Skip to main content

Posts

මහින්ද මහත්තය කියනවා කිත් නොයාර්ගේ පහර දීමේ සිදුවීමට තමාගෙන් ප්‍රශ්න කීරීම මඩ ගහන්න කරපු වැඩක් කියලා ...එකල සිදුවූ මේ අපරාද වලට වගකිව යුත්තේ .කවුද .මේවා ඉබේ සිදුඋන දේවල්ද ..මේ සියලු අපරාද පිටුපස නිශ්ශිත පුද්ගලයන් මෙන්ම නිශ්චිත හේතුද තිබේ .ඒවා නිවැරදිව හදුනා හෙළිදරවු කිරීමට යහපාලනය අසමත් වන තාක් කල් මේ අපරාද මඩය, බොරුය ..පැය තුන හතර ප්‍රකාශ සටහන් කර ගැනීමට තරම් දෙයක් මෙතන තිබේද .යහපාලනය බලයට ආදා සිට කල මේ ප්‍රකාශ සටහන් කර ගැනීමේ ප්‍රෝඩාව ප්‍රශ්න කරන්නේ කවුද .ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අපරාද කරුවන්ට ලබා දුන් දඩුවම කුමක්ද .යහපාලනයට තව අවුරුදු එකහ මාරකට වඩා නැත .යහපාලනය පරාජය වූ පසු මේ නඩු ඉදිරියට ගෙනියන්නේ මහින්ද මහත්තයාමද ..මහා බැංකු හොරකම් තමන්ගේ හොරකම් නිසා ඒවා යට ගසනවා කියා හිතීම තාර්කිකය.ඒ තමන්ගේ හොරකම්ය. තමන්ගේ හොරකම් තමන්ම අල්ලා තමන්ම දඩුවම් විදින මහා යුක්ති සහගත බාවයක් බලා පොරොත්තු වීම විහිළුවකි. එහෙත් රාජපක්ෂ යුගයේ හොරකම් වංචා අපරාද ප්‍රකාශ සටහන් කර ගැනීමේ ප්‍රෝඩාවෙන් යටපත් කිරීමේ අවශ්‍ය තාවය අප තෙරුම් ගත යුත්තේ කෙසේද .. සිරිසේන මහත්තයා ජනාදිපති උයේ ඔහුට තිබු සුවිශේෂී ආකර්ශනයක්...

ගෝටාබය මහත්තයා ට හැමෝම කැමති එතුමාට හොදටබය කරන්න පුළුවන් හින්ද

අද තිවීල් එකේ එනකොට රියදුරු මහත්තයා කතාවට වැටුණා .මට හමු වූ තිවීල් රියදුරු මහත්වරුන්ගෙන් සියයට අනුනමයක්ම උග්‍ර මහින්දවාදීන් .මේ මනුස්සයා නැග්ගවෙලේ ඉදන් රනිල්වයි සිරිසේන ලොක්කටයි පතුරු යන්න බනිනවා .මේ වගේ කට්ටිය හම්බු උනාම මාත් උන්ගෙන් උපරිම ආතල් එක ගන්නවා .මාත් උත් එක්ක සෙට් වෙලා උග්‍ර මහින්දවාදියෙක් වගේ යහපාලනේ පතුරු අරිනවා මේ මනුස්සයා කියනවා මහින්ද මහත්තයා මොනවා කලත් රට සංවර්දනය කලා මුන් මොනවාද කරන්නේ ඒ මනුස්සයා හිටියනම් අද මේරට සුර පුරයක් .හැබැයි ගෝටාබය මහත්තයා එනවා ෂ ුවර් එය ඇවිල්ලා රට ටිප් ටොප් එකට ගොඩ දානවා .මුන් නපුනසකයෝනේ .කොන්ද පණනැති කලකන්නිනේ .මම දන්නවා මේ මිනිස්සුම ගෝටාබය මහත්තයා රටේ නායකයා වෙච්ච දවසට කියනවා .මොනවා උනත් යහපාලනේ තියන කාලේ මෙහෙම බයක් තිබුනේ නෑනේ .අපි කට ඇරලා රනිල් මහත්තයට මයිත්‍රේ මහත්තයට බැන්නනේ .දැන් කොහෙද එහෙම නිදහසක් .අඩු ගානේ ඒ කාලේ අපි බය නැතුව පාරට බැහැලා පිකට් කලා වර්ජන කලා දැන් කොහෙද ඒවා .කියන දේ පිලි අරගෙන කටයි ...කයි වහගෙන ඉන්න වෙලා තියෙන්නේ .උන් සැප විදිනවා අපි දුක් විදිනවා .මම උවද දැන් බය නැතිව සිරිසේන මහත්තයාව රනිල් මහත්තයාව පතුරු යන්නට විවේචනය ...

බුදු හාමුදුරුවන්ගේ කාලේ ෆේස් බූක් තිබ්බනම්

.බුදු හාමුදුරුවන්ගේ කාලේ ෆේස් බූක් තිබ්බනම් බුදු හාමුදුරුවෝ ධර්ම ප්‍රචාරයට ෆේස් බුක් භාවිතාවට ගන්නවා ධර්ම ප්‍රචාරයේදී එකමග හාමුදුරුවරු දෙන්නෙක්ට වඩින්න එපා කියලා බුදු හාමුදුරුවෝ දේශනාකලේ ධර්ම ප්‍රචාරය වේගවත් කරන්න අපතේ නොහරින්න .ඒකාලේ ෆේස් බුක් තිබුනානම් බුදු හාමුදුරුවෝ කම් පියුටරයක් ඉදිරියේ වාඩිවෙලා වැඩි පිරිසකට ධර්මය ප්‍රචාරය කරණවා.ජනප්‍රිය සංස්කෘතිකාංගයක් වෙයි නරකයි හොද නෑ.කියලා පයින්ම වඩිමින් ධර්මය දේශනා කරයී කියලා හිතනවද .ෆේස් බූක් වගේ වේගවත් සන්නිවේදන මෙවලමක් තිබුනානම්  කාල් මාක්ස් එංගල්ස් පත්තර ගහන්න මහන්සි වෙන්නේ නෑ ෆේස් බුක් ඇතුලෙනුත් ගේමක් ගහනවා .බුදුදහම ගොඩ නැගුන සමාජ පසුබිම දෙස බලන්න .ක්‍රිස්තු පුර්ව 600 ඉන්දියාවේ ඇතිවෙනවා ලොකු දර්ශනික ප්‍රබෝදයක් .ඒ වෙනකොට ඉන්දියාව කුඩා රජ්ජ්‍යන් වලට කැඩිලා නිරන්තර යුද්ද. ආරාජික බාවය. පරාජිත හැගීම පැතිරිලා. හ්මණයෝ ආගම වෙනුවෙන් ගොවිතැනට අවශ්‍ය හරක් එළුවෝ දසදහස් ගණන් ගිනි ..දෙවියාට බිලි දෙනවා.මේ වැඩේ හරියන්නේ නැති නිසා අලුත් දර්ශනයක් අලුත් මතවාදයක් සමාජයට අවශ්‍ය වෙනවා .මේ නිසා බුද්දිමතුන් දාර්ශනිකයන් සත්‍ය කුමක්ද කියලා හොයන්න පටන් ගන්නවා ...

භාෂාවකට මොනවාද කරන්න බැරි .

භාෂාවකට මොනවාද කරන්න බැරි ..තමන් විස්වාස කරණ මතවාදය සාදක හොයල තර්කය ඔස්සේ දිනවලා දෙන්න භාෂාවකට හැකියාව තියනවා .පුර්ව නිගමනය ඔළුවට අරගෙන එක ඔප්පු කරන්න සාදක හෙඋවාම ඕනෑ තරම් සාදක හොයා ගන්න පුළුවන් .....යුද ජය සැමරීම .රණවිරුවා උත්කර්ෂයට නැංවීම. .දෙමළාට වයිර කරමින් සිංහලයෙනි නැගිටියවූ කීම .රාජිතට හෙණ වැදියන් කීම.ආදී මතවාද පුර්ව නිගමන විදිහට ඔළුවට අරගෙන මේවා සදාරනිකරණය කිරීම වෙනුවෙන් සාදක හෙඋවොත් ඕනේ තරම් සාදක ලේසියෙන් හොයා ගන්න පුළුවන් .අර මාධ්‍යවේදියෝ කියන කට්ටිය රාජිතව හිර කරලා  තමන්ට ඕනේ උත්තරය ගත්තෙත් මේ විදිහට තමා . සාමය සංහිදියාව වෙනුවට ඔඋන්ට ඕනේ නැවත රජාපක්ෂ කදවුර බලයට ගෙන එම .එකට තියන හොදම දේ තමා යුද්දය රණවිරුවා උත්කර්ෂයට නැංවීම .ගිය අවුරුද්දටත් වඩා මේ අවුරුද්දේ යුද ජය සැමරීම, රණවිරුවා උත්කර්ෂයට නැන්වෙන්නේ ගෝඨාභය මැතිදුන් බලයට ගෙන ඒමේ වියාපෘතියේ උවමනාව වෙනුවන් .ඊට එරෙහි පිරිසත් මේ මතවාද යුද්දයේම සටන් කරන්නේ ඒ නිසා ..ඒ වගේම යුද විරෝදය .යුද ජය සැමරිය යුතු දෙයක් නොවේ .උතුරේත් දකුණේත් මැරුණේ එකම රටේ මිනිස්සු .දරු දුක ට සිංහල දෙමළ බේදයක් නෑ වගේ මතවාදයක් පුර්ව නිගමන විදිහට ඔළුවට අ...
යුද්දේ තිබ්බ කාලේ බස් වල කොච්චිවලා යන්නේ බයේ ගැහි ගැහි හිටපු එඋන් .දැන් රැඩිකල් කථා කියනවලු. දැන් අපි නිදහස්ලු. මරණ බය නැහැල්ලු. හැමදේම අමතකයිලු. කාලකන්ණි හැත්තලු, අවජතකයෝලු .හරි අපිට සේරම මතකයි .යුද ජයත් හොදයි කියමු මරණ බයත් නෑ කියමු .දැන් අපිට මොනවාද මේ අය කරන්න කියන්නේ .රාජපක්ෂවරුන්ට ආපහු චන්දය දෙන්න කියලද.එහෙම කලාම හරිද . මට තේරෙන්නේ නෑ .ගන්න පුළුවන් හැම ආතල් එකක්ම අරගෙන එකපාරට රණවිරුවයි යුද්දෙයි අල්ලාගෙන චුන් වෙනවා .ඊට පස්සේ අතාරිනවා . ආපහු අල්ලගෙන වටේට බනිනවා .කළගුණ මතක නෑ .ඔබ නිසයි අපි අද නිදහසේ ඉන්නේ .ඔබට නය ගැතී විරුවනානේ .මොකටද මේ .. නිකමට හිතන්න ........කාවෙනුවෙන්ද මේ දෘෂ්ටිවාදය වැඩ කරන්නේ රණවිරුවා වෙනුවෙන්ද මෙතැනදී රණවිරු සාදකය කැත විදිහට පාවිච්චි වෙනවා .....දැනුවත්ව හරි නොදැනුවත්ව හරි වෙන්නේ ඔය දේ ...

හීනයක් ඇතුලේ දී මහින්ද මහත්තයට දුටුගැමුණු රජතුමා හමු උනේය .

හීනයක් ඇතුලේ දී මහින්ද මහත්තයට දුටුගැමුණු රජතුමා හමු උනේය . මහින්ද මහරජතුමනි යුද්දයක් ජයග්ග්‍රහණය කලපසු දිනපු යුද්දය අතහැරිය යුතුයි නමුත් ඔබ තුමාත් ගෝලබාලයනුත් තාම යුද්දය අල්ලාගෙන මොකද ඒ යුද්දය කෙලෙසකනම් අතහරින්නද දුටු ගැමුණු මහා රජ. ජනයා මට මෙතරම් ප්‍රිය උයේ යුදජය නිසාය. ඒ නිසා ජනයා මාත් යුදජයත් අතහැරීමට සුදානම් නැත තොපලාගේ ප්‍රදාන සතුරා වූ ප්‍රභාකරනුත් උගේ යුදබටයනුත් මරාදමා කිරිබත් කා ජයපැන් බි එම කාර්ය අවසන් කලා නොවෙද අවසන් කලෙමි එහෙත් වසරක් පාසා ඒ ජය අප විසින් සැමරිය යුතුය මරා දැමු ප්‍රභාකරන් නැවත නැවත මැරිය යුතුය .  තොපගේ ජනයා ප්‍රභාකරන්ගේ හා ඔහුගේ අනුගාමිකයන්ගේ කුණු උ මළ ශරීර තවමත් මලපෙරේතයන් සේ බුදිමින් සිටින්නේ මන්ද. උන් මළකුණු වලට ආශා කරණ ගෙවලයෝද පෙරේතයෝද . දේශප්‍රේමින්ට අපහාස නොකරන්න දුටුගැමුණු රජ. දේශප්‍රේමිගේ ආතල් නොකඩන්න. තොපගේ දේශපාලනය නම් පුදුම සහගතය යුදජයෙන් පසුව තොප කල යුතුව තිබුනේ පරාජිතයා දිනා ගැනීමේ සටනයි. නමුත් තොප කලේ දිනාගත් ජයග්ග්‍රාහකයා තව දුරටත් දිනාගෙන දේශපාලන බලය තහවුරු කර ගැනීමට උත්සාහ දැරීමයි . ඔබතුමා එළාර රජතුමාට කලපරිද්දෙන් මා ප්‍රභාකර...
ගොඩ නැගෙන හැම මනුෂ්‍ය සම්බන්දයක් ම ගොඩනගලා තියන මනුෂ්‍ය සම්බන්දකම් වල ආකෘති ඇතුළට වැටෙනවා . ආකෘති ඇතුලේ මනුෂ්‍ය සම්බන්දකම් ඇතිවෙනවද ගොඩනැගෙන මනුෂ්‍ය සම්බන්දකම් ආකෘති ඇතුළට දානවද කියන එක .කිකිළිද බිත්තරේද වගේ ප්‍රශ්ණයක් ....එක ගැනියෙක් එක පිරිමියෙක් ගේ සම්බන්දයකට ප්‍රේමය කියනවා .ඔය ප්‍රේමය උත්කෘෂ්ටයි පරමයි පිවිතුරුයි කියන්න ඕනේ තරම් සංකල්ප වචන සාහිත්‍ය තියනවා .සිදුහත් යසෝදරා සම්බන්දයත් අන්න ඒ වගේ කථාවක් සාහිත්‍යක් .මිනිස්සු ඒවට ආසයි .සිදුහත් ගිහි ගෙයින් ගියාට පස්සේ  යසෝදරා වෙනත් පුරුෂයෙක් සමග සම්බන්දය තිබුණා කියලා හිතන්නවත් අපි කැමති නෑ.මොකද අර වගේ පරම පිවිතුරු සම්බන්දකම් ඇත්තට නැති නිසා ඇත්තට තියනවා කියලා බොරුවට හිතන්න අපි කැමතියි ........ජිවිතේ කියන්නෙම ඇත්තට නැති දේවල් ඇත්තට තියනවා කියලා බොරුවට හිතන්න කැමති වීම .ඇත්තට තියනවා කියලා බොරුවට හිතාගෙන ජීවත් වීම .එක වෙලාවකට මට මේ ඇක්ට් එක දරා ගන්න බැරි තරම් අමාරුයි ..මිනිස්සු කොහොමද අප්පා මේ තරම් බොරුවක් ඇත්තයි කියලා හිතාගෙන බොරුවට ජීවත් වෙන්නේ

අපි හැමෝම දර්ශනකාමයෙන් පෙලෙන්නෝ

බර්ත් ඩේ පාටියකට ගැහැනුන් ඇදගෙන ආපු ඇදුම් ගැන ලොකු කථාවක් යන නිසා නිකමට වගේ මේක ලියන්න හිතුනා .අපි බොහෝ දෙනෙක් මේ ගැහැණුන්ගේ අඩ නිරුවත දකින්නේ කැමරාව හරහා ගත්ත ෆ්ටොස් වලින් වීඩියෝ වලින් .ඒ නිසා මේ ආශ්වාද ජනක ස්ත්‍රී අඩ නිරුවත සූම් කර කර නැවත නැවත බලන්න පුළුවන් .බොහෝ දෙනෙක් මේ ස්ත්‍රීන්ගේ අඩ නිරුවත බලන්නේ හොරෙන්.එතන හිටපු පිරිමි ඇරෙන්න අනිත් සේරම කැමරාව හරහා ආපු ෆ්ටොස් වීඩියෝ බල බල අදහස් එකතු කරණ කට්ටිය .අපි හැමෝම දර්ශනකාමයෙන් පෙලෙන්නෝ .ඉස්සර ගගේ, පින් ලිදේ, දියරෙදි ඇදගෙන නාන ගැණු දිහා බලාගෙන හිටපු එහෙම බලන්න ආස උණු පිරිමියාට දැන් ඒ කාර්ය කැමරාව කරලා දෙනවා .මේ දර්ශනකාමයට කැමරාව උදවු කරනවා .මේ ගැණු ටික දිහා බලබල ආශ්වාදයක් විදින ගමන් බොරුවට බනිනවා .මේ ගෑනුන්ගේ ඇදුම් වලට බනින හැම පිරිමියම පට්ට කුහක මුඩුමයෙක් වෙන්නේ උ ඇත්තටම ගැණු නිරුවත අඩ නිරුවත බලන්න කැමති නිසා .සංස්කෘතිය කියන්නෙම අපේ ඇත්ත කැමැත්ත වාරණය කිරීම .අපේ ඊනියා සංස්කෘතිය අනුව හොද මිනිහෙක් කියලා සමාජයට පෙන්නන්නනම් ගැණු අඩ නිරුවතට විරුද්ද වෙන්න ඕනේ ..අර රෙදි යාර දෙක දීපු මැතිනිගේ කාලේ ගැණු කොහොමද කොටට ඇන්ද හැටි .ඒ කාලෙත් හාමුදුරුවර...
රොහින්‍ය සරණාගතයෝ එකසත් ජාතීන් ගේ සංවිදානය යටතේ ඉන්නේ කියලා කිඋවාම .එකසත් ජාතීන් ගේ සංවිදානයත් isis සංවිදානය වගේ එකක් කියලා හිතන චන්ඩිත් ඔය ගේ වටකරගෙන හිටියා .ඇතැම් අයට මේ සිදුඋන දේ ගැන නිවැරදි අවබෝදයක් නෑ .පුර්ව නිගමන හිස මත තබාගෙන ඒවා ඔප්පු කරන්න සාදක හොයනකොට ඒවා හම්බ වීම යථා තත්වය අවබෝද කර ගැනීමට ප්‍රමාණවත් නෑ .මුස්ලිම් ප්‍රජාව අහිංසකයි කිසිම ජාතිවාදී අදහසක් නෑ අන්තවාදී අදහසක් නෑ කියන පුර්ව නිගමනය මම ඔලුවේ තියාගෙන එය ඔප්පු කිරීමට සාදක හෙඋවොත් සාදක ලැබෙනවා .මුස්ලිම් ප් ‍රජාව ජාතිවාදී ආගම්වාදී. අන්තවාදී .කියන පුර්ව නිගමනය ඔලුවේ තියාගෙන එය ඔප්පු කිරීමට සාදක හෙඋවොත් එත් සාදක හම්බ වෙනවා .පුර්ව නිගමන ඔප්පුකිරීම වෙනුවෙන් ගොඩනගන තර්ක වලින් යමක් පිළිබද අවබෝදය ලබා ගැනීම අපහසුයි .මගේ හිස මත තිබෙන පුර්ව නිගමනය තමයි මනුෂ්‍ය ප්‍රජාවක් විදිහට සියලු ජාතීන්ට අයත් මිනිස්සු මනුස්සකමින් යුතුව සමගියෙන් ජීවත් විය යුතු සමාජයක් නිර්මාණය කරගැනීම . ආගමකට හෝ ජාතියකට මේ සහජීවනය ගොඩනගන්න බෑ .ආගම හෝ ජාතිය මුලට ගත්ත ගමන් එතන අවුලක් නිර්මාණය වෙනවා .සියලු ආගම් ජාතින් කරේ තියාගෙන ඉන්න මිනිස්සු පොදු රාමුවකට ගන්න රාජ්...
මේ රෝහින්‍ය මුස්ලිම් කුඩා දරුවන් අනාගතයේ ලොකු මහත් වී මගේ පුතා ඇතුළු සිංහල දරුවන්ගේ බෙලි කැපීමට නියමිත නිසා මේ කිරි සප්පයින්ට අනුකම්පා කිරීමෙන් වලකින්න .වයිර කරන්න, හැකි ඉක්මනින් රටින් පන්නා දමන සටනට එකතු වන්න. මේ දිනවල මට ලැබෙන උපදෙස් .මම මාර විදිහට උත්සාහ කලා. මේ දරුවන්ට වයිර කරන්න බැරි උනානේ බන්. මම දැන් තම්බින්ට pu ........දෙන එකෙක්ද ngo වලින් සල්ලි ගන්න එකෙක්ද රටට ජාතියට ආදරේ නැති සක්කිලි බල්ලෙක්ද .කමක්නෑ ඇති වෙනකල් බැනපල්ලා අසරණ උන ඕනෙම මිනිහෙක් ගැන උපදින අනුකම්පාව  මේ බැනිලි නිසා නැති වෙන්නේ නෑ බන් ඒක ප්‍රබාකරන්ගේ පාලනයේ ඉදලා රජයේ හමුදා යටතට ආපු දෙමළ මිනිහටත් එකයි මුස්ලිම් මිනිහටත් එකයි .සිංහල මිනිහටත් එකයි .කොටි සිහල ගම වලට පැනල ළමයි, මිනිස්සු මරනකොට ඒවා විමුක්ති සටනේ හැටි කියලා නිර්දෝෂී කලේ නෑ බන් ............ .මේ පොලිස් කාන්තාව තුළ තියන මානුෂික ලෙන්ගතුකම පන්සල කරේ තියාගෙන ඉන්න අපේ ඇතැම් සිංහල මවුවරු තුළ නැත්තේ ඇයි .කියලා මම දන්නේ ...නෑ ....... ......
මා එක් දෙයක් තේරුම් ගතිමි .ඒ ප්‍රගතිශීලි මිනිසුන් තුල පවා දැඩි මුස්ලිම් විරෝ දයක් පවතින බවයි .මා මිතුරු සම්පත් අපුරු කතාවක් කීවේය .ඔය රොහින්‍ය මුස්ලිම් අය නතරවෙලා හිටපු ගේ වටකරලා පහර දීලා කලබල කරපු වැඩේ රොහින්‍ය මුස්ලිම් කට්ටිය සල්ලි දීලා කර ගත්ත වැඩක්ද දන්නේ නෑ .මොකද මේ වැඩෙන් ඒ මිනිස්සු කැනඩාවට ගන්න වැඩේ ඉක්මන් වෙනවා .මේ සරණාගතයෝ ලංකාවේ නාවික හමුදාවේ අත්අඩංගුවට පත්වීමේ සිට කැනඩාවේ පදිංචියට යාම දක්කවා සැලසුම් සහගත වැඩ පිළිවෙලක් තියනවා කියලයි සම්පත් කිඋවේ .ඒක ඇත්තනම් අපේ ද ේශප්‍රේමී සහෝදරවරු කරලා තියෙන්නේ රොහින්‍ය මුස්ලිම් කට්ටියට උදවූවක් .............කැනඩාවේ ස්ථිර පදිංචියට අවස්ථාවක් ලැබුනොත් එහෙ යන්න බෑ ලංකාව හොදයි කියලා රොහින්‍ය මුස්ලිම් වරු ලංකාවේ නතර වෙනවද .අඩු තරමේ රට ජාතිය වෙනුවෙන් පන දෙන්න කතා කරණ සිංහල ජාතිය වෙනුවෙන් මැරෙන්න කතා කරණ ඔය අයියලාට කැනඩාවේ ස්ථිර පදිංචියට අවස්ථාවක් ලැබුනොත් නොයා ඉන්නවද . තොරතුරු හරියට නොදැනීම .තොරතුරු විකුර්ති කර .තමන්ගේ ජාතිවාදී මත සනාථ කරගන්න ඒවා බාවිතා කිරීම .හොදට පෙනුන අවස්ථාවක් ........... රාජ්‍ය නීතිය හා එය ක්‍රියාත්මක වීමේ දුර්වලතාවය.නිසා මිනි...
රෝහින්‍ය මුස්ලිම් ජාතිකයෝ පොලිස් ජීප් වල පටවගෙන යනකොට මම බැලුවේ වඩාගෙන හිටපු පුංචි දරුවන්ගේ මුණු දිහා..........මේරට මුස්ලිම් අය යටත් කර ගනීද, සිංහලයෝ සුළු ජාතිය වෙයිද ......මට ඔය කිසි දෙයක් හිතුනේ නෑ අර දරුවෝ ගැන ඒ මිනිස්සු ගැන විශාල දුකක් තමා හිතේ ඇති උනේ . .ඒ පුංචි දරුවෝ ඔය කිසි දෙයක් දන්නේ නෑ .වතුරට වැටුණ කුබියත් ඇගිල්ලෙන් අරගෙන ගොඩින් තියන්න කියලයි දහම් පාසලෙන් පන්සලෙන් අපිට ඉගෙන්නුවේ ...........මේ රෝහින්‍ය මුස්ලිම් ජාතිකයෝ අර පොඩි දරුවෝ එක්ක මහ මුහුදේ අතරම ං වෙලා ඉන්නකොට නාවික හමුදාවෙන් බේරගෙන ගේනවා.මේ මිනිස්සු අර පොඩි දරුවෝ එක්ක මහ මුහුදේ ගිලිලා මැරිලා ගියානම් හොදයි කියලා හිතවන්න ජාතිවාදයට පුළුවන් කියලා මම දන්නවා .කොටි සිංහල දරුවෝ පෙති ගහනකොට ඔය අනුකම්පාව කොහෙද තිබ්බේ කියලා අහන්න එපා. සියලු මනුෂ්‍යන්ගේ දුක ඉදිරියේ සංවේදී වීම .එම මනුෂයන්ට පිහිට වීම තමා මම දන්න බුදු හාමුදුරුවන්ගෙන් ඉගෙන ගත්තේ.අනුකම්පාව,.දුක, ජාතිය අනුව ඇතිකර ගන්න කියලා මම ඉගෙනගෙන නෑ .සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා කියලා කියපු අපිට‍ සිංහල ජාතිය විතරක් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා කිය...

බුදු දහමට අත නොතබනු... සිල්රෙදි වීරයෝ නිදහස් කරනු

  “ලලිත් මහත්තයා උඹට දීපු සිල්රෙද්ද ගනින් මෙහාට...   කියා පිංහාමි කෑගසන විට, “ඔහේට පිස්සුද? මට ඔය මොන මහත්තයෙක්වත් සිල්රෙදි අරන් දීලා නෑ යකෝ... මෙච්චර කල් එකට ජීවත් වෙලා කොහෙද යන මිනිස්සු මට ජෝඩු කරන්නේ... මේ අහගන්නවා අපි හොඳ වැදගත් පවුල්වල වැදගත් විදිහට හැදිච්ච ගෑනු... සිල්රෙද්දට මාව රවට්ටන්න බෑ හරිද?* කියා හාමිනේ පිංහාමිට බණින විට,   “මේ මොනවද මේ කියන්නේ... මම ඇහුවේ ලලිත් මහත්තයයි, අනූෂ මහත්තයයි උඹට දීපු සිල්රෙද්ද කෝ කියලා...   “ඒ පාර මේ මිනිහා අනූෂ කියලා තව මිනිහෙක් ජෝඩු කළා... ඔහේට නම් හොඳක් වෙන්නේ නෑ... ඔය කටට හෙණ ගහනවා. පතිවත රැකගෙන ඉන්න මට ලලිත්ලා... අනූෂලා ජෝඩු කරනවට* කියා හාමිනේ ඇඬුවාය. “දැන් එතකොට ලලිත් මහත්තයයි, අනූෂ මහත්තයයි දීපු සිල්රෙද්ද උඹ ළඟ නෑ...?   “අනේ මම ඕනේ තැනක දිවුරන්නම් ඔය කියන මහත්තුරු මට සිල්රෙද්දක් තායා සත දහයේ සීනි බෝලයක්වත් අරගෙන දීලා නෑ... හැබැයි අපේ මහින්ද මහත්තයා ඡන්දෙ කාලේ දීපු සිල්රෙද්දක් නම් තියෙනවා... පිට මිනිහෙක්ගෙන් කියලා හම්බ වෙච්ච එකම රෙද්ද ඕක තමයි මහත්තයා* කියා හාමිනේ බැගෑපත් වෙමින් කියන විට, “ආන්න ඒ රෙද්ද ගැ...

ආ... මේ ප්‍රභාකරන් භූතයා නේද? මොනවද කල්පනා කරන්නේ.

ප්‍රභාකරන් භූතයෙක් ලෙස ඉපිද කිරිබත්ගොඩ නගරයේ ලයිට් කණුවක් යටට වී කල්පනා කරමින් සිටියේය. මිනිස් ඇසට භූතයන් නොපෙනුනද ගොන් ඇසට භූතයන් පෙනෙන නිසා පිංගොනා ප්‍රභාකරන් භූතයාව දුටුවේය. “ආ... මේ ප්‍රභාකරන් භූතයා නේද? මොනවද කල්පනා කරන්නේ... මැරුණයි කියල තාම හිතාගන්න බැරිද? කවුද හිතුවෙ ඔහොම මැරෙයි කියල නේද?* කියා පිංගොනා අසන විට, “කොච්චර හිතාගන්න අමාරු උනත් මම මැරිච්ච විදිහ මට හිතාගන්න පුළුවන්... මට මේ හිතාගන්න බැරි මෙච්චර මේ අවුල් තියාගෙන මුන් කොහොමද මේ යුද්ධෙ දින්නෙ කියලා... යුද්ධෙ කරපු එවුන් එකාට එකා කපා ගන්නවා, පළි ගන්නවා.. යකෝ මේ තරම් ගේම්කාරයො ටිකක් එකතුවෙලානේ මාවත් මරල අපේ සංවිධානය විනාශ කළේ..  කියා ප්‍රභාකරන් භූතයා හීල්ලුවේය. “ප්‍රභාකරන් භූත උන්නැහේට හොඳට සිංහල කතා කරන්න පුළුවන්නේ... කොහොමද ඉගෙන ගත්තේ?  කියා පිංගොනා ඇසුවේය. “මැරිච්ච දවසේ ඉඳන් මම ඉන්නෙ උතුරෙ නෙමෙයි දකුණේ... භූත මට වැඩිපුරම චූන් දෙන්නෙ දකුණෙ ඉන්න එවුන්... අදත් මට මාර චූන් එකක් කිරිබත්ගොඩින් හම්බ වුණා..* කියා ප්‍රභාකරන් භූතයා හිනා වුණේය. “මොකක්ද කිරිබත්ගොඩින් ගත්ත චූන් එක?  කියා පිංගොනා ඇසුවේය. ...

සුදු රෙදි හොරා

රාජ්‍ය සතු මුදල්, දේපළ හොරා කෑ ඕනෑම පුද්ගලයෙකුට දඩුවම් දෙනවිට ඒ හොරකම පිළිබද සාපේක්ෂව සිතමින්, හොරකමේ ලොකු පොඩි ප්‍රමාණ ගැන හිතමින්, හොරකමේ පාට පක්ෂ ගැන හිතමින්, හොරකම ජාතියට ආගමට දේශප්‍රේමයට මුවා කරමින් තර්ක කරන්නේ තමන් කැමති හොරා නිර්දෝෂී කරගෙන අකමැති හොරා හිර ගෙදරට යැවීම සදහායි.මේ කාලයේ ජනතාවට කැමති හොරු හා අකමැති හොරු යනුවෙන්හොරු දෙවර්ගයක් සිටී. කැමති හොරකම් හා අකමැති හොරකම් යනුවෙන් හොරකම් දෙවර්ගයක්ද තිබේ .හොර කමට විරුද්ද වීම පිළිබද පොදු සදාචාරවාදී සමාජීය අදහස දේශපාලකයන් සම්බන්දයෙන් පොදු ජනයාට නැත .සිල් රෙදි හොරුන්ට දඩුවම් දෙන විට මහ බැංකු හොරු මතක් කරන්නේ සිල් රෙදි හොරු නිර්දෝෂී කරන්නටය .අපිටනම් දෙගොල්ලොම හොරුය .හැම හොරටම දඩුවම් ලැබෙනවාට අපි නම් කැමතිය

රෙද්දක් ඇඳගෙන මෛත්‍රී මහත්තයාට පුළුවන්ද මහින්ද මහත්තයා එක්ක එකට හිටගන්න

පිංගොනා පිංහාමි නිදාගෙන සිටින කාමරය අසලට පැමිණ අංදෙකෙන් ජනෙල් පියනට ඇනගෙන ඇනගෙන ගියේය. “මොන ගොනාද යකෝ මේ උදේ පාන්දර ජනේලෙට ගහන හරකා  කියා පිංහාමි කුණුහරුප වැලක්ද කියමින් ජනේලය ඇරියේය. “මම ගොනා තමයි මහත්තයා  කියා පිංගොනා චුරුචුරු ගා මුත්‍රා කළේය. “මොකෝ බං මේ උදේ පාන්දර...? “මහත්තයා නිදහස් පක්‍ෂයේ සංවත්සරයට යන්නේ නැද්ද? “මහින්ද මහත්තයා එනවද?  කියා පිංහාමි ඇසුවේය. “මම ඉතිං ගොනෙක් නේ මහත්තයා... මහින්ද මහත්තයා එනවාද නැද්ද කියලා මට කියයිද?* කියා පිංගොනා ගොම්බෙට්ටක් දැම්මේය. “හරි... දැන් උඹ යනවාද?* කියා පිංහාමි ඇසුවේය. “ගොන්නු ඉතිං හැම එකකටම යනවනේ...* කියා පොඩි පුතා මිදුලේ සිට කීවේය. “නෑ... නෑ... අපි ජේ.වී.පී. කාරයන්ගේ ඒවට යන්නේ නෑ... මොකද රතුපාට දැක්කම අපි ඔටෝ කුලප්පු වෙනවා* කියා පිංගොනා කීවේය. “නිල්පාට, කොළපාට දැක්කම කුලප්පු වෙන්නේ නැද්ද?* කියා පොඩි පුතා අසන විට, “ඒ පාට දෙක නම් අප්සට් එකක් නෑ...* කියා පිංගොනා කීවේය. “මට නම් පිංගොනෝ මෛත්‍රී මහත්තයාගේ රැස්වීම්වලට රෙද්දක් ඇඳගෙන යන්න බෑ... අපි මහින්ද මහත්තයාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී හිටපු මිනිස්සුනේ බං......

“ ඇමෙරිකාවට හරි රැසියාවට හරි , ප්‍රංශෙට හරි ක්‍රිකට් ටීම් එකක් හදාගෙන එන්න කියපන් අපේ කොල්ලෝ දුවන්න ගහන්නේ

 “අපේ ක්‍රිකට් වෙනුවෙන් මාත් මොනවහරි කළා කියල දැන් මට සන්තෝස වෙන්න පුළුවන් බං  කියා පිංහාමි කියන විට “උඹ මොනවද ක්‍රිකට්වලට කළේ   කියා ගෙයිහාමි ඇසුවේය. “වතුර බෝතල් තුනකින් පිට්ටනියට දමල ගැහුවා.... කෝලි කුට්ටුවාට හූවක් කියල ඇදයක් ඇල්ලුවා... අපිත් මොනවා හරි අපේ ක්‍රිකට් වෙනුවෙන් කරන්න එපැයි බං..  කියා පිංහාමි කීවේය. “දැන් උඹල වතුර බෝතල් පිට්ටනියට දමල ගහලා හූ කිව්වාම ලංකාව මැච් දිනනවද?* කියා ගෙයිහාමි ඇසුවේය. “ලංකාව නෙමෙයි අපේ රට දිනනවද. අපේ කොල්ලෝ දිනනවද. අපේ සිංහ පෝතකයෝ දිනනවද කියලා අහපන්...* කියා පිංහාමි කීවේය. “මට උඹලට වගේ දේශප්‍රේමී ගොන් චූන් නෑනේ...ඔය සිංහ පෝතක කතා , අපේ කොල්ලොන්ගේ කතා ඕනේ වෙන්නේ ක්‍රිකට් ගහන ක්‍රීඩකයන්ට නෙමෙයි උඹලට.... ක්‍රිකට් ක්‍රීඩකයෝ රස්සාවට ක්‍රිකට් ගහලා, වෙළෙඳ දැන්වීම්වලට පෙනී ඉඳලා, අයි. පී. එල් වෙන්දේසියේ හොඳ ගාණකට විකිණිලා දෙයියනේ කියලා සුපිරි ජීවිතයක් ගත කරගෙන ඉන්නවා. උඹලා අතේ තියෙන තුට්ටු දෙකත් වියදම් කරගෙන මැච් බලන්න ගිහිල්ලා , වතුර බෝතල්වලින් ගහලා ගෙදර ඇවිල්ලා ගොන් චූන් එකෙන් බුදිය ගන්නවා....  කියා ගෙයිහාමි කීවේය. ...

හොරු ඇල්ලීමේ සම්පූර්ණ වගකීම තියෙන්නේ අධිකරණ ඇමතිට විතරද

“තලතා නෝනාට අධිකරණ ඇමතිකම දුන්නේ හොරු අල්ලන්නද? නොඅල්ලා ඉන්නද?  කියා හාමිනේ අසන විට, “හොරු, මිනීමරුවො නොඅල්ලා, ඉන්න ඇමතිවරු පත්කරනවාද?* කියා පොඩි පුතා ඇසුවේය. “මොකද නැත්තේ විජයදාස මහත්තයාව පත්කරලා තිබ්බේ හොරු, මිනීමරුවො නොඅල්ලා ඉන්නනේ...* කියා හාමිනේ කීවාය.   “හොරු අල්ලන්නේ නැතුව අවුරුදු දෙකක්, දෙකහමාරක් ඉන්න පුළුවන්. ඊට පස්සෙනේ රැඩිකල් මන්ත්‍රීලා ෆෝම්වෙලා දඟලලා ඇමතිකමෙන් අයින් කරන්නේ... තලතා නෝනාටත් දෙකක් විතර මොන මොනවා හරි කියකියා ඉන්න පුළුවන්* කියා පිංහාමි කීවේය. “එතකොට යහපාලන ආණ්ඩුවේ පාලන කාලේ ඉවරනේ...* කියා හාමිනේ කියන විට, ‘“ඊට පස්සෙත් වරෙල්ලකෝ හොරු අල්ලන්න ඡන්දෙ දෙන්න කියා ගෙන* කියා පිංහාමි  තුඃ විතරක්  කියා කෙළ ගැහුවේය. “ඔහේ කොහොමත් යහපාලනේට ඡන්දෙ දුන්නේ නෑනේ..  කියා හාමිනේ කියන විට, “මගේ බල්ලවත් යහපාලනේට ඡන්දෙ දෙන්නේ නෑ...* කියා පිංහාමි කියන විට, “බල්ලන්ට කොහොමත් ඡන්දෙ දෙන්න බෑනේ...* කියා හාමිනේ කීවාය. “හොරු අල්ලන්නම ඕනේ නම් ඔය අධිකරණ ඇමතිකම රංජන් මහත්තයාට හරි, ෆොන්සේකා මහත්තයාට හරි, අජිත් පී. පෙරේරා මහත්තයාට හරි දෙන්න එපැයි... ඇය...