Skip to main content

Posts

රොහින්‍ය සරණාගතයෝ එකසත් ජාතීන් ගේ සංවිදානය යටතේ ඉන්නේ කියලා කිඋවාම .එකසත් ජාතීන් ගේ සංවිදානයත් isis සංවිදානය වගේ එකක් කියලා හිතන චන්ඩිත් ඔය ගේ වටකරගෙන හිටියා .ඇතැම් අයට මේ සිදුඋන දේ ගැන නිවැරදි අවබෝදයක් නෑ .පුර්ව නිගමන හිස මත තබාගෙන ඒවා ඔප්පු කරන්න සාදක හොයනකොට ඒවා හම්බ වීම යථා තත්වය අවබෝද කර ගැනීමට ප්‍රමාණවත් නෑ .මුස්ලිම් ප්‍රජාව අහිංසකයි කිසිම ජාතිවාදී අදහසක් නෑ අන්තවාදී අදහසක් නෑ කියන පුර්ව නිගමනය මම ඔලුවේ තියාගෙන එය ඔප්පු කිරීමට සාදක හෙඋවොත් සාදක ලැබෙනවා .මුස්ලිම් ප් ‍රජාව ජාතිවාදී ආගම්වාදී. අන්තවාදී .කියන පුර්ව නිගමනය ඔලුවේ තියාගෙන එය ඔප්පු කිරීමට සාදක හෙඋවොත් එත් සාදක හම්බ වෙනවා .පුර්ව නිගමන ඔප්පුකිරීම වෙනුවෙන් ගොඩනගන තර්ක වලින් යමක් පිළිබද අවබෝදය ලබා ගැනීම අපහසුයි .මගේ හිස මත තිබෙන පුර්ව නිගමනය තමයි මනුෂ්‍ය ප්‍රජාවක් විදිහට සියලු ජාතීන්ට අයත් මිනිස්සු මනුස්සකමින් යුතුව සමගියෙන් ජීවත් විය යුතු සමාජයක් නිර්මාණය කරගැනීම . ආගමකට හෝ ජාතියකට මේ සහජීවනය ගොඩනගන්න බෑ .ආගම හෝ ජාතිය මුලට ගත්ත ගමන් එතන අවුලක් නිර්මාණය වෙනවා .සියලු ආගම් ජාතින් කරේ තියාගෙන ඉන්න මිනිස්සු පොදු රාමුවකට ගන්න රාජ්...
මේ රෝහින්‍ය මුස්ලිම් කුඩා දරුවන් අනාගතයේ ලොකු මහත් වී මගේ පුතා ඇතුළු සිංහල දරුවන්ගේ බෙලි කැපීමට නියමිත නිසා මේ කිරි සප්පයින්ට අනුකම්පා කිරීමෙන් වලකින්න .වයිර කරන්න, හැකි ඉක්මනින් රටින් පන්නා දමන සටනට එකතු වන්න. මේ දිනවල මට ලැබෙන උපදෙස් .මම මාර විදිහට උත්සාහ කලා. මේ දරුවන්ට වයිර කරන්න බැරි උනානේ බන්. මම දැන් තම්බින්ට pu ........දෙන එකෙක්ද ngo වලින් සල්ලි ගන්න එකෙක්ද රටට ජාතියට ආදරේ නැති සක්කිලි බල්ලෙක්ද .කමක්නෑ ඇති වෙනකල් බැනපල්ලා අසරණ උන ඕනෙම මිනිහෙක් ගැන උපදින අනුකම්පාව  මේ බැනිලි නිසා නැති වෙන්නේ නෑ බන් ඒක ප්‍රබාකරන්ගේ පාලනයේ ඉදලා රජයේ හමුදා යටතට ආපු දෙමළ මිනිහටත් එකයි මුස්ලිම් මිනිහටත් එකයි .සිංහල මිනිහටත් එකයි .කොටි සිහල ගම වලට පැනල ළමයි, මිනිස්සු මරනකොට ඒවා විමුක්ති සටනේ හැටි කියලා නිර්දෝෂී කලේ නෑ බන් ............ .මේ පොලිස් කාන්තාව තුළ තියන මානුෂික ලෙන්ගතුකම පන්සල කරේ තියාගෙන ඉන්න අපේ ඇතැම් සිංහල මවුවරු තුළ නැත්තේ ඇයි .කියලා මම දන්නේ ...නෑ ....... ......
මා එක් දෙයක් තේරුම් ගතිමි .ඒ ප්‍රගතිශීලි මිනිසුන් තුල පවා දැඩි මුස්ලිම් විරෝ දයක් පවතින බවයි .මා මිතුරු සම්පත් අපුරු කතාවක් කීවේය .ඔය රොහින්‍ය මුස්ලිම් අය නතරවෙලා හිටපු ගේ වටකරලා පහර දීලා කලබල කරපු වැඩේ රොහින්‍ය මුස්ලිම් කට්ටිය සල්ලි දීලා කර ගත්ත වැඩක්ද දන්නේ නෑ .මොකද මේ වැඩෙන් ඒ මිනිස්සු කැනඩාවට ගන්න වැඩේ ඉක්මන් වෙනවා .මේ සරණාගතයෝ ලංකාවේ නාවික හමුදාවේ අත්අඩංගුවට පත්වීමේ සිට කැනඩාවේ පදිංචියට යාම දක්කවා සැලසුම් සහගත වැඩ පිළිවෙලක් තියනවා කියලයි සම්පත් කිඋවේ .ඒක ඇත්තනම් අපේ ද ේශප්‍රේමී සහෝදරවරු කරලා තියෙන්නේ රොහින්‍ය මුස්ලිම් කට්ටියට උදවූවක් .............කැනඩාවේ ස්ථිර පදිංචියට අවස්ථාවක් ලැබුනොත් එහෙ යන්න බෑ ලංකාව හොදයි කියලා රොහින්‍ය මුස්ලිම් වරු ලංකාවේ නතර වෙනවද .අඩු තරමේ රට ජාතිය වෙනුවෙන් පන දෙන්න කතා කරණ සිංහල ජාතිය වෙනුවෙන් මැරෙන්න කතා කරණ ඔය අයියලාට කැනඩාවේ ස්ථිර පදිංචියට අවස්ථාවක් ලැබුනොත් නොයා ඉන්නවද . තොරතුරු හරියට නොදැනීම .තොරතුරු විකුර්ති කර .තමන්ගේ ජාතිවාදී මත සනාථ කරගන්න ඒවා බාවිතා කිරීම .හොදට පෙනුන අවස්ථාවක් ........... රාජ්‍ය නීතිය හා එය ක්‍රියාත්මක වීමේ දුර්වලතාවය.නිසා මිනි...
රෝහින්‍ය මුස්ලිම් ජාතිකයෝ පොලිස් ජීප් වල පටවගෙන යනකොට මම බැලුවේ වඩාගෙන හිටපු පුංචි දරුවන්ගේ මුණු දිහා..........මේරට මුස්ලිම් අය යටත් කර ගනීද, සිංහලයෝ සුළු ජාතිය වෙයිද ......මට ඔය කිසි දෙයක් හිතුනේ නෑ අර දරුවෝ ගැන ඒ මිනිස්සු ගැන විශාල දුකක් තමා හිතේ ඇති උනේ . .ඒ පුංචි දරුවෝ ඔය කිසි දෙයක් දන්නේ නෑ .වතුරට වැටුණ කුබියත් ඇගිල්ලෙන් අරගෙන ගොඩින් තියන්න කියලයි දහම් පාසලෙන් පන්සලෙන් අපිට ඉගෙන්නුවේ ...........මේ රෝහින්‍ය මුස්ලිම් ජාතිකයෝ අර පොඩි දරුවෝ එක්ක මහ මුහුදේ අතරම ං වෙලා ඉන්නකොට නාවික හමුදාවෙන් බේරගෙන ගේනවා.මේ මිනිස්සු අර පොඩි දරුවෝ එක්ක මහ මුහුදේ ගිලිලා මැරිලා ගියානම් හොදයි කියලා හිතවන්න ජාතිවාදයට පුළුවන් කියලා මම දන්නවා .කොටි සිංහල දරුවෝ පෙති ගහනකොට ඔය අනුකම්පාව කොහෙද තිබ්බේ කියලා අහන්න එපා. සියලු මනුෂ්‍යන්ගේ දුක ඉදිරියේ සංවේදී වීම .එම මනුෂයන්ට පිහිට වීම තමා මම දන්න බුදු හාමුදුරුවන්ගෙන් ඉගෙන ගත්තේ.අනුකම්පාව,.දුක, ජාතිය අනුව ඇතිකර ගන්න කියලා මම ඉගෙනගෙන නෑ .සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා කියලා කියපු අපිට‍ සිංහල ජාතිය විතරක් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා කිය...

බුදු දහමට අත නොතබනු... සිල්රෙදි වීරයෝ නිදහස් කරනු

  “ලලිත් මහත්තයා උඹට දීපු සිල්රෙද්ද ගනින් මෙහාට...   කියා පිංහාමි කෑගසන විට, “ඔහේට පිස්සුද? මට ඔය මොන මහත්තයෙක්වත් සිල්රෙදි අරන් දීලා නෑ යකෝ... මෙච්චර කල් එකට ජීවත් වෙලා කොහෙද යන මිනිස්සු මට ජෝඩු කරන්නේ... මේ අහගන්නවා අපි හොඳ වැදගත් පවුල්වල වැදගත් විදිහට හැදිච්ච ගෑනු... සිල්රෙද්දට මාව රවට්ටන්න බෑ හරිද?* කියා හාමිනේ පිංහාමිට බණින විට,   “මේ මොනවද මේ කියන්නේ... මම ඇහුවේ ලලිත් මහත්තයයි, අනූෂ මහත්තයයි උඹට දීපු සිල්රෙද්ද කෝ කියලා...   “ඒ පාර මේ මිනිහා අනූෂ කියලා තව මිනිහෙක් ජෝඩු කළා... ඔහේට නම් හොඳක් වෙන්නේ නෑ... ඔය කටට හෙණ ගහනවා. පතිවත රැකගෙන ඉන්න මට ලලිත්ලා... අනූෂලා ජෝඩු කරනවට* කියා හාමිනේ ඇඬුවාය. “දැන් එතකොට ලලිත් මහත්තයයි, අනූෂ මහත්තයයි දීපු සිල්රෙද්ද උඹ ළඟ නෑ...?   “අනේ මම ඕනේ තැනක දිවුරන්නම් ඔය කියන මහත්තුරු මට සිල්රෙද්දක් තායා සත දහයේ සීනි බෝලයක්වත් අරගෙන දීලා නෑ... හැබැයි අපේ මහින්ද මහත්තයා ඡන්දෙ කාලේ දීපු සිල්රෙද්දක් නම් තියෙනවා... පිට මිනිහෙක්ගෙන් කියලා හම්බ වෙච්ච එකම රෙද්ද ඕක තමයි මහත්තයා* කියා හාමිනේ බැගෑපත් වෙමින් කියන විට, “ආන්න ඒ රෙද්ද ගැ...

ආ... මේ ප්‍රභාකරන් භූතයා නේද? මොනවද කල්පනා කරන්නේ.

ප්‍රභාකරන් භූතයෙක් ලෙස ඉපිද කිරිබත්ගොඩ නගරයේ ලයිට් කණුවක් යටට වී කල්පනා කරමින් සිටියේය. මිනිස් ඇසට භූතයන් නොපෙනුනද ගොන් ඇසට භූතයන් පෙනෙන නිසා පිංගොනා ප්‍රභාකරන් භූතයාව දුටුවේය. “ආ... මේ ප්‍රභාකරන් භූතයා නේද? මොනවද කල්පනා කරන්නේ... මැරුණයි කියල තාම හිතාගන්න බැරිද? කවුද හිතුවෙ ඔහොම මැරෙයි කියල නේද?* කියා පිංගොනා අසන විට, “කොච්චර හිතාගන්න අමාරු උනත් මම මැරිච්ච විදිහ මට හිතාගන්න පුළුවන්... මට මේ හිතාගන්න බැරි මෙච්චර මේ අවුල් තියාගෙන මුන් කොහොමද මේ යුද්ධෙ දින්නෙ කියලා... යුද්ධෙ කරපු එවුන් එකාට එකා කපා ගන්නවා, පළි ගන්නවා.. යකෝ මේ තරම් ගේම්කාරයො ටිකක් එකතුවෙලානේ මාවත් මරල අපේ සංවිධානය විනාශ කළේ..  කියා ප්‍රභාකරන් භූතයා හීල්ලුවේය. “ප්‍රභාකරන් භූත උන්නැහේට හොඳට සිංහල කතා කරන්න පුළුවන්නේ... කොහොමද ඉගෙන ගත්තේ?  කියා පිංගොනා ඇසුවේය. “මැරිච්ච දවසේ ඉඳන් මම ඉන්නෙ උතුරෙ නෙමෙයි දකුණේ... භූත මට වැඩිපුරම චූන් දෙන්නෙ දකුණෙ ඉන්න එවුන්... අදත් මට මාර චූන් එකක් කිරිබත්ගොඩින් හම්බ වුණා..* කියා ප්‍රභාකරන් භූතයා හිනා වුණේය. “මොකක්ද කිරිබත්ගොඩින් ගත්ත චූන් එක?  කියා පිංගොනා ඇසුවේය. ...

සුදු රෙදි හොරා

රාජ්‍ය සතු මුදල්, දේපළ හොරා කෑ ඕනෑම පුද්ගලයෙකුට දඩුවම් දෙනවිට ඒ හොරකම පිළිබද සාපේක්ෂව සිතමින්, හොරකමේ ලොකු පොඩි ප්‍රමාණ ගැන හිතමින්, හොරකමේ පාට පක්ෂ ගැන හිතමින්, හොරකම ජාතියට ආගමට දේශප්‍රේමයට මුවා කරමින් තර්ක කරන්නේ තමන් කැමති හොරා නිර්දෝෂී කරගෙන අකමැති හොරා හිර ගෙදරට යැවීම සදහායි.මේ කාලයේ ජනතාවට කැමති හොරු හා අකමැති හොරු යනුවෙන්හොරු දෙවර්ගයක් සිටී. කැමති හොරකම් හා අකමැති හොරකම් යනුවෙන් හොරකම් දෙවර්ගයක්ද තිබේ .හොර කමට විරුද්ද වීම පිළිබද පොදු සදාචාරවාදී සමාජීය අදහස දේශපාලකයන් සම්බන්දයෙන් පොදු ජනයාට නැත .සිල් රෙදි හොරුන්ට දඩුවම් දෙන විට මහ බැංකු හොරු මතක් කරන්නේ සිල් රෙදි හොරු නිර්දෝෂී කරන්නටය .අපිටනම් දෙගොල්ලොම හොරුය .හැම හොරටම දඩුවම් ලැබෙනවාට අපි නම් කැමතිය