්, හූනු බික්. ඔහේලාට, අපට තමයි රුපියල් දෙතුන්දාහත් මහාමේරු පර්වතය වගේ පේන්නෙ. අර මහවිලච්චිය පැත්තේ මිනිස්සු නියඟය නිසා කන්න දෙයක් නැතිව හිඳිච්චි වැව්වල නෙළුම් අල හාරගෙන කනවා. කන්න නැතුව කලන්තේ හැදෙයි කියලා ළමයි ඉස්කෝලො යවන්නේ නෑ. එහෙව් රටක තමයි කෝටි ගණන හොරා කෑවට ඒවාට ලූනු බික් කතා කියන ඇමතිලා ඉන්නෙ* කියා හාමිනේ දුකෙන් කීවාය. “ඉතිං ඔය නෙළුම් අලේ තම්බගෙන කන මිනිහම තමයි ඡන්දෙ දීලා මේ ආණ්ඩු පත්කර ගන්නෙ. ඒකා මේකට හොරා කියනවා. මේකා ඒකට හොරා කියනවා. අන්තිමට බැලුවාම සේරම හොරු තමයි. ඒ හින්දා ඔය පක්ෂ දෙකට ඡන්දෙ දීපු එක මිනිහෙකුටවත් චූන් වෙන්න බෑ, අප...